Tuesday, April 21, 2009

දුටුගැමුණු

දුටුගැමුණු රජතුමාට බිසෝවරු පන්සියයක් විය. මින් එක බිසවක් හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයේ අමුම අමු ගොඩේ ගැමියෙකු වන යක්දෙස්සෙක් හෙවත් යකදුරෙක් හෙවත් මන්ත්‍රාචාර්යවරයෙක්ගේ බාලම දියණිය වූ උත්පලවණ්නා කුමාරිකාවයි. මෙම කුමරිය ගැන කුඩා කල පටන්ම බලාපොරොත්තු තබා‍ගෙන සිටි සෙල්වා නම් දෙමළ සම්භවයක් සහිත තරුණයෙක් දුටුගැමුණු රජතුමා විසින් උත්පලවණ්ණා කුමරිය අංතඃපුරයට රැගෙන යෑමෙන් පසු ඇය කෙරෙහි බැඳි දැඩි සෙනෙහසින් හා උපන් මෝඩකමින් සැහැසිව, වල් වැදී, මැර හොර දෙටුවෙක් විය. මෙම හොරදෙටුවා දැඩි කෝපයෙන් ගම් බිම් වනසමින්, මං පහරමින්, සෙල්ලිපි රචකයින්ට පහරදෙමින්, තරුණියන් දූෂණය කරමින්, ගංජා කසිප්පු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින්, එසේ උපයා ගන්නා මුදල් දූ කෙළියට වියදම් කරමින් පලාත භීතියට පත් කළේය.මෙම මැරයා පිළිබඳව දුටුගැමුණු රජතුමාට සැලවිය. එතුමා සිය දශ මහා යෝධයින්ගෙන් පළමුවැනියා වන, කුඩා කළ මිරිස් ගලක් බඩේ බැඳගෙන කුඹුරට ඇදගෙන ගිය නන්දිමිත්‍රයෝ කැඳවා, මේ සෙල්වා නම් සාහසිකයා මෙල්ල කර වාසලට කුදලාගෙන එන ලෙස අණවා පිටත් කර යැවීය.දෛවයේ සරදමකට මෙන් දුටුගැමුණු රජතුමා එදින රාත්‍රිය තමා සමග සයනය කිරීමට තෝරාගත්තී උත්පලවණ්ණා කුමාරිකාවයි. සම්භෝගය සඳහා යහනට වන් දුටුගැමුණු මහ රජතුමා, සෑම රජ කෙනෙකු මෙන්ම සිය රාජකීය රහස් බිසවට හෙළි කරන්නට විය. ඒ අතර හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයේ ගම් බිම් වනසමින්, මං පහරමින්, සෙල්ලිපි රචකයින්ට පහරදෙමින්, තරුණියන් දූෂණය කරමින්, ගංජා කසිප්පු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින්, එසේ උපයා ගන්නා මුදල් දූ කෙළියට වියදම් කරමින් පලාත භීතියට පත් කරමින් සැරිසරන සෙල්වා නමින් ප්‍රචලිත් හොර දෙටුවෙක් මෙල්ල කිරීමට නන්දිමිත්‍ර යැවූ පුවතද ඇතුළත් විය.මේ සෙල්වා අන් කෙනෙකු නොව එකල තමාට පෙම් බැඳි, තමාද ලාවට පෙම් බැඳි, අද තමාට බැඳි ප්‍රේමය නිසාම භයාණක මෘගයෙකු මෙන් හැසිරෙන්නේ පිය පාර්ශවයෙන් සිය නැන්දණියගේ පුත්‍රයෙකු හෙවත් තමාගේ මස්සිනා වන සෙල්වා බව ඇය ඉඳුරාම පසක් කර ගත්තාය.අංතඃපුරයේ රකවලා වන නපුංසකයාට අල්ලසක් දුන් උත්පලවණ්ණා කුමරිය එක්තරා වේශයකින් මාලිගාවෙන් නික්මී දුම්මැස්ස ග්‍රාමයට ආවාය. බියපත් ගැමියන්ගෙන් ලත් තොරතුරු ඔස්සේ සෙල්වා සොයා ගිය ඇය, මහවාසලින් නන්දිමිත්‍ර සෙනෙවි ඔහු ජීවග්‍රහයෙන් ගැනීමට පැමිණෙන බව ඔහුට සැල කළාය.නන්දිමිත්‍රගේ නම ඇසූ පමණින් සෙල්වාට වමනය හා පාචනය වැළඳුනි. මහ ගිරි දුර්ගය හුදකලාව පැමිණි රූබර උත්පලවණ්ණා දැක සිඹ සනසා ආලිංගනයෙහි යෙදීමට වත් සිහිය එළවාගත නොහැකි වූ සෙල්වාට දහදිය හා සුළුදිය පිටවන්නට විය. ඔහුගේ අනුකම්පාව උපදවන විලාශය දුටු උත්පලවණ්නා කුමරිය ඔහුගේ දිවි රැක ගැනුමට එක්තරා උපායක් යෝජනා කළාය. උපාය ක්‍රියාත්මක විය යුතු ආකාරය රහසිගතව සෙල්වාට ඉගැන්වූ ඇය මෙසේද කීවාය.නන්දිමිත්‍ර ශ්‍රේෂ්ඨ සටන් ශිල්පියෙක්. ඔහු සටනකින් තොරව කිසිවෙකුත් නොමරයි. ඔබ මුණ ගැසුනු ඔහු තා සටනට කැඳවනු ඇත. එකළ ඔබ මා කියාදුන් උපාය අනුව, නපුංසකයෙකුගේ ඉරියව් විදහා පාමින්, තමා නපුංසකයෙකු බව නොබියව කියව. එපමණක් නොව, හැකිනම් ඔහුගේ උත්තුංග ශරීරය තා ඇළුම් කරන බවක්ද දක්වා ඇඟෑළුම්කම් පා පෙන්වවෟ යැයි ප්‍රකාශ කළාය. අනතුරුව උත්පලවණ්ණා කුමරිය මහා වනාන්තරයට හුදකලාව පැමිණ, චණ්ඩ යැයි සම්මත මිනිසෙකුටත් අභිමුවව, හිටියාටත් වඩා නිරුපද්‍රිතව ආපසු රජ මාලිගයට සැපත් වූවාය. නන්දිමිත්‍රයෝද හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයට පැමිණ එහි ගම් බිම් වනසමින්, මං පහරමින්, සෙල්ලිපි රචකයින්ට පහරදෙමින්, තරුණියන් දූෂණය කරමින්, ගංජා කසිප්පු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින්, එසේ උපයා ගන්නා මුදල් දූ කෙළියට වියදම් කරමින් පලාත භීතියට පත් කරමින් සැරිසරන සෙල්වා නමින් ප්‍රචලිත හොර දෙටුවෙක් මෙල්ල කිරීමට තමා පැමිණි බව දක්වා දැන් ඒ හොරු කොද වේ දැයි මිනිසුන්ගෙන් විමසූහ.මිනිසුන් ද බියෙන් චකිතයෙන් යුක්තව ම පෙන්වූහ. නන්දිමිත්‍රයෝ ඒ සලකුණෙන් හොරා සිටින ඉසව්වට පැමිණියේය. නන්දිමිත්‍රගේ පැමිණීම අපේක්ෂාවෙන් බියෙන් විපරීතව බලා සිටි සෙල්වා ඔහු දකිත්ම වෙව්ලන්නට විය. ඔහු වෙව්ලන විට ඔහු පිටදී සිටි ගල් පතුර සෙලවිණ. ගල් පතුර සෙලවෙන විට ඊට යාබද කුඩා ගල් කුළ චලනය විය. ගල් කුළ චලනය වන විට ගල් ගුහාව සෑදී තිබුණු ගල් පර්වතය පැද්දින. ගල් පර්වතය පැද්දෙන විට කන්දේ වූ ලොකු කුඩා ගල් වහන්සේලා හා වෘක්ෂ වහන්සේලා නටන්නට වූහ.ආශ්චර්යයක් නන්දිමිත්‍ර යෝධයා ඉදිරිපිට දිස්වූයේ බියෙන් වෙව්ලන කන්දකි. සතුරාගේ තර්ජනයට බියෙන් හැළි වලං පොදි බැඳගෙන, කොට්ට මෙට්ට අකුළාගෙන ඇමරිකාවට පලා ගිය මෙකල පොරක් වී සිටින සෙන්පතියෙකු මෙන් නොව, දහසක් සටන් බිම්වල, සුවහසක් සතුරන්ට මුහුණට මුහුණ ලා සටන් කර පළපුරුදු සෙන්පතියෙකු වන නන්දිමිත්‍රයෝ, සතුරාගේ චලනයෙන්ම ඔහුට වමනය හා පාචනය වැළඳී දහදි හා සුළුදිය පිටවෙන බව වටහා ගත්තේය.එම්මා බියසුල්ල, නොවෙව්ලව. මම තට අභය දෙමි. තා යටත් වෙනවාද සටන් කරනවාද..? නන්දිමිත්‍ර විමසුවේය.සෙල්වා සැඟවී සිටි තැනින් එළියට ආවා නොව එවුනේය. ඒ වන විටත් බියපත් මළ මුත්‍ර වලින් නැහැවී සිටි ඔහුට එරෙහිව සටන් ප්‍රකාශ කරන්නේ නම් සියල්ලටම පෙර ඔහු නාන තෙක් බලා සිටිය යුතු බව නන්දිමිත්‍ර සෙනෙවිට වැටහින.සමාවුව මැන ස්වාමීණි. මම අහිංසක නපුංසකයෙක්මි. මා මැරයෙකු නොවෙමි. මට සමාව හා තනතුරක් දෙන්නේ නම් ඔබ දෙපා නොව, ඔබගේ බිරිඳගේ දෙපා වුව නැමදීම මට අපුල කාර්යයක් නොවේ සෙල්වා කීවේය.නන්දිමිත්‍ර තෙම ඔහුට නා පිරිසිදු වීමට අණවා ඔහු ජීවාග්‍රහයෙන් ගෙන මහව‍ාසලට ගියේය. මහරජතුමා ඔහු පිළිබඳව නඩු විමසීය. උත්පලවණ්ණා කුමරිය උපායකින් මහ රජතුමාගේ සිත ඔහු කෙරෙහි අනුකම්පාව උපදින අයුරින් කටයුතු කළ අතර, සිය සේවා වනිතා සංගමයේ බලපෑමෙන් ඔහු වැනි නපුංසකයන්ට හිමි අංතඃපුරයේ මුරකරු තනතුරකට සෙල්වා පත් කළ බව පාරමිතා පෙරහැරේ වැඩි බයිලා චක්‍රවර්තී හිමිනමක් සෙල්ලිපියක තිබී සොයාගත් බව පොත පතේ සඳහන්ය.ලද අවසරයෙන් ප්‍රයෝජන ගත් සෙල්වා තමාට ජන්මයෙන් උරුම වූ කන්න දුන් අත සපා කන්නාක් මෙන් අවසර ලද සෑම රැයකම උත්පලවණ්ණා කුමරිය සමග ආංලිංගනයෙහි යෙදුනේය.එම රහස් සබඳතාවේ ප්‍රතිඵලයක් ලෙස උත්පලවණ්ණා කුමරිය ගැබ් ගත් අතර, දසකඩ මස ඇවෑමෙන් පින් මඳ පුතෙකු බිහි කළාය. කෙසේ වෙතත්, මෙම පින්මඳ කුමරා දුටු ගැමුණු රජතුමාගේ පුත්‍රයෙකු ලෙස උප්පැන්නය ලියාපදිංචි කිරීමට ඇය සමත් වූ අතර, රජ වාසල සැප විදිමින් රජ කුමරෙකු ලෙසම හැදී වැඩුනේය.මෙම කුමරා වැඩි වියට එළඹි කල සාලිය කුමරාගේ රහස් පණිවුඩ අශෝකමාලාවට ගෙන යෑම නිසා, සාලිය කුමරා සමගම රජ කුළයෙන් නෙරපුවේය. අනතුරුව ඔහු හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයට පැමිණ එහිදී මහ වාසලේ අනුහස් පෙන්වා උපායෙන්, චාටුවෙන් සහ වංචාවෙන් ගම් බිම් වනසමින්, මං පහරමින්, සෙල්ලිපි රචකයින්ට පහරදෙමින්, තරුණියන් දූෂණය කරමින්, ගංජා කසිප්පු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින්, එසේ උපයා ගන්නා මුදල් දූ කෙළියට වියදම් කරමින් පලාත සූරාකමින් ජීවත් වූ බව තවත් සෙල් ලිපියක සඳහන්ය. මෙම පරපුර, පරපුරෙන් පරපුර නොනැසී පැවැතෙමින් අදත් පවතින බව බයිලා චක්‍රවර්තී හිමිපානෝ දෙසති.විසිවන සියවසේ දේශපාලනට පිවිසි එක්තරා භූමිපුත්‍රයෙක් සිය පරම්පරාවේ මෙම ඉතිහාස කථාව සොයා ගත්තේය. එපමණක් නොව, ඒ විශ්මිත සොයා ගැනීමෙන් මුසපත් වූ, ආණ්ඩුවේ එකෙක් ලෙස පෙනී සිටින පුංචි එකාටත් රැවටෙන උපකුළපතිවරුන් පාලනය කරන එක්තරා විශ්ව විද්‍යාලයක් ඔහුට ආචාර්ය පදවියක් පිරිනැමීය.සිය මී මුත්තාගේ නම වන සෙල්වා යන දෙමළ සම්භවයක් සහිත නම සිල්වා ලෙස මොඩ් කර තබා ගත් ඔහු හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයෙන් කොළඹට පැමිණ, එහි ගම් බිම් වනසමින්, මං පහරමින්, මාධ්‍යවේදීන්ට පහරදෙමින් තරුණියන් දූෂණය කරමින් එසේ දූෂණය කිරීමට සිය පුත්‍රයාද පොළඹවමින් ගංජා, කසිප්පු, මත්කුඩු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින් එසේ උපයා ගන්නා මුදල් තමාද දූ කෙළියට වියදම් කරමින් තම පුත්‍රයාද ඊට පොඹවමින් මැද කොළඹින් ඡන්දය ඉල්ලා හොම්බ බිම ඇනගෙන එතකුදු වුවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස්, මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් ඉදිරියේ විලි ලැජ්ජා නැති කථා කියමින්, 109 ක් වූ අමාත්‍යය මණ්ඩලයේ අමාත්‍යවරයෙකුව කාලය ගත කරන්නේ ලූ ඔහු සිතා සිටින්නේ තමා දුටු ගැමුණු පරම්පරාවේ සුජාත මී මුණුපුරෙක් කියාය. දුටු ගැමුණු රජතුමාගේ අංතඃපුර බිසවකට අවජාතක පුතෙක් ඉපදුනු බව ඔහු දන්නේ නැත. ඔහුට චරිත සහතික දෙන බයිලා චක්‍රවර්තී හිමියෝද ඒ බව නොදන්නා සේක.

අපේ ඛනිජ සම්පත අපිට අහිමිවෙන හැඩ

ලංකාවේ පවතින ස්වභාවික සම්පත් අතර ඛනිජ සම්පතට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. මේවන විටත් එම ඛනිජ සම්පත බහුජාතික සමාගම්වලට පැවරීමේ සූදානමක් පිළිබඳව ඛනිජ සම්පත් සුරැකීමේ ජනතා ව්‍යාපාරය අනතුරු අඟවා ඇත. එහි නවතම තොරතුරු දැන ගැනීමට අපි එම සංවිධානයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා හමු වුණෙමු. මේ ඔහු හා අප අතර පැවැති සංවාදයේ සටහනයි.ලංකාටෘෘත්¦ ඛනිජ සම්පත් සුරැකීමේ ජනතා ව්‍යාපාරය ආරම්භ කිරීමට හේතු වූ කරුණු සඳහන් කරමින්ම අපේ සාකච්ඡාව ආරම්භ කරමු. මෙවැනි සංවිධානයක් ඇරැඹිමට ඔඹ පෙළඹුණේ කුමන හේතු නිසාද?අපේ රට සංවර්ධනය කිරීම පිළිබඳව, අපේ රට ගොඩනගාගැනීම පිළිබඳව අපි හැම කෙනෙකුටම සිහිනයක් තිබුණා. ඉතින් එA හින්දා රට සංවර්ධනය කරගැනිමේ දී, ඕනම රටක සංවර්ධන කි්‍රයාවලියේ දී අතිශයින්ම වැදගත් වෙන කාරණා කිහිපයක් තියනවා. එA අතරින් මානව සම්පත ඒ කියන්නේ ශ්‍රම බලකාය පළමුවෙන්ම වැදගත් වෙනවා, ඊලඟට එA රටේ තියන ස්වභාවිකව ලැබුණ දායාදයන් වන ස්වාභාවික සම්පත් අපිට වැදගත් වෙනවා. එA අනුව අපිට පැහැදිිලි වෙන කාරණය තමයි, 1990න්් පස්සේ ඉඳලා අපේ රෙටි තිබුණ ස්වභාවික සම්පත් පිළිබඳව සහ එAවයේ අයිතිය පිළිබඳව වෙනස් අභියෝගයක් ඇතිවී තිඛෙනවා. විශේෂයෙන්ම විදේශීය වශයෙන් දේශපාලන මැදිහත්වීම් සහ ආර්ථීක මැදිහත්වීම් ක්‍රමානූකූලව වැඩි වෙලා තියනවා. ඒකේ ආරම්භක දේ තමයි, පොස්පේට් නිධිය මැක්මොරන් නමි බහුජාතික සමාගමට විකුණන්න ගත්ත උත්සාහය. විශේෂයෙන්ම එවකට පැවතුන රජය දේශපාලන වශයෙන් පරාජයට පත්වෙන්නත් ෙමි කාරණය යමි තරමකට හේතු සාධක වුණා.ඉන් පස්සෙත් අපේ රෙටි තියන ස්වභාවික සම්පත් සම්බන්ධව අපිට ඉතාමත් අවාසි සහගත තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක ප්‍රභලම ස්ථානයකට පැමිණියේ අපේ රටේ තෙල් සොයා ගැනීමත් එක්ක. විද්‍යාත්මකවත් මීට කළින් ඉඳලම අපේ රටේ සාකච්ඡා වුණ කාරණයක් තමයි අපේ රටේ තෙල් තියනව ද නැත්ද කියන කාරණය. නමුත් 2002 - 2003 අවුරුදුවල දී විද්‍යානූකූලව තෙල් සම්පත සොයා ගත්තට පස්සේ අපේ රට පිළිබඳව දේශීය වශයෙන් සහ විශේෂයෙන්ම ජාත්‍යන්තර සමාගම්වල විවිධාකාරයෙන් විශාල උනන්දුවක් ඇති වුණා. ඉතින් එA නිසා මේ තෙල් සොයා ගැනීම අපි කවුරුත් සතුටට පත්වෙන කාරණයක් වුණා. නමුත් තෙල් ගවේෂණය කියන අදියරට එනකොට අපිට තේරුනා එම කටයුත්ත හරියට සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් අපේ රටේ තෙල් ගවේෂණය සිද්ධ වෙද්දි ඇති වුණ ගැටලූ නිසා අපි කල්පනා කළා කොහොම ද මේකට මැදිහත් වෙන්නේ කියලා. එA අනුව තමයි අපි කල්පනා කළේ මේකට දේශපාලන ප්‍රවේශයක් විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා.මේ දේ සම්බන්ධව විද්‍යාත්මකව හදාරන ශ්‍රාස්ත්‍රිය අවබෝධයක් ඇති අය සහ ඛණිජ සම්පත සම්බන්ධව කටයුතු කරන ව්‍යාපාරිකයන් / වෘත්තිකයන් සහ පොදු ජනතාව සම්බන්ධ කරගෙන ඛණිජ සම්පත් සුරැකීම ජාතික අවශ්‍යතාවයක් කියන කාරණය මූලික කරගෙන, ඛනිජ සම්පත් සුරැකීමේ ජනතා ව්‍යාපාරය ආරම්භ කළේ. මේ සංවිධානේ ඉන්නවා දේශපාලන වශයෙන් විවිධ ස්ථාවරවල ඉන්න පිරිසක්. නමුත් මේ හැම කෙනෙක්ගෙම අරමුණ රටේ අනාගතය සහ රට සංවර්ධනය කරන්න ඕන කියන එකලංකාටෘෘත්¦ ඛනිජ සම්පත් සුරැකීමේ ජනතා ව්‍යාපාරය මේවන විට සිදුකොට ඇති ක්‍රියාකාරකම් මොනවාද?අපේ සංවිධානේ මගින් සිදු කරපු ප්‍රධානම කටයුත්තක් වුණේ, තකහනියේ ලබාදෙන්න සූදානම් වුණ, එA වගේම ඉතාම දූෂිතව සහ අක්‍රමවත්ව සිදුවෙන්න ගියපු තෙල් බිම් කට්ටි වෙන්දේසි කටයුත්තට, එරෙහිව කි්‍රයාත්මකවීම. මේ කටයුත්තෙ දී අපි රට තුළ විවිධාකාරයේ උද්ඝෝෂණ, දැනුවත් කිරීම් සිද්ධ කළා. නමුත් ඒ කි්‍රයාමාර්ගය එයට අදාල කරන හොඳම ක්‍රියාකාරකම විදියට නෙමෙයි අපි සළකන්නේ.විශේෂයෙන්ම මේ ඛණිජ තෙල් සම්පත වෙන්දේසි කිරීමේ කටයුත්ත සම්බන්ධව, අපි යෝජනා කරපු පාර්ලිමේන්තුව තුළ සියළුම පක්ෂ නියෝජනය වන පරිදි කමිටුවක් සකස් කළ යුතුයි කියන කාරණය රජය පිළිගත්තා. නමුත්, මේ දේ රජය පැත්තෙන් කි්‍රයාත්මක වුණේ නම් නැහැ. එAත් අපි හිතනවා මේ පිළිගැනීමත් යම්තාක් දුරකට අපි ලබපු ජයග්‍රහණයක් කියලා. ඛණිජ සම්පත් සුරැකීමේ ජනතා ව්‍යාපාරය විදියට අපේ ප්‍රවේශය ඔන්න ඔහොම එකක්.ලංකාටෘෘත්¦ මේ ඛණිජ සම්පත සම්බන්ධ මූලික ගැටලූ සහ ශඛ්‍යතාවයන් මොනවා ද?මම මේ කාරණය ගැන මේ විදියට පටන් ගන්නම්. මේ මෑතක දී ලංකාවේ සේවය කරපු ඉරාන තානාපතිතුමා ලංකාවේ සේවා කාලය නිමා කරලා තමන්ගේ රටට ගියා. මීට අවුරුද්දකට කළින් අපි එතුමා මුණ ගැහුණ අවස්ථාවක දී ඇහුවා, ඇමරිකා එක්සත් ජනපදය ඔබේ රටට විශාල වශයෙන් සම්බාධක පනවල තියනවා, මේ වෙනකොට අවුරුදු 27 ක් තිස්සේ සම්බාධක පනවල ඉන්නේ. විශාල වශයෙන් ජාත්‍යන්තර වශයෙන් බලපෑම් කරනවා. ඉතින් මේ වගේ සම්බාධක තියෙද්දීත්, බලපෑම් කරද්දිත් ඇයි ඔබතුමන්ලා මේ න්‍යෂ්ඨික බලශක්තිය සම්බන්ධව මෙතරම් හැපෙන්නේ කියලා. එතුමා කියපු කාරණය තමයි අපිට අනාගතයට වැට බඳින්න බැහැ. අනාගතය නතර කරන්න අපිට හැකියාවකුත් නැහැ. අයිතියකුත් නැහැ කියලා. එA වගේම එතුමා කියපු අනිත් කාරණය තමයි, න්‍යෂ්ඨික බලය කියන්නේ 2050 න් පස්සේ ලෝකයේ ප්‍රධානම බලශක්තිය වෙන බව. ඉතින් ඔහු කියපු විදියට ඉරානය න්‍යෂ්ඨික බලශක්තිය අත හරිනවා කියන්නේ සවුදි අරාබිය තෙල් අවශ්‍ය නෑ කියනව වගේ කතාවක්. ඉරානය කියන්නේ න්‍යෂ්ඨික තාක්ෂණය විතරක් නෙමෙයි න්‍යෂ්ඨික තාක්ෂණය නිපදවන්න අවශ්‍ය යුරේනියම් කියන ඛණිජය තියන රටක්. ඉතින් මම ඒ උදාහරණය කිව්වේ ඛණිජ සම්පත් කියන දේ රටේ අනාගතය හා සෘජුවම සම්බන්ධ දෙයක් කියන කාරණය පැහැදිලි කරන්න.පහුගිය වකවානුවේ ඉරාකය කුවේටය ආක්‍රමණය කළා කියලා ඇමරිකාව ඉරාකයට පහර දුන්නේ ඉරාකය තෙල් නිපදවන රටක් හින්දා. ඉරාකය එළවළු වගා කරන රටක් නම් කවදාවත්ම එහෙම වෙන්නේ නැහැ. මුළු ලෝකය පුරාවටම ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීම් එA විදියට තමයි තියෙන්නේ. දැන් වර්තමාන ලෝකයේ තියන යුද්ධ තත්ත්වයන් පිළිබඳව සැළකිලිමත් වුණොත් ඛණිජ සම්පත් කියන කාරණය මුල් කරගෙන තමයි, මේ යුදමය වාතාවරණ ඇතිවෙලා තියෙන්නේ. ඛණිජ සඳහා වන ආක්‍රමණ තමයි තියෙන්නේ. ඛණිජ සඳහා වන මැදිහත්වීම් තමයි තියෙන්නේ. ඛණිජ සඳහා වන ගිවිසුම් තමයි තියෙන්නේ. ඛණිජ සඳහා වන උදව්කිරීම් තියෙන්නේ. ජාත්‍යන්තර දේශපාලන මැදිහත්වීම් තියෙන්නේ මේ ඛණිජ සම්පත මූලික කරගෙන.බලවත් සියලූම ජාතීන්ගේ විදේශ ප්‍රතිපත්ති ගත්තට පස්සේ මූලිකම කාරණය තමයි ඛණිජ සම්පත් කියන කාරණය. සෝවියට් දේශය බිඳවැටුණට පස්සේ ඇමරිකා එක්සත් ජනපදය පනතක් සම්මත කළා සේද මාවත පනත කියලා. මේ පනතට අනුව මධ්‍යම ආසියාවේ තියන තෙල් සම්පත ඇමරිකාව ලබාගන්නවා. හුවමාරු ක්‍රමය යටතේ. ඇමරිකාවෙන් ලබාදෙනවා, යුද්ධය පවතින රටවලට යුද ආධාර. මේ සරළ උදාහරණයක්.ඉතින් ලංකාව ගත්තොත් ගොඩක් දෙනෙක් දැන් කියන දෙයක් තමයි, අපේ රට කියන්නේ ඉතාමත් පුංචි රටක්. අපේ රටේ තියන තෙල් සම්පතත් ඉතාමත් සීමිත යි. ඉතින් එA නිසා ඇමරිකාව වගේ රටවලට ඒකෙන් ගන්න දෙයක් නැහැ කියලා. එAත් අසර්බයිජානය තමයි ලෝකයේ මතුපිට තෙල් වැඩි වශයෙන්ම තියන රට වෙන්නේ. නමුත් ඒ රට ඉතාමත් කුඩා රටක්. එAත් ඇමරිකාව ඒ රට තුළ සිද්ධ කරන මැදිහත්වීම ඉතාමත් විශාලයි. එA වගේම සූඩානය කියන රට ඛෙදීමේ වැඩ පිළිවෙල තුළත් තියෙන්නේ තෙල් එහෙම නැත්නම් ඛණිජ සම්පත. එA වගේම නැගෙනහිර ටිමෝරය ඉන්දුනීසියාවෙන් ඛෙදුවා, එA ඛෙදුවෙත් තෙල් සඳහා. විශේෂයෙන් නැගෙනහිර ටිමෝරයට ඔස්ෙටි්‍රලියාව මැදිහත් වුණේ එA රටේ ජනතාවගේ ලේවල සුවඳ දැනිල නෙමෙයි, තෙල්වල සුවඳ දැනිලයි කියලා, ජාත්‍යන්තර ප්‍රගතිශීලී මහාචාර්යවරයෙක් වන ජෝන් පර්කින්ස් ප්‍රකාශ කරලා තිබුණා. අද ඇමරිකාව සහ ඔස්ෙටි්‍රලියාව පැසිපික් සාගරයේ ටිමෝර් මුහුදේ තෙල් ගවේෂණයක් සිදු කරනවා. ලංකාවේ තෙල් ගවේෂණය සඳහා නෝර්විජියානු පෙට්ට්‍රෝලියම් සමාගම මැදිහත් වුණෙත් එA වගේ කාරණකට.ඛණිජ සම්පත්වල අයිතිය රටකට කොයිතරම් වැදගත් වෙනව ද කියන කාරණයේ දී මෑත කාලයේ හොඳම උදාහරණය තමයි ඉන්දියාව. ඉන්දියාවේ ආණ්ඩුව බිඳවැටෙන්න මූළික වුණේ ඉන්දියානු න්‍යෂ්ඨික ගිවිසුම. ඉන්දියාවේ වාමාංශික පක්ෂ ඇතුළුව විපක්ෂයේ පක්ෂ ඉන්දියානු ආණ්ඩුවෙන් අයින් වුණා. මේ අය පහුගිය අවුරුදු 2 ක තිස්සේ උද්ඝෝෂණ කරනවා, මේ ගිවිසුම අත්සන් කරන්න එපා කියලා. ඉතින් මේ ගිවිසුමට විරුද්ධ වෙන අය ගිවිසුමට විරුද්ධ වෙන පදනම මොකක් ද? පදනම අතිශය විනාශකාරී හින්දා, න්‍යෂ්ඨික බල ශක්තිය එපා කියන එක නෙමෙයි. මේ ගිවිසුම නිසා ඉන්දියාවේ අනාගතයට වැට බඳිනවා. ඉන්දියාවේ අනාගත සංවර්ධනය නතර කරනවා. ඉන්දියාවේ ඛණිජ සම්පත් දියුණු කිරීමේ අයිතිය නතර කරනවා. එA නිසා තමයි ඉන්දියාවේ දේශපාලන පක්ෂ එA විදියට කි්‍රයාත්මක වුණේ. විශේෂයෙන්ම ඉන්දියානු විද්‍යාඥයින් සහ ඉන්දියානු විද්‍යා පදනම තමයි, මේ කටයුත්තෙ දී විශාල වශයෙන් මැදිහත් වෙලා කටුයතු කළේ. ඉතින් අපේ රටෙත් මේ තෙල් සම්පත සම්බනධව, ඛණිජ සම්පත සම්බන්ධව විද්‍යාඥයින්ගේ මැදිහත්වීම පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන්.ලංකාවේ ඛණිජ මංකොල්ලය සම්බන්ධව මෑත කාලින අත්දැකීම තමයි පොස්පේට් නිධිය. අපේ රටේ ජනතාව මේ කාරණයේ දී විරුද්ධ වුණේ රටට අවශ්‍ය විදියට පාවිච්චි කරනවට එරෙහිව නෙමෙයි, බහුජාතික සමාගමකට විකුණනවට විරුද්ධව. ඊට පස්සේ මෑත වකවකවානුවේ මේ ඛණිජ මංකොල්ලයට අදාල විවිධාකාරයේ පිඹුරුපත් සකස්වෙනවා. පොස්පේට් නිධිය විකුණ ගන්න බැරි වුණාට පස්සේ භූ විද්‍යා හා පතල් දෙපාර්තුමේන්තුවට අත තිබ්බා. ඊට පස්සේ එAක භූ විද්‍යා හා පතල් කාර්ය්‍යාංශය බවට පත් වුණා. 2001 අවුරුද්දෙන් පස්සේ මේ කාර්ය්‍යාංශය ඇතුළේ හැදුවා වෙනම පුද්ගලික ආයතනයක්. මේ ආයතනය මගින් අපේ රටේ ඛණිජ සම්පත ජාතික සම්පතක් කියන අදහස වෙනස් කරලා, අපේ ඛණිජ සම්පතේ අයිතිය විදේශීය සමාගම්වලට ලබාදෙන්න කටයුතු කළා. මේ විදියට ලංකාවේ අමාත්‍යාංශ ඇතුළේ වෙනම ම ආයතන මේ වෙන කොට පිහිටුවල තියනවා. ජාතික සම්පත් විකිණීමේ කි්‍රයාවලිය පහසුකරවන්න.මේක ඛණිජ මංකොල්ලයක් කියල කියන්නේ මේකට අදාල ආර්ථීක ගිවිසුම්, දේශපාලන ගිවිසුම්, සකස් කරල තියන නිසා. එකක් තමයි, ඉන්දියානු ලංකා වෙළඳ ගිවිසුම. මේ ගිවිසුම මගිනුත් අපේ රටේ ඛණිජ සම්පත්වලට යම් බලපෑමක් සිදු වෙනවා. අපේ රටේ තඹ ඉන්දියාවට පැටවිමේ මෙහෙයුමක් මේ හරහා සිදු වෙනවා. එA අනුව අපේ රටේ ඉන්දියානු තඹ කර්මාන්ත ශාලා 12 ක් පටන් ගත්තා. සේවයට ගත්තේ අකුරක්වත් ලියාගන්න බැරි ඉන්දියානු කම්කරුවන්. ඉන්දියාවට තඹ කෙළින්ම ආනයනය කළොත් ඉන්දියානු වෙළඳ ප්‍රතිපත්තිය අනුව 80% ආනයන බද්ධක් වදිනව. ලංකාවට තඹ ගේන්න සතයක්වත් ආනයන බදු ගහන්නේ නැහැ. ඉතින් එA නිසා ඉන්දියානු වෙළඳ සමාගම් අපේ රටට ඇවිල්ලා අපේ රටේ තියන තඹ ටික වංචනික විදියට එකතු කරගෙන (බැටරිවල / යුද හමුදාව භාවිත කරන උණ්ඩවල තිඛෙන තඹ ආදී ...) ඉන්දියාවට අරන් ගියා.ලංකාටෘෘත්¦ මේ අර්බුදය ඉදිරයේ ලංකාවේ ජනතාවට ඔබ යෝජනාකරන විසදුම කුමක්ද?අපේ රටේ සම්පත් පිළිබඳවත් එම සම්පත් උපයෝගිකරගනිමින් විදේශීය රටවල් හා ලංකාව අත්සන්කරන ගිවිසුම් පිලිබඳවත් ජනතාව අවධානයෙන් සිටිය යුතුය. එසේ නොවුන හොත් ආණ්ඩුව පුල්මුඩේ ඛනිජ වැලි නිධියද ඇතුළු ඉතාම වටිනා ඛනිජ සම්පත් විකුණා දැමීමට ඉඩ තිඛෙනවා. එය වැලැක්වීමට නම් රට පුරා අවබෝධාත්මක මිනිස් පවුරක් ගොඩ නැගිය යුතුයි. මේ අපි ආරම්භකර තිඛෙන්නේ එවැන්නක් ගොඩ නැගීමේ ප්‍රථම පියවරයි. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඛනිජ සම්පතට අදාල ඔබ සතු ඕනෑම තොරතුරක් හැකි ඉක්මනින් අප වෙත දන්වන ලෙස. මේවන විටත් විශාල පිරිසක් එවැනි තොරතුරු අපට දන්වා තිඛෙනවා. අප ඒ පිළිබඳව ඉදිරියේදී ගවේෂණ කටයුතු සිදුකරනවා.

අනගි ඔවදන


.මෙය පෙර රජ දවසක වඩුවෙකු විසින් රජු ට කර දුන් කැටයම් වල ට ගෙවීමක් ලෙස අවවාදයක් ඉල්ලා එලද ඔවදනේ පිහිටෙන් තමන් හට වන්න ට තිබූ මහා විපතක් වලක්වා ගත් හැටි කියැවෙන අපූරු ජන කතාවකි. මෙහි ගැබ්ව ඇති හරය සහ පණිවිඩය වන්නේ "මිළ මුදල් සම්පත් කෙදින හෝ අපෙන් නැතිව යන බවත්, ජීවිතය ට වටිනා ඔවදන් අප දිවිය ට මිළ කළ නොහැකි සේවයක් ඉටු කරන බවත් ය."කියවා බලා අදහස් ඇතොත් ලියා දක්වන්න ඇරයුම් කරමි.පොතේ ගුරු:බොහෝ ඉස්සර කාලෙකලංකාව නම් රටකහද්ද පිටිසර ගමකදක්‍ෂ වඩුවෙක් හිටිය කාලෙකලී යෙන් කළ දස්කම්කැටයම් නොයෙක් විස්කම්ලෙසින් මහ හාස්කම්කරයි වඩුවා අනගි වඩු කම්මුහුණ පුර සඳ මෙනිනෙත් මැණික් කැට මෙනිසුරඟන ට නොදෙවෙනි'සඳවතී' නම් ඇගේ නම විණිදිනක වුනි හරි වැඩක්නොසිතූ ලෙසින් කිසිවෙක්ආවා රජ අණක්හිත ට දැණුනා මහ චකිතයක්වඩුවා:(වඩුවා සොවින් තැවෙමින් සිතයි)එන්න ට කිව්වේ රජු මට කුමකටදන්නේ නැහැ මම හිත මගෙ සලිතයිසඳවති ගැන රජු සිත් ඇඳිලා වෙද?මට මගෙ සඳවති යත් නැති වේවි ද?යන්න ට වෙයි දින ගණනක් දුර දුර ආපසු එන්න ට වෙන දින බොහො දුරබිරිඳත් දරුවත් දමලා යන දුරදුරලන්න ට හැකි වේවි ද දුක් දුර(ශෝකයෙන් බිරිඳ සහ දරුවා දෙස බලා)අකීකරු වෙන්න ට රජු ටබැරිය මට කිසි ම විට කිරිය යුතු වැඩය මටනොදනිමී මම දැනට(බිරිඳ දෙස හැරෙමින්)මට හැඟෙන විලාසෙටරජු ට සිත් පහළ වී ඇත නුඹටඅහෝ එය එසේ වේවි ද?මට ඔබව අහිමි වේවි ද?(දරුවාගේ හිස පිරිමදිමින්, දෙදනා ට ම සමු දෙමින්)මම ගිහින් එන තුරාඉඳිනු මැන පරිස්සම් වෙලාහුස්ම මගෙ ඇති තුරානුඹල දෙදනා රැදෙයි මගෙ සිත් පුරාපොතේ ගුරු:බිරිඳ සිහි වන්නේදරු ද සිහි වන්නේදින දින ගෙවෙන්නේකල්පයක් සේ ඔහු ට දැනුනේපුරා තුන් වසරක්කලා කැටයම් රැසක්ගමින් සිත් සුව හසක්වඩුව වඩුකම් කලා සහසක් රජු පැවරු පරිද්දෙන්කැටයම් කලා ලීයෙන්කාරිය නිමාවෙන්යන්න කාලය උදා විය ඉන්රජු පැමිණෙන්නේවඩුවා අමතමින්නේවාඩුව දෙමින්නේඕන මොනවා දැයි අසන්නේරජු:ප්‍රීතී ය වඩුව මටකර ඇති ඔබේ වැඩ දැකතුටු පඩුරු දෙන ලෙසටඅවැසි දේ කිම වේ ද කිව මටපැවරූ වැඩය බොටකර ඇති නිසා හොදටඅවවාදයක් හෝ මුදලකටචාඩු ව ගෙවිය හැක ඉතිං මටවඩුවා:(මදක් කල්පනා කරමින්)මුදලක් ගත්තොතින් මේ මා කළ වඩටඑය නැති වෙනව අපි කා බී ඇන්ද විටමොනයම් දෙයක් ගෙන යා හැකි නම් දිගටමුදල් නොවේ අවවාදය වේය මටරජුගෙන් ඔවදනක් ගතයුතු යැයි සිතමිමුදල් නොඉල්ලා ඉන්නට යැයි සිතමිඑය මහ වටින කරුණක් යැයි මම සිතමිරජු දෙන ඔවදනත් ගෙන මම යමි සිතමි(රජු ට වැඳ යටහත් පහත්ව තමා අවුරුදු තුනක් කළ ලී කැටයම් වල ට ගාස්තු ලෙස වටිනා අවවාදය ක් දෙන ලෙස ඉල්ලා සිටියේය) පස්වහන් දහසක ට බුදු වේ රජතුමනිසේවය කලේ ඔබ හට මා සිත තුටිනිමා කල වැඩය වෙනුවෙන් මට රජතුමනිදෙනුමැන ඔවදනක් දිවි සරු වෙන ලෙසිනි(රජු ප්‍රීතියෙන් යුතුව මේ බුද්ධිමත් වඩුවා ගැන තවත් පැහැදී, ඉල්ලීම පරිදි "කනින් ඇසූවත් ඇසින් දුටුවත් අතට හසු වන තුරු විශ්වාස කරන්න එපා" යනුවෙන් ඔවදනක් තල්පතක ලියා වඩුවාට දුන් සේක)පොතේ ගුරු:පඩුරු ගෙන ප්‍රීතියෙන්වඩුව නික්මෙයි හනිකයෙන්යන ගමන් මඟ තොටින්අසයි අඹුදරු විත්ති සතොටින්මග යන අය කිසිත්නොදන්නා බව කිය කිසිත්වඩුව ගෙ හිතට කිසිත්හිතා ගත නොහැකීය මේ කිසිත්(මඟ තොට දී මිනිසුන්ගෙන් ලැබූ ආරංවි නිසා සිත කලබල වු වඩුවා නිවසට නොයෑමට සිතයි)සැක සිතිනි වඩුව ටගියා යැයි අඹුව පිටපැන ගියයි දරුව පිටඅහෝ යැයි ඔහු සිතිය පිට පිටනොයන්න ට සිතා නිවසටනැවතුනු විසල් ගසක් යටගෙන රජ පඩුර ඉවතටකියව බැලුවා එයද නිකමට(වඩුවා රජු දුන් ඔවදන ගෙන කියවා බලා කම්පා වී, කුමට සැක කරන්නෙමිද මා, ගොස් සැක හැර දැන ගනිමියි සිතා නැගිට නිවස කරා යන්න ට සැරසුනි)වඩුවා :කොතරම් සෙනෙහසින් සිටිය ද අප දෙදෙනදරුවා සමඟ දුක සැප දෙක බෙදා ගෙනමට සැක නැතේ මගේ අඹු දරු දෙදෙන ගැනගොස් මම බලමි මගෙ නිවසට කල් නොගෙන(වඩුවා නික්මේ. නිවසේ දොරට තට්ටු කළ ද බිරිය දොර හැරියේ නැත. වඩුවා බිරිඳ අමතා "සොදුර මා හදුනන්නේ නැතිද? රජතුමා ළඟ සේවයට ගිය ඔබේ සැමියා මමයි. දොර අරින්න" යැයි හඬ අවදි කලේය.)බිරිඳ :මගේ සැමියා කිසි දිනකේඑන්නෙ නෑ රෑ දෙගොඩ යාමෙඔබ මගේ සැමියා නොවන්නේඅරින්නෑ දොර කසිම විටකේ(සොවින් බරවූ වඩුවා ගෙයි පිළේම නිදා ගත්තේය. මහ රෑ ගෙතුලින් පිරිමි හඬක් ඇසුණි. ඔහු මහා කලබලයකටත් කෝපයකටත් පත් විය. දොර කඩාගෙන ඇතුලට යන්න සිතූ නමුත් රජුගේ ඔවදන නැවත ගෙන කියවා ඉවසා එළි වෙන තුරු පිළේම නිදා හුන්නේය. උදෑසන බිරිඳ දොර හැරගෙන එළිය ට පැමිණ පිළේ සිටි සැමියා දැක, පුදුමයට පත්ව හඬන්නට පටන් ගත්තාය. පුතා ද අවදි වී සිටි අතර ඔහුට තාත්තා අඳුනා ගත නොහැකි වී සිටියේය."පුතේ මේ උඹේ තාත්තා", ඊයේ රෑ ඇහුනේ පුතාගේම කට හඬ බව ඔහුට තේරුණා. වඩුවා සියළු විස්තර බිරියටත් දරුවාටත් කියා සිටියා.)පොතේ ගුරු:පසුදින නැචත වඩුවාරජු වෙත යන්න සිතුවාදින කිහිපයක් ගෙව්වාමාළිගය වෙත නැචත ආවාඔබා රජු ළඟ දණදොහොත් මුදුනට ගෙනතුන් වරක් වදිමිනකිව්ව පල දුන් අයුරු ඔවදනපැහැදී රජු මෙවිටදුන්නා පඩුරු පිට පිටතවත් ඔවදන් දී තුට ටයැව්වයි වඩුව නැවත නිවසටකතා චස්තුව නිමිනමුත් අදහස නොනිමිඔවදන් රුවන් වැනිහිතට ගනු ඔබ දිලෙයි වැනි මිණි(සියල්ලෝ වේදිකාවෙන් නික්ම යති)නිමි.

ගුරු ගීතය

කඳු වල මෙවැනි උල්පත් පැන නඟී. ඒ වටා අඩි පාරවල් ඇතිවේ. මිනිස්සු අඩි පාරවල් ඔස්සේ ගොස් උල්පත් වලින් ජලය ලබා ගනිති. එහෙත් පුළුල් මාර්ග ඇති වූ පසු අර අඩි පාරවල් අමතක කර දමති. උල්පත් වටා කෙමෙන් කටුවැල් වැවී මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත් ‍නොපෙනේ. රස්නෙ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගැනීම පිණිස මහ මඟින් ඉවත් වී අර උල්පත සොයා එති. මුළු ගැන්වී තිබෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැලෑටි සහ කටුවැල් උඳුරා දමති. කිසි කෙනෙකු විසින් හෝ අපිරිසිදු නොකරන ලද ඒ උල්පතේ ප්‍රනීත සිසිල් ජලය නිසලව ගලා බසිමින් නිල්වන් කැටපතක් සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුලින් තමා ද හිරු සහ කඳු වැටි ද පෙනෙන්නා සේය.. එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයක් සේ ගනන් ගන්නා අර මිනිසා සිය සඟයන්ට ද ඒ බව දැන්වීමට ඉටා ගන්නා නමුදු පසුව එය අමතක කර දමයි. එදිනෙදා ජීවිතයේ ද මෙය මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතය ය... "(p 114-115)- 'ගුරු ගීතය' චිංගිස් අයිත්මාතව්

කල්ට් අත්දැකීම - අනතුරු ඇඟවීමක්

on 2008 December 3in වර්ගීකරණය නොකළ. Closedකල්ටි පිළිබඳ මේ අධ්‍යයනයේදී ආචාරධාර්මික (ethical) සහ මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් එහි මතවාදීමය සර්වාධිකාරය (totalitarianism) තුළ ඇති මූලධර්මවාදී භයානක තත්වයත් සමාජීය නිදහස රැකගැනීමේ අවශ්‍යතාවයත් අවධාරණය කරයි. මෙම අධ්‍යයනය පදනම් වන්නේ න්‍යායිකව කල්ට් අත්දැකීම - අනතුරු ඇඟවීමක්Publishedbyruwanmanawaduon 2008 December 3in වර්ගීකරණය නොකළ. Closedකල්ටි පිළිබඳ මේ අධ්‍යයනයේදී ආචාරධාර්මික (ethical) සහ මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් එහි මතවාදීමය සර්වාධිකාරය (totalitarianism) තුළ ඇති මූලධර්මවාදී භයානක තත්වයත් සමාජීය නිදහස රැකගැනීමේ අවශ්‍යතාවයත් අවධාරණය කරයි. මෙම අධ්‍යයනය පදනම් වන්නේ න්‍යායිකව Robert Jay Lifton1, Margaret Singer2, Philip G. Zimbardo3 යන අයගේ අධ්‍යයනයන් මතයි. ඒ පිළිබඳ විස්තර වැඩිදුර අධ්‍යයනය සඳහා අවශ්‍යය දේවල් www.factnet.org, www.culticstudiesreview.org, www.culteducation.com, www.refocus.org, www.cultnews.com, www.apa.org, www.freeminds.org යන වෙබ් අඩවි වලින් ඔබට ලබා ගත හැක.මෙහි දැක්වෙන සියළුම ලක්ෂණ එ් ආකාරයෙන්ම කල්ට් එකක් තුළ තිබිය යුතු නැත. එය විවිධ ආකාරයෙන් හමුවිය හැකියි. මුළුමණින්ම කල්ට් ලක්ෂණ අත්පත් කර ගැනීමට පෙර එ දක්වා ගමන් කරමින් සිටින සංවිධානයක මේවායේ තීව‍්‍රතාවය විවිධ විය හැකියි. එසේම සාමාජිකයන්ට විවිධ ආකාරයෙන් බලපානවා විය හැකියි. එකම පාරිසරික තත්වය තුළ සාමාජිකයන් දෙදෙනෙකු ගත්විට එ් දෙදෙනාට බලපා ඇති තීවෘතාවයේ විවිධ මට්ටම් තිබිය හැකියි. කල්ට් ප‍්‍රධාන වශයෙන් දේශපාලනික, ආගමික, විද්‍යාත්මක හෝ වානිජවාදී හෝ ඔබව මත් රකුසාගෙන් ගලවා දෙන්නන් ආදී ලෙස විවිධ ක්ෂේත‍්‍ර තුළ හඳුණා ගත හැකියි. එහෙත් විවිධ සන්දර්භයන් තුළ කල්ට් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී මේවායේ ව්‍යූහයට අඳාළව ප‍්‍රධාන මනෝවිද්‍යාත්මක කාරණා තුනක් නැවත නැවත නිරීක්ෂණය කළ හැකිය:1. ක‍්‍රමයෙන් වන්දනාවේ වස්තුවක් බවට පත්වෙමින් සිටින උත්කර්ෂණයට නැංවූ නායකයෙක් සිටීම.2. බලහත්කාරී එ්ත්තු ගැන්වීමේ හා සිතුවිළි නැවත සකස් කිරීමේ ක‍්‍රමවේදයක් පැවතීම.3. නායකයා හෝ පාලක සංසදය විසින් ආර්ථික, ලිංගික හා අනෙක් ආකාරයන්ගෙන් කණ්ඩායමේ සමාජිකයන් සූරා කෑම.බොහෝවිට කල්ට් එකක් නිර්මාණය වන්නේ යම් ප‍්‍රබන්ධයක් වටාය. එම ප‍්‍රබන්ධය නායකයා වටා ගොඩනංවා ඇත. එ් නායකයාද විවිධ ආකාරයෙන් තමන්ගේ ප‍්‍රබන්ධය තුළ පටලැවී ඇත. නමුත් තමන්ගේ ක‍්‍රීඩාව අනිත් අයට වඩා හොඳින් කිරීමට තමන්ට හැකි නිසා ඔහු ප‍්‍රබන්ධය මෙහෙය වීමට ප‍්‍රබන්ධය තුළ මෙන්ම පිටත ජීවිතයද ගතකරයි. එසේම නායකයාද තමන් ගැලවුම්කරුවෙකු ලෙස සළකන අතර ඔහුද ක‍්‍රමයෙන් බොහෝ අවස්ථාවන් තුළින් අන් සාමාජිකයන් මෙන්ම නැවත පරීක්ෂා කිරීම්, සමතුළිත කිරීම්, මඟහැරීම් තුළ දිගු කාළයක් සිටින විට වඩ වඩා ක‍්‍රමයෙන් සිහිමුලාව වෙතට ගමන් කරයි.සාමාන්‍යයෙන් බැලූ බැල්මට අතිශයින් අසාමාන්‍ය කල්ට් සිතිවිළි පද්ධතිය තුළට යමෙකු ඇතුළු වෙන්නේ එක්වරම නොව පියවර වශයෙනි: කල්ට් එකට සම්බන්ධ වෙන අයෙකුට කවදාවත්ම අවසානයට වෙන්න යන්නේ මොකද්ද කියළා මුලින් කියන්නේ නැහැ. ඔහු හේ ඇයව කල්ට් එක විසින් විශ්මයට, පුදුමයට, සතුටට සහ යම් බියකට පත්කරමින් ඊළඟ පියවරයන්ට ක‍්‍රමයෙන් යොමු වෙයි. ඇත්තටම එ් එක්තරා විඳිහක වසඟකාරීත්වයේ ක‍්‍රියාවලියක්. කල්ට් නායකයා සහ එහි නව සාමාජිකයන් එකතු කරනන්නන් විසින් සමාජීය සහ මනෝවිද්‍යාත්මක බලපෑම් තාක්ෂණයන්ගේ බලවත් අපූර්ව සම්මිශ‍්‍රණයක් භාවිතා කරයි. එමගින් පුද්ගලයාගේ ස්වාධීනත්වයට සහ පුද්ගල හැඟීමට පහර එල්ල කරමින් බිඳ දමයි. එවිට ඔහුට හෝ ඇයට සිදුවෙමින් පවත්නේ කුමක්ද යැයි වටහා ගැනීම සම්පූර්ණයෙන්ම අවුල් වී යයි. කාලයත් සමඟ මෙම තාක්ෂණයන්ගේ සහ පීඩනයන්ගේ ප‍්‍රතිඵල මගින් අඳාල පුද්ගලයා කල්ට් නායකත්වයේ ආධිපත්‍යය විහිඳවීමේ සහ පැතිරවීමේ එ්ජන්තයෙකු බවට ක‍්‍රමයෙන් පත්වෙයි. මෙසේ කල්ට්වලට සම්බන්ධ වන හා කල්ට්මය ජීවිතයක් ගතකරන බොහෝ පුද්ගලයන් ඔබගෙන් හා මගෙන් එතරම් වෙනස් අය නොවේ. අධ්‍යයනයන්වලට අනුව මෙවන් කණ්ඩායම්වලට සම්බන්ධ වෙන බොහෝ දෙනා බුද්ධිමත්, යම් අධ්‍යාපන පසුබිමක් ඇති සහ ස්ථාවර පවුල් පසුබිම්වලින් පැමිණෙන අය යි. ඔවුන්ට මුල්කාලීන මනෝවිද්‍යාත්මක දුෂ්කරතා පැවතුන බවක් පෙනෙන්නට නැහැ. නමුත් ඔවුන් ජීවිතයේ සන්ක‍්‍රාන්ති මොහොතවල් ගතකරමින් හිඳි අය. ඔවුන් බොහෝවිට සමාජයත් එක්ක සම්පූර්ණයෙන් සම්බන්ධවෙලා නැහැ. මේ සියල්ලන්ගේම එකට බැඳීයන පොදු ලක්ෂණය නම් යම් පරමාදර්ශවාදී කුතුහලයකින් සහ වඩා හොඳ ලෝකයක් බිහිකිරීමේ උනන්දුවකින් යම් ප‍්‍රයෝජනවත්, තේරුමක් ඇති ජීවිතයක් ගත කිරීම පිළිබඳ සිහින දකින අය වීමයි. Margaret T. Singer සිතිවිළි නැවත සකස් කිරීම හෙවත් මොලසේදීම අත්‍යාවශ්‍යක චර්්‍යා වෙනස් කිරීමේ වැඩසටහනක අදියරයකි. එයින් පුද්ගලයාගේ සිතීමේ රටාව සහ ලෝකය පිළිබඳ දැක්ම (දෘෂ්ටිකෝණය* තදින් වෙනස් කරයි. කල්ට් එකට මෙම තත්වය නිරන්තරව බලගන්වා පවත්වාගෙන යෑම අත්‍යාවශ්‍යය වෙයි. කල්ට් සාමාජිකයගේ සාමාන්‍ය දෛනික යථාර්ථය මෙමගින් බිඳී යමින් අතිශය දෘඩ දිනචර්යාවකට සහ වතාවත් රාමුවකට ගමන් කරයි. ඔවුන් කල්ට් එක හැරගිය විටදීත් එයින් ගැලවීමට අපහසුය. එයට එවැනිම විශාල මැදිහත්මක් අවශ්‍ය වෙයි. එයින් කියවෙන්නේ එම තත්වය කෙනෙකු නිකම්ම එවන් ව්‍යවහාරයකට ඇදී යනවාට වඩා මෙම ක‍්‍රමය වෙනස් බවයි. සමාන්‍යයෙන් මෙහිදී යොදාගන්නා තාක්ෂණයන් අතර නින්ද පාලනය කිරීම, විශේෂ ආහාර, කණ්ඩායම තුළට හා පිටතට සහ කණ්ඩායම තුළ තොරතුරු පාලනය කිරීම, එබිකම් කිරීමේ ඔත්තු සෙවීමේ බලපෑම්, අධිශික්ෂණය කිරීමේ දීර්ඝ සැසි පැවැත්වීම, දීර්ඝ වේලාවක් කරන සජ්ජායනයන්, භාවනාවන්, දේශන සහ ධ්‍යානයන්ට සම වැදීම් ආදිය වේ. මේවා තෝරාගැනීම කල්ට් එක ස්තාපිත කර ඇති සන්දර්භය මත තීරණය වේ. මෙහිදී නැවත නැවතත් සිදුවන්නේ පුද්ගලයෙකුට පැහැඳිළිව සිතන්නට නොහැකි වීමයි. මේවායේ ප‍්‍රහාරය කේන්ද්‍රගත වී ඇත්තේ ඔහුගේ හෝ ඇයගේ පුද්ගලභාවය කියන කාරණයටයි. ඔවුන් තමන්ගේම සහජාසය සහ විනිශ්චය ගැන සැක කිරීමට පටන්ගනියි. බිය, සාංකාව සහ වැරදිකාරී හැඟීම සමඟ නැවත නැවත එන අර්බුද මාලාවක් ඇතිවීම එහි ප‍්‍රහාරාත්මක ප‍්‍රතිඵලය යි. පැහැඳිළිවම කල්ට් එක මනෝවිද්‍යාත්මක සහ සමාජවිද්‍යාත්මක තලයක අර්ථදක්වන්න පුළුවන් දෙයක්; කල්ට් එකක් කියන්නේ අත්‍යාවශ්‍යයෙන්ම වංක, දුෂිත සහ අපයෝජනාත්මක බල සම්බන්ධයක්: එහි නෛසර්ගික ලක්ෂණ කිහිපයක් දැකිය හැකියි. සමාජිකයන් බොහෝවිට එ් බව දැන ගන්නේ බලසම්බන්ධයන් තමන් විසින් කඩ කිරීමකට ලක් වූ විටයි. 1. තමන් විසින්ම තමා පත්කරගත් නායකයෙක් විසින් එයට මඟ පෙන්වන අතර ඔහු (හෝ ඉතාම කලාතුරකින් වුව ඇය* මහත් අභිවාදනයක් සහ සම්පූර්ණ පක්ෂපාතීත්වයක් ඉල්ලා සිටියි. 2. පහළින් හෝ පහළ සමාජිකයන්ගේ කිසිම එකතු කිරීමකින් තොරව ඉහළ සිට පහළට සෑදුනු පිරමීඩාකාර බළ ව්‍යූහයක් ඇත. 3. සිතුවිළි නැවත සකස්කිරීමේ තාක්ෂණයන්ගෙන් යුත් ඉතා හොඳින් පිළියෙල කළ වැඩසටහනක් එයට ඇත. 4. කල්ට්එක ස්ථාවරව මුල්බැසගෙන ඇත්තේ නායකත්වය විසින් සමාජිකයන් රැුවටීම, මෙහෙයවීම හා සූරාකෑම යන අපයොජනයන් තුළ යි. 5. ආචාරධර්මවල ද්විත්ව ස්වරූපයක් ගන්නා පද්දතියක් එහි ඇත. සමාජිකයන්ගේ සම්පූර්ණ විවෘත අවංකභාවය සහ කණ්ඩායම තුළ අනාවරණය වී සිටීම ඉල්ලා සිටින අතරම කණ්ඩායමෙන් පිටතට බොරු කීම, රැුවටීම් ඉල්ලා සිටියි. එය යුක්ති සහ`ලත කරන්නේ ”ශ්‍රේෂ්ඨ අරමුණක් වෙනුවෙන් ඕනෑම කැත වැඩක් කරන්න උනාට කමක් නැහැ” වගේ අර්ථයකිනුයි. 6. කල්ට් සාමාජිකයන් අතර සම්බන්ධය ආදී පීතෘ මූලික විසෘත පවුලේ සම්බන්ධතා ජාලයට අනුරූපි වෙයි. (මෙම තත්වය පසුව විසතර වශයෙන් පැහැඳිළි කර ඇත.* කල්ට්වල ස්වරුපය බොහෝ අවශෝෂණය කරගන්නා සුළු නිසා එයින් ගැළවීම අතිශය දුෂ්කරය. මිනිසුන් විවිධ හේතූන් නිසා කලට් හැර යයි, සමහරුන් යම් නීතියක් බිඳීම නිසා හෝ සංවාදයක් ඉල්ලා සිටීම නිසා නෙරපා දැමීමට ලක්වෙයි, සමහරවිටෙක නායකයා මිය ගිය විටකදීද කල්ට් හැරයයි එමෙන්ම කන්ඩායමේ අර්බුදයකදීද කල්ට් හැරයාම සිදුවෙයි. සමහරුන් ඉවත්වන්නේ අවශ්‍ය උපදේශන මැදිහත්මක් ලැබුණු නිසා විය හැකියි. තවත් විටකදී පුද්ගලික හේතූන් නිසාද කල්ට් හැරදමා යා හැකියි. නමුත් සමාන්‍යයෙන් ගත්විට කල්ට් හැරයාම අතිශය දුෂ්කර කාර්්‍යයකි. මන්ද කල්ට් විසින් පිටත පරිසරයේදී ජීවත්වීමට ඔබට ඇති නොහැකියාව, පිටත ලෝකයේ කෲරත්වය සහ ඔබට මානුෂිකව පැවතිය හැක්කේ මේ වටපිටාව තුළ පමණි යන පණිවිඩය හැමවිටකදීම සමාජිකයන්ට හැෙඟන්නට සැලැස්වන නිසයි. කල්ට් එකෙන් පිටවීම අදාල පුද්ගලයා අනුව කෙසේ වුවත් එවුන් එම තත්වයට පත් වු ආකාරය වටහා ගන්නේ නැති නම් සහ අවශ්‍යය අධ්‍යාපනය ලබා ගත්තේ නැතිනම් නැවතත් වෙනත් කල්ට් එකකට එකතුවීම හෝ ජීවිතයේ ඉතිරි කාලය සම්පුර්ණ වැරදිකාරීත්ව හැඟීමක තුළ, ව්‍යාකූලත්වයක සහ තමාටම දෝෂාරෝපණය කරගැනිමක ගත කරන්නට සිදුවෙයි. සාමානයයෙන් මේ තත්වයට අදාල මනෝවිද්‍යාත්මක ප‍්‍රතිකාර මුලික සාකච්ඡුාා වට 6 ක්ද, ඉට පසුව කෙරෙන දෙවන සායනික පියවර මගින් ප‍්‍රකාති තත්වයට පත්වීම අවුරුදු 1 සිට 6 දක්වා වන දිගුකාලයක් ගත කිරීමට සිදු විය හැක. සාමාන්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රියාවලිය සංවිධානය වී ඇත්තේ ඒ ආකාරයටයි - cnn interview with Yanya Lalich - cnn impact/march 30, 1997 කල්ට් තුළ ඇති පීතෘ රූපිකය: පීතෘත්ව බැඳීම සරල සමාජීය ප‍්‍රපංචයකට එහා ගිය දෙයකි. එය අති මූලික ආදිකල්පිත දෙයකි. පියා යනු ආරක්ෂකයා පමණක් නොවේ ඔහුගේ දරුවන්ට මාර්ගය සළසා දෙන්නේද ඔහුය. ආගමේ කාර්ය ඉටුකරන්නේ ඔහුය. යම් දරුවෙක් මව හෝ පියා විසින් ප‍්‍රතික්ෂේප කරණු ලැබුවහොත් එම දරුවා විසින් විඳවනු ලබන හැඟීම්මය වේදනාව නැති කිරීමට කොතරම් ප‍්‍රමාණයක් කරුණු කාරණා කිව්වත් වැඩක් නැත. එ් වේදනාව කලයත් සමඟම නැති වෙන්නේද නැත. පවුල් එ්කකය තුළ මේ ආදිකල්පිත මූලිකම අත්දැකීම් අඩංගුව තියෙනවා. යම් අයෙකුට පවුල නැතිවී යනවා නම් හෝ එවන් අත්දැකීමකදී විශාල අහිමිවීමක් වන නිසා සුවිශේෂී අවශ්‍යතාවයක් ඇතිවෙයි. මෙය වටහා ගැනීමට ප‍්‍රාථමික පවුලේ අත්දැකීම ගොනු කළ යුතුය. එය පහත පරිදිය: 1. බල ධූරාවලියක් ඇත (chain of command) 2. සියල්ලටම ඉහළින් ශක්තිමත් නායකත්වයක් පවතී. 3. අරමුණක් සහ එ් සඳහා මාවතක් ඇත. 4. එක්ව එරෙහිවීමට පොදු සතුරෙක් ඇත. 5. කිසියම් පූජනීය දෙයක් ඇත. 6. පවුලේ ආඩම්බරයට හේතුවන කිසියම් සුවිශේෂිත්වයක් ඇත. 7. චාරිත‍්‍ර, වාරිත‍්‍ර, තහනම් තහංචි ඇත. 8. විනිශ්චය හා දඩුවම පවතී. 9. අනිසි පක්ෂපාතීත්වයන් ඇත. පවුලක ලක්ෂණ සාමාන්‍යයෙන් සමාජයේ උවදුරක් විදිහට ගැනෙන්නේ නැහැ. එ්වා බොහෝ කාලයක සිට සමාජයේ පැවතුණ දේවල්. යමෙකුගේ අනන්‍යතාවය හා විලාශය බවට පත්වෙන යහපත් අත්දැකීම්වලට හොඳ දෙමාපියන් විසින් අනුබල දෙන නමුත් ගැටළුව මතුවන්නේ යම් දෙමාපියෙක් විසින් තම අධිකාරීත්වය අනිසි ලෙස භාවිතා කිරීමේදී ය. ශාරීරිකව හා ලිංගිකව අපයෝජනාත්මක පියවරුන්, එ්කාධිපතිවාදී ලක්ෂණ, පවුලේ සාමාජිකයන්ගේ පුද්ගලික අවශ්‍යතා හෝ ආශාවන් ගැන නොසිතා ක‍්‍රියාකාරිත්වයන් පාලනය කිරීමට කර්කෂ නීති ආදිය පවුලේ දක්නට ලැබේ. එම නරක අත්දැකීම් පවා පවුලෙන් බිහිවෙන කෙනෙකුග් අනන්‍යතායේ පාර්ශවයන් බවට පත්වේ. මිනිස් මනස මේ පවුලේ හිඩැස පියවා ගැනීමට හැමවිටම විවිධ මාර්ගයන් සොයති. මේ අවශ්‍යතාවය ගැන මෙසේ කතා කළ හැකියි: සමහරවිට දරුවන් ආකාරයෙන් අපි බොහෝ කාළයක සිට තවමත් පියෙකුගේ රූපිකයක් සොයමින් සිටිනවා විය හැකියි. කෙසේ වෙතත් ජීවිතය ඉතා අස්ථිර බවට පත්වී ඇත. රැුකියාව අහමිවීම, මිතුරෙකුගේ අහිමිවීම, ආගන්තුක තැනක පදිචියට යෑම වැනි මොහොතකදී අපට දැනෙන පරිදි සමකාලීන හුඳකළාව තුළ අපේ ආදරය, භක්තිය යොදවන්න තැනක් සියළුදෙනා විසින් සොයමින් සිටින්නෙමු. සමහර විටක අපි කිසිවෙකු බවට පත් නොවී සිටීමට උත්සාහකරණවා විය හැකියි. නැතිනම් ආකර්ශණීය, ශ්‍රේෂ්ඨ නායකයෙකුගේ බලය තුළට වී සිටීමට එ් නිසා අපි කැමති විය හැකියි. ඇතැම්විට අපිට නිකම්ම ඕන වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය, සිගරට් ආදියෙන් මිදුණු හොඳ ජීවිතයක් ඇති සහ හොද නීති රීති ඇති පියෙකුගේ මාර්ගෝපදේශකත්වය යටතේ අලූත් පවුලක ජීවිතයක් වෙන්න ඇති. මෙම සමකාලීන හුඳකළාව තේරුම් ගැනීමට විවිධ චින්තන සම්ප‍්‍රදායන්ගේ උදව් ලබාගත හැකිය. මාෂල් මැක්ලූහන්ගේ චින්තනය අදාල වෙන මධ්‍යවේදය තුළ හැඟවෙන පරිදි නව නිෂ්පාදනයන්ගේ අධිකත්වය හා තොරතුරු තාක්ෂණයේ ව්‍යාප්තියේ නව තත්වය තුළ මිනිසුන් හුඳකළාවේ බිහිසුණු අත්දැකීමක ජීවත් වීම අධ්‍යයනය කළ හැකියි. අනෙක් අතට සැල්වෝජ් ජිජැක්ගේ ලියකිලිවල මෙම අත්දැකීම අවධාරණය කෙරේ. මෙම යුගය තුළ කල්ට් බිහි වීම ගැන පෝල් වර්හාගේ මනෝවිශ්ලෂෙණ ලියකිලිවල මෙම තත්වය පැහැඳිළි කර ඇත. එම පසුව දීර්ඝව සාකච්ඡුා කරමු. වැදගත් කරුණ වන්නේ මිනිසුන් කල්ට් සමඟ තදින් බැඳී යන්නේ එ්වායේ මතවාදය නිසා නොවීමයි. ඔවුන් කණ්ඩායමට කැපවෙන්නේ ඔවුන්ට අළුත පවුලක් අවශ්‍යය නිසයි. මතවාදය කියන්නේ පවුලේ වත්කම්වලින් ආඩම්බරයෙන් කොටසකට විතරයි. විඍත පවුලක් විදිහට කල්ට් එකක ආකෘතිය හඳුණා ගැනීම. කලට් එකක් යනු බලධූරාවලියක් සහිත විශාල විඍත පවුලකි. එහි සියල්ලන්ටම බලපාන්නා වූ අනම්‍ය පීතෘ රූපකයක් ඇත. ඇතැම්විට කලාතුරකින් මාතෘ රූපිකයක්ද එයට ආදේශ විය හැකිය. විඍත පවුලක් යමකට මුලපිරීමේදී අණදිම්, නීතිය සහ පිළිවෙළ හොඳින්ම ප‍්‍රකට කරයි, පවුලකදී එහි අරමුණ සහ දිශාව වඩාත් පැහැඳිළියි, පොදු සතුරාට එරෙහිව නිරන්තර බැන වැදීම් එහිදී බහුලයි. වඩාත් පූජනීය වන්නේ කුමක්ද පවුලට කියා විවාදයක් නැහැ. පවුලේ අයට එය වාචික හෝ ලිඛිත මග පෙන්වීම්වලින් ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම එහි තාර්කිකභාවය වැදගත් නැහැ. නමුත් ඔවුන්ට ස්ථිර යමක් තියෙනවා. කල්ට් එකටත මේ තත්වය පොදුයි, කණ්ඩායමේ විනිශ්චයීය අක්ෂය නිරීක්ෂණය කිරීමෙන් කලට් එකක් යනු බලධූරාවලියක් සහිත විශාල විඍත පවුලකි. එහි සියල්ලන්ටම බලපාන්නා වූ අනම්‍ය පීතෘ රූපකයක් ඇත. ඇතැම්විට කලාතුරකින් මාතෘ රූපිකයක්ද එයට ආදේශ විය හැකිය. විඍත පවුලක් යමකට මුලපිරීමේදී අණදිම්, නීතිය සහ පිළිවෙළ හොඳින්ම ප‍්‍රකට කරයි, පවුලකදී එහි අරමුණ සහ දිශාව වඩාත් පැහැඳිළියි, පොදු සතුරාට එරෙහිව නිරන්තර බැන වැදීම් එහිදී බහුලයි. වඩාත් පූජනීය වන්නේ කුමක්ද පවුලට කියා විවාදයක් නැහැ. පවුලේ අයට එය වාචික හෝ ලිඛිත මග පෙන්වීම්වලින් ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම එහි තාර්කිකභාවය වැදගත් නැහැ. නමුත් ඔවුන්ට ස්ථිර යමක් තියෙනවා. කල්ට් එකටත මේ තත්වය පොදුයි, කණ්ඩායමේ විනිශ්චයීය අක්ෂය නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ගේ ස්ථිර දෙය වටහාගත හැකියි. පවුල තුළ ඇති අසාධාරණ පක්ෂපාතීත්වයන් මේ තුළද දැකිය හැකියි. මේ පවුල් සම්බන්ධතා බලයේ අපයෝජනය සමඟ සමපාත වූ විට තත්වය අතිශය පීඩාකාරීය. පොදු පවුල් අත්දැකීම සහ කල්ට් අත්දැකීම අතර වෙනස සමාන්‍යයෙන් තේරුම් ගන්න වෙන්නේ අත්දකින්න ලැබෙන අපයෝජනයේ ප‍්‍රමාණයේ තීවෘතාවය මත සහ රැුවටීමේ මුලා කිරීමේ ප‍්‍රමාණය මතයි. මොළසේදීමේ තාක්ෂණයන් ගොඩාක් එ් තරම් දුරට ශක්තිමත් නැහැ. එ්වා යම් දුරකදී හැරදමනවා. විසෘත පවුලේ ඇති සම්පූර්ණ පාලනය, රැුවටීම සහ අපයෝජනය වැනි සංකීර්ණ හා සියුම් ආකෘතීන් කල්ට්වල දී තවදුරටත් වඩා ශාස්ත‍්‍රිය හා ශක්තිමත් ආකෘති බවට පත්වෙනවා. එය තේරුම් ගැනීමට පුළුවන් සරල ආකෘතියක්: හිතන්න කෙනෙක් තමාගෙම පවුලක ඇතිදැඩි උනා කියළ, විශේෂයෙන් අපයෝජනාත්මක පවුලක ඔහුට හෝ ඇයට කල්ට් සංකල්පය තවදුරටත් පුදුම ආගන්තුක ආකල්පයක් නෙවෙයි. බලන්න ෘැ්ාකහ පදඑසඩ්එසදබ කියන චිත‍්‍රපටිය, එය මෑතකදී ්ඍඔඩ හි විකාශණය විය. විශේෂයෙන් කල්ට් තුළ ඇති විඍත පවුල් ආකෘතිය බාහිර සමාජයේ සිට හොඳින් නිරීක්ෂණය කළ හැකිය. කැඞී වෙන්වී ගිය පවුලේ සතුරන්ට කියන ආකාරයෙන් මේ කල්ට් එය හැරගිය තම පැරණි සමාජිකයන්ට බැන වදී. මම එයාලව දරුවෝ වගේ බලාගත්තේ වැනි කතා කියනවා දකින්න පුළුවන්. ඔවුන් මතවාදී විවේචනය සමඟ සම්බන්ධ නොවේ. ඔවුන්ට ගැටළුව මතු වන්නේ පවුලේ සම්බන්ධතා තුළයි. අඅඅගංටරදමචකනගදරට වෙබ් අඩවිය අධ්‍යයනය කරන්න. කල්ට් සාමාජිකයන් අතර ඇත්තේ දේශපාලනික සම්බන්ධයක් නොව විඍත පවුලේ ආගමික සම්බන්ධයයි. ඔවුන් අතර ගැටළු ඇතිවෙන්නේ මතවාද හෝ අදහස් සම්බන්ධයෙන් නොවේ, විඍත පවුලේ ආගමික සදාචාරය බිඳ දැමීම නිසාය. අදහස් කොතරම් වෙනස් අදහස් උනත් පවුලේ කෙනෙක් නම් එච්චරයි, පස්සේ වෙනස් වේවි වගේ ආගමික විශ්වාසයක් එහි තියෙනවා. ආගම මෙන්ම දේශපාලනය යන ප‍්‍රපංචයද කල්ට් එකකට විශාලතර උපායමාර්ගික ශක්තියක් ලබා දෙයි. බොහෝවිට භක්තිමත් බැඳීම කියන කාරණයේදී ආගමට සමානවම දේශපාලනයත් එම ශක්තිය ලබා දෙනවා. කොහොම උනත් මතවාදය යනු විසෘත පවුලේ නොයෙක් දේවල් අතරින් එකක් පමණයි. බොහොමයක් අපයෝජනයන් සහ මුලාකිරීම්වල ආරම්භය ඇත්තේ පීතෘ රූපිකය ගන්නා නායකත්වයේ මිස දේශපාලනික හෝ ආගමික මතවාදය තුළ නොවේ. මේ අපයෝජනාත්මක පීතෘ රූපිකය තුළදී එම විවිධ මතවාදයන් අඳාළ සන්දර්භයෙන් පිටතට ගැනීම සහ වැරදි අර්ථකතන ලබාදීම නිරන්තරව සිදුවෙයි. මන්ද එ් පාලනය කිරීම වෙනුවෙන් සහ ඔහුට සියළුම ගැටළුවලට පිළිතුරු ඇතැයි සිතන නිසාවෙනි. ”එයා ඕනම දේකට උත්තරය දන්නවා නේද?” ගොඩක් අය එහෙම හිතලා ඉතා සංකීර්ණ ගැටළුවලට සරල උත්තර දෙන මතවාදයන් හෝ කණ්ඩායම් කරා යනවා. ඔහුගේ පිළිතුර නිවරදිද යන්න වැදගත් නොවේ. උදාහරනයක් ලෙස බලන්න ඉන්දියාවේ රාජනීශ් ලෝකයේ විශාල ගැටළු වලට දුන්න උත්තර: ඔහු සමාජවාදයේ ඇදැවැටීම, රුසියාව බිඳවැටීම, මාක්ස්වාදයේ පරාජය වැනි දේවල් ගැන අති සරල පිළිතුරු දී ඇත. පියා එ්වා දන්නා නිසා එ් මහා ගැටලූ වලින් මා ආරක්ෂා කරාවි යන හැඟීමෙන් මිනිසුන් එ්වා සමඟ බැඳේ. එ්වායේ නිවැරදිභාවය සෙවීම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ආරක්ෂාවයි. මේ මානසිකත්වය වටහා ගැනීමට ලැකාන්ගේ කතිකාවන් හතර න්‍යාය තුළ ඇති හිස්ටරිකයාගේ කතිකාව අධ්‍යයනය කරන්න. ඇදී යන ඔවුන් නොදන්නා කාරණය තමයි වඩ වඩා සරල කරන ලද මේ විශ්වාස පද්දතියට පිටුපස අනිවාර්්‍යයෙන්ම අපයෝජනාත්මක පීතෘ රූපිකයක් පවතින බව. බිහිසුණු කල්ට් ආකෘතියඅපයෝජනාත්මක පියවරුන් (කල්ට් නායකයන්* ඔවුන්ගේ බිහිසුණු අපයෝජනයන් තාර්කික කරන්නේ යුක්තිසහගත කරන්නේ තම අරමුණ (පවුල/සංවිධානය* ජයගහණය කරවීමට එසේ කරන බව කීමෙනි. නමුත් අනතුරට විවර වී ඇති පරිසරයකදී කලාතුරකින් පුද්ගල සාමාජිකයන් සමඟ ඔහු ඉතාම හිතවත් සම්බන්ධයකට එයි. එහෙත් එසේ වන්නේ අපයෝජනයට ඔවුන්ව තව දුරටත් භාජනය කරගත හැකි උපයෝගීතාවාදී තත්වයකිනි. එ් සමාජිකයාව හරියටම හඳුනන්නේ නැතිනම් ඔහුව හරියටම දන්නේ නැත්නම් නායකයාට ඔහුව විශ්වාස කිරීමට නොහැකියි. එවිට සියළුම අනර්ථකාරී බිහිසුණු අභිප‍්‍රායන් එ් සමාජිකයාට පවරයි. එවිට ඔහුගේ ඇතිවෙන සදාචාරාත්මක බිඳවැටීම ගැන ඔහුගේ පුද්ගලික වැරදිකාරී හැඟීම තවත් දුරට යද්දී සංකීර්ණ වෙයි. එවිට එය ඔහුගෙන් කණ්ඩායමට විශේෂයෙන් නායකයාට විපතක් වියහැකියාව අඩුකරයි. දැන් ඔහු පිටතට ශක්තිමත් පෙනී සිටීමක් ලබා දිය යුතුයි. එ් සඳහා පවුල (කණ්ඩායම* මත රඳන්නට ඔහුට සිදුවෙයි. කණ්ඩායම අපේක්ෂා කරන්නේත් එයයි. එසේම සමාජිකයන් තේරුම් ගන්නා අනිත් කාරණය නම් මෙයට එරෙහි වූවොත් පලිගැනීම කෙතරම් දරුණුද? යන්න. මැල්කම් ඞ ඔහුගේ අවසාන දින කිහිපය ගත කරන ආකාරය දැක්වෙන චිත‍්‍රපටියක් නිරීක්ෂණය කරන්න. ස්පයික් ලී විසින් අධ්‍යක්ෂණය කල ඩෙන්සිල් වොෂින්ටන් රඟපාන චිත‍්‍රපටිය මේ සඳහා ඉතා යෝග්‍යය. කණ්ඩායම් නායකයාගේ පරම උපක‍්‍රමය දෙවියන්ගේ හැඳුණුම්පත පාවිච්චි කිරීමයි. පියාගේ ක‍්‍රියාවන්හිදී ඔහුව මෙහෙය වෙන්නේ දෙවියන් වෙතින් නම් පවුලේ අයට ඔහුගේ ක‍්‍රියාවන් සහ අභිප‍්‍රායන් ප‍්‍රශ්න කරන්න බැහැ. එසේ කළොත් දෙවියන්ට එරෙහිව ගිය අය විදිහට නම් කෙරේවි. දෙවියන්ගේ රූපිකය වෙනුවට වෙනත් යමක් ආදේශ විය හැකිය. උදාහරණයක් විදිහට උත්කර්ෂයට නැංවූ මිත‍්‍රත්වය හෝ ආදරය වැනි සංකල්ප මේ සඳහා බොහෝ විට යොදාගැනේ. මේ විසින් සාමාජිකයන් විසින් කණ්ඩායම නායකත්වය නැතිනම් පියාව ප‍්‍රශ්න කරන එක ඉතාම සාර්තකව වලක්වලා තියෙනවා. අපයෝජනාත්මක තත්වය යටතේ පවුල හැරයාම හැමවිටම කණ්ඩායම තුළ සලකුණු වන්නේ එ් හැරයන්නේ යම් සඳාචාරාත්මක වැරැුද්දක් ලෙස මිස පියාගේ වැරැුද්දක් ලෙස නොවේ. මේ වැරදිකාරී හැඟීම සහ එ් පිළිබඳ බිය බොහෝ දෙනා කණ්ඩායමෙන් ඉවත්ව යෑම සහ කණ්ඩායම ගැන ප‍්‍රශ්න කිරීම නවත්වා තිබෙනවා. පියාද ඔහුගේ සඳාචාරාත්මක දුෂ්චරිතය සහ අවිශ්වාසය තුළ ව්‍යාකූල වී සිටින්නෙකි. එහෙත් එයින් ගැළවෙන්නට හෝ වෙනත් ආකාරයකට ජීවත් වන්නට ඔහුට නොහැකිය. ඔහුට ස්තූති සහඟත කාරුණිකත්වය, සමාව දීම, ආදරය වැටහෙන්නේ නැත. නමුත් කලාතුරකින් අන් අය කෙරෙහි තද කම්පනයකින් පසුවෙයි. නමුත් බිය සහ වැදරිකාරීත්ව හැඟීම තේරුම්ගනී. එය තමයි ඔහුව පොළඹවන විශාලතම බලවේගය වන්නේ. ඔහු මේ බලය අන් අය පාලනය කිරීම සඳහා පාවිච්චි කරයි. ඔහු ක‍්‍රමයෙන් හිටිලර් හෝ ජිම් ජෝන්ස් වැනි රාක්ෂයෙක් බවට පත් වූවත් නැතත් එය තීරණය වන්නේ අඳාළ තත්වය සහ ඔහු ක‍්‍රමයෙන් අත්කර ගන්නා බලයේ ප‍්‍රමාණය මතයි. ඔබට අවශ්‍ය නම් කල්ට් නායකයෙක් තම පවුල (කණ්ඩායම* මත යොදන බලය කොපමනද කියා තේරුම්ගන්න අන්තර්ජාලයේ ේජඑබැඑ වෙබ් අඩවියේ ප්එැරස්කි වල තියෙන farther cares: The Last speech of Jim Jones නම් හඩ පටියට සවන් දෙන්න. එහි ඇත්තේ සංවිධානයට එරෙහි වූ සහ එයට විරුද්ධ වූ සමාජිකයන් දෙදෙනෙකුට දඩුවම් නියම කරන ආකාරයයි. දඩුවම කුමක් විය යුතු දැයි කියන්නේ අනෙක් සාමාජිකයන්ය. ඔවුන් යෝජනා කරන්නේ කුරිරු මරා දැමීමකි. පවුලෙන් හා සමාජයෙන් මුළු මනින්ම වෙන්කරන ලද එ් සමාජිකයන් විසින් නායකයාගේ අභිප‍්‍රායම ඉටුකරන ආකාරය අතිශයින් විශ්මය ජනකය. ඔබ මෙය තේරුම්ගෙන වටහා ගැනීම තමයි ඔබට ඇති එකම ආරක්ෂාව එසේ මිස ඔබ හොඳ පුද්ගලයෙක් වීම පමණක් ප‍්‍රමාණවත් නැත. හරිවැරැුද්ද මොකද්ද කියල මිනිස්සුන්ට සදාචාර අධයාපනයක් ලබාදීම මෙම ගැටළුවට පිළිතුර නොවේ. එම දැනුමට පියාගේ/නායකයාගේ අපයෝජනයට අභිමුඛවීමේදී කල හැකි කිසිවක් නැහැ. ඔහුගේ අපයෝජනයට ගොදුරු වුවන් තවමත් ඇත්තේ නායකයාගේ වචනය තුළයි. ඔහු සමඟ පිටස්තරයෙක් වාදයට පැටලැවුනු වහාම තම නායකයා වෙනුවෙන් පෙනී සිටියි. මෙවන් පාලනය කිරීමක ස්වභාවය එයයි. සමහරු එයට වශීකිරීම, මෝහනය කිරීම ලෙස හැඳින්වුවද එය මූලිකවම පීතෘ රූපිකයේ ශක්තිය යි. මෙවැනි තත්වයක් සමඟ මතවාදය ගැන සාකච්ඡුා කිරීම කාලය නාස්ති කිරීමකි. කල්ට් සාමාජිකයන්ට නිවැරදි සත්‍ය කුමක්ද කියා හෝ පොත්වල තියෙන්නේ මේවාය කියා හෝ ඔබේ නායකයා ඔබව කොතරම් දුර රැුගෙන ගොස් ඇතද කියා හෝ ඉගැන්වීමට යාමේදී මෙම තත්වය ඔබට මුණගැසේවි. ඇතැමිවිට ඔබ පුදුම වේවි. දරුවෙකුට හෝ බිරිඳකට පවුලේ පියා විසින් පහර දෙනු ලැබුවේ නම් ඔබ මුලින්ම අපයෝජනය විවෘත වේවි. පසුව ඔබට වෙලාවක් ලැබුණු විටක ඔබ ඔවුන් සමඟ කතාකල විට පියා ඔහුගේ අපරාධ වලට දෙන හේතුම ඔවුන් කියාවි. ඇත්තටම මේ පියාගේ භූමිකාව ඉවත් කළ විට පමණක් අපට එම රූපිකය නැති පසු සන්දර්භයක් තුළදී පමණක් අපට පෙන්වන්න පුළුවන් පියා කොහොමද දරුවන් සහ බිරිඳ අපයෝජනය කළේ කියා. මතවාදයත් එක්ක එහි සම්බන්ධයක් නැති වේවි. එය අපයෝජනයේ උපකරණයක් පමණක් බවත් හැඳින් විය හැකියි. බොහෝ කල්ට්වල දකින්න පුළුවන් ලක්ෂණයක් තමයි ස්ත‍්‍රීන්ව යටහත් හා දෙවැනි කොට සැළකීම. එසේම ඔවුන්ව සතුරු තැනක සංවිධානය තුළ ස්ථාපිත කිරීම.- Gorvallis Gazette, Time Magazine, 2005.Aprile.04සිංගර් ප‍්‍රකාශකරන අන්දමට සියළුම කල්ට් ගොඩනැගී තියෙන්නේ සිතුවිලි නැවත සකස් කිරීමේ වැඩසටහනක් මතයි. එවැනි වැඩසටහනක් මිනිසුන්ගේ පුද්ගලිකත්වය දිය කිරීමට, ඔවුනගේ ගැඹුරුම විශ්වාස පද්දතිය වෙනස් කිරීමට සහ ඔවුන්ට ඔවුන්ගැනම තියෙන සංකල්පය වෙනස් කිරීමට යොමුව තියෙනවා. මෙය සිදුකරන්නේ සියළු දෙය තේරුම්කර දෙන සර්වාධිකාරීත්ව මතවාදයක් ඔවුන් මත ආරෝපනය කිරීම මගිනි. මේ මාර්ගය තමයි එකම මාර්ගය. එය ආගම උනත් දේශපාලනය උනත්, විද්‍යාව උනත්, ධනාත්මක චින්තනය උනත්, මනෝචිකිත්සාව උනත් ඔබට මාර්ගය නම් මෙය යැයි ඔවුන් කියනවා. ලිෆ්ටන් සඳහන් කරන පරිදි කොහොමටත් වහා සිදුවෙන්නට යන සමාජ සංවර්ධනයක චලනයේ යම් යම් මානයන් කෙලින්ම කල්ට් එක තුළට ගුප්තමය සංවේදනයක ආකතාරයෙන් ඇතුළු කරගෙන මේ සමාජ චලනයේ පෙරටුගාමීන් බවට ඔවුන් ඔවුන්වම පත්කර ගැනීම දකින්න පුළුවන්. එහි ප‍්‍රතිඵල වශයෙන් අනෙක් සියළුම කණ්ඩායම් වංචාකාරීන්, ලජ්ජාවට පත්වූවන්, ප‍්‍රතිරූපකයන් ආදිය බවට පත්කිරීම දකින්න පුළුවන්. සමාන්‍යයෙන් කල්ට්වල අධිකාරීවාදී නායකයන් මෙන්ම දෙවන පෙළ නායකයන්ද සිටිනවා. ඔවුන්ගේ සර්වාධිකාරී මතවාද හා ක‍්‍රියාවන් යුක්ති සහඟත කරන්නට ඔවුන් මියගිය නායකයෙකුට හෝ ඔහුගේ කාර්යයන්ට ගරු සත්කාර කරනවා. කෙනෙක් කණ්ඩායමේ මාර්ගය තෝරා ගන්නවා නම් සාමාන්‍යයෙන් නින්දාවට, ගර්භාවට හෝ මරණයට පත්වන්නේ නැහැ. මෙය අත්කර ගැනීමට කණ්ඩායමේ සාමාජිකයන් සමාන්‍යයෙන් මොලසේදීම ලෙස හඳුන්වන සිතුවිලි නැවත සකස්කිරීමේ තාක්ෂණයන් හරහා ගොස් එ් අනුව කණ්ඩායම් සිතීම අත්පත්කරගත යුතුය. (කණ්ඩායම් සිතීම = විඍත පවුලේ පවුල් හැඟීම*. එය අත්පත් කරගැනීමට භාවිතාකරන තාක්ෂණය පහත පරිදිය:1. Vulnerability - නව සාමාජිකයාගේ අනතුරට විවෘතභාවය පාවිච්චි කිරීම.පාවිච්චි කරන අධිශික්ෂණ ක‍්‍රියාවලිය ගැන අවධානයක් නැති පුද්ගලයෙක් තුළ ඇති අනතුරට විවෘතභාවය හා අව්‍යාජ සරලමතිකභාවය මත කල්ට් හි ආරම්භක සංවාදය විශ්වාසය තබයි. නීතීඥයන්, දොස්තරවරු, හා මනෝවිද්‍යාඥයන්ද ඇතුළුව බොහෝ නව කල්ට් සාමාජිකයන් එන්නේ අධ්‍යාපනය ලද මධ්‍යම පන්තියෙනි. එහෙම නැතුව බොහොමයක්ම අය අසාර්ථක පවුල්වල අය හෝ මත්ද්‍රව්‍යවල ට ඇබ්බැහි වූවන් නොවේ. නමුත් ඔහු යම් පුද්ගලික අර්බුදයකට ලක්වී සිටියි. ඔවුන් තමයි මේ සියල්ලම වැළඳගන්නා ස්වරූපයේ වූ විසඳුම්වල පහසුම ගොදුරු. ඉතා සියුම්ව එ් පරිසරයට සකස්කර ගැනීම පිණිස ක‍්‍රමයෙන් පීඩනයට ලක් කිරීම අරඹයි. එසේම තමන් තුළ සිඳුවෙන වෙනස්කම් හඳුනා ගැනීමට නොහැකි වෙයි. ඇතැමිවිටකදී ඔහු එ්වා හඳුණා ගන්නා විට කණ්ඩායම ඔහුට කියන්නේ එ්වා ධනාත්මක බවයි. ආරම්භයේ සිට නොදැනුවත්වම වසඟයට පත්කර තම විශ්වාසයන් හා තම වටිනාකම් කණ්ඩායමේ එ්වායින් ප‍්‍රතිස්ථාපනය කරමින් සහ එ් අයගේ පූර්ව ජීවිතය, පෞරුෂය හා චරිතය වැඩකට නැති සහ පිරිහුණු දේවල් බව එ්ත්තු ගන්වයි.2. powerlessness - බල රහිත බව අධිකාරිත්වයක හෝ අධිකාරීවාදී ක‍්‍රමයක ආධිපත්‍ය තුළ ජීවත්වන අයෙකුට තමන්ගේ බලරහිතභාවය හා උදව්රහිතභාවය මුණ ගැසෙයි, ඔහුට විකල්පයක් සඳහා ඇති හැකියාවක් නැතැයි හොඳින්ම දැනෙයි. වෙළඳපොල සහ ධනවාදී සමාජයේ ආධිපත්‍යයික බලරටා සහ වඩා හොඳින් දැනෙන්නට පටන්ගෙන ඇති මේ යුගය එයට හොඳ උදාහරණයකි. ඉතින් ඔබට වෙළඳපොල ක‍්‍රමය තුළ විනාශ වී ¥ෂණය වී යනවා වෙනුවට ඔබේ ශුද්ධභාවය වෙනුවෙන් කණ්ඩායමකට එකතු වී එ් සමාජයෙන් ගැලවිය හැක. මෙය කල්ට් විසින් ප‍්‍රයෝජනයට ගන්නා තත්වයකි.3. අනියතභාවය අනියතභාවයට මිනිසාගේ ඇති අකමැත්ත බිය කල්ට් විසින් ඉතා හොඳින් තම ගොඳුරු අල්ලා ගැනීමේදී ප‍්‍රයෝජනයට ගනී. ඔවුන් ඕනෑම ගැටළුවකට නිශ්චිත පිළිතුරු ලබා දෙයි. නිශ්චිත පිළිතුරු ඇති බව පවසයි. එය පුද්ගලයාගේ අනාරක්ෂිතභාවය සහ බිය අඩු කරයි. හැම දෙයක්ම පෙනෙන්නේ හොඳ නරක, ශුද්ධ අශුද්ධ, කළු සුදු යන පදයන්ගෙන් පමණි. අනියතභාවය, විවාදයට හෝ සැකයට භාජනය වන කිසිවක් නැත. සමාජිකයාට පූර්ණ විසඳුම් ලබාදී ඇත. අනිත් අතට කණ්ඩායමේ සාමාජිකයන් ගෙන් කණ්ඩායමේ අනන්‍යතාවයන් සහ එහි අදහස් ප‍්‍රශ්න නොකර බාරගැනීම හා කැපවීම අපේක්ෂා කරයි.4. පරිසරය හා කාලය පාලනය කිරීම කණ්ඩායම නව සමාජිකයෙකුගේ කාලය, සමාජීය හා මානසික පරිසරය පාලනය කිරීම ක‍්‍රමයෙන් අධික වන තීව‍්‍රතාවයකින් ආරම්භ කරයි. සමාජිකයන් රැුස්වීම් හා සාකච්ඡුා විශාල සංඛ්‍යාවකට අනිවාර්යයෙන් නිරන්තර සහභාගිවීම සහ කණ්ඩායමේ අනෙක් කටයුතු වලට නිරන්තරව සහභාගි වෙමින් බාහිර ලෝකය සමඟ අනෙකුත් සම්බන්ධතා ක‍්‍රමයෙන් අතහැර යාම අපේක්ෂා කරයි. සමාජිකයන්ගේ මුල් මිතුරු මිතුරියන්, දන්නා හඳුනන අය ඇතුළු ආදරය කරන අයගේ සාමාජීය සම්බන්ධය හා සම්බන්ධතාවය කඩා බිඳ දැමීමට කෙලින්ම කණ්ඩායම අනුබල දෙයි. ක‍්‍රම ක‍්‍රමයෙන් සාමාජිකයන්ට කණ්ඩායමෙන් පිටත ලෝකය ගැන සිතීමට නොහැකි වෙයි. 5. දැනමුතුකම් උපදේශ ලබාදීමරැුස්වීම්, සාකච්ඡුාවල දී තමන්ගේ දැක්මක් කල්පනාවක් මත ස්ථිරව වැඩකරමින් නව සාමාජිකයන්ගේ ධෛර්්‍යවත් බවට පැරණි සමාජිකයන් පීඩා පමුණුවයි. බොහෝවිට කණ්ඩායමට නව සාමාජිකයන් අන්තර්ග‍්‍රහනය කර ගැනීමට සහ මානසිකත්ව පාලනයට උපදේශකයන් ලෙස ගුරුවරුන් පත්කර සිටියි. ඔහු නව සාමාජිකයන්ට දැන මුතුකම් ලබා දෙයි. අයහපත් අමාරු හැඟීම් හැමවිටම එ් අදාල සමාජිකයාගේ ගැටළුවක් මිස කණ්ඩායමේ වැරැුද්දක් නොවන බව ඔහු පෙන්වා දෙයි. නව සාමාජිකයා තුළ ඇති වෙන කණ්ඩායමට ගැලපෙන අවශ්‍යය සිතුවිළි පමණක් උත්පේ‍්‍රරනය කරන අතර අනෙක්වා මතින් පැන යයි. සාමාජිකයන් ඔවුන්ගේ සිතුවිලි, හැඟීම් හා ක‍්‍රියාකාරීත්වයන් කණ්ඩායමට, නායකත්වයට හෝ තම ගුරුවරයාට වාර්තා කරයි. ඔහුගේ ඇයගේ ජීවිතයේ වැඳගත් තීරණ ගැනීමේදී කණ්ඩායම් නායකයාගෙන් හෝ තම ගුරුවරයාගෙන් උපදෙස් ගැනීමක් අපේක්ෂා කරයි. සමහර විට ඉතාම කුඩාම තීරණයකදී පවා එයා කාරය. පුද්ගලයාට තමා විසින්ම සිතා කණ්ඩායමෙන් පිටතදී තීරණයක් ගැනීම ඉතා අපහසුය. කණ්ඩායම විසින් පුද්ගලයාගේ අත්මීය භාවයට (ැටද* පහර දී මුලූමණින්ම විනාශකර දමයි. ඔවුන් ඔවුන්ගේම තීරණ හා විනිශ්චයන් ගැන සැක කරයි. ඔවුන් ඉක්මණින්ම තම නිදහස් කැමැත්ත අහෝසි කර ගනී. මෙහිදී එම කල්ට් ව්‍යූහයේ ඇති ගුණාංගයන්ගෙන් නව සාමාජිකයා මෙන්ම ඔහුගේ ගුරුවරයාද හැසිරේ. එ් ගුරුවරයා තමන්ගේ ස්ව කැමැත්තෙන් තොරවම සර්වාධිකාරී උපදේශකයෙක් වන අතරම නව සාමාජිකයාද තම කැමැත්තෙන් තමන්ගේ වැදගත් කමෙන් තොරවම අධුනිකත්වයේ බල සම්බන්ධය යටතේ ධූරාවලිය තුළට ගමන් කරයි.6. පාරිතෝෂික හා දඩුවම්, කල්ට් තුළදී අනුකූලතාවය වෙනුවෙන් අධිකතර පීඩනයක් යෙදවෙයි. ඔවුන් පුරාජේරු ඉච්ඡුාබස්වල සිට තර්ජනය කිරීම් සහ වැරදිකාරීත්ව හැඟීම්වල සම්මිශ‍්‍රණයක් මේ සඳහා යොදාගනී. කණ්ඩායම තුළ ඉගෙනීම, වැඩකිරීම අනවශ්‍ය චර්්‍යාවන් ඉවත් කිරීම සඳහා පාරිතෝසික සහ දඩුවම් පද්දතියක් භාවිතා කරයි. හුදකලාකරණය, මඟහැරයාම, නොඉවසීම, අප‍්‍රසාදය පළ කිරීම සහ නින්දාවට ලක්කිරීම වැනි දඩුවම් බිය සහ කීකරුකම ඇති කිරීමට යොදාගනී. එ් අතර විකල්පත්වය, හඳුනාගැනීම සහ ඉහලට එසවීම වැනි පාරිතෝෂිකද යොදාගනී.7. self-flagation - ස්වයං තාඩනය කණ්ඩායම් හමුවීම් හෝ නායකයා හමුවීම් තුළ බොහෝවිට පාපොච්චාරන සැසි පැවැත්වේ. එහිදී සාමාජිකයන් කණ්ඩායමේ ස්වභාවික හොඳට අනුව කළ පාපකාරී ක‍්‍රියාවන්, සිතුුවිලි, හැඟීම් ආදිය පාපොච්ඡුාරණය කරයි. එවිට අනතුරු ඇඟවීම්, අනුශාසනා හෝ පැසසුම් ලැබේ. ප‍්‍රසිද්ධ ස්ථානවලදී ප‍්‍රදර්ශනාත්මකව හැඟීම්මය පාලනය ඇතිකරගෙන සිටීමට බොහෝවිට උනන්දු කෙරේ. චාරිත‍්‍රමය ස්වයං තාඩනයක ස්වරූපයෙන් එ්වා වර්ණනාවට ලක්කරයි.8. group speaking කණ්ඩායම් කතනය කල්ට් හැඳින්වීමට සිතුවිලි නැවැත්වූ කල්ලි යන වචනයද භාවිතා කෙරේ. ඔවුන් පුනරාවර්තී වාක්‍යාංශ, කියමන්, සහ ඇතැම් මෝස්තරකාරී කතා ඕනෑම තත්වයක් යතාර්තයක් පැහැඳිළි කිරීමේදී යොදාගනී. එසේම වැඩිදුර විශ්ලේෂණ හෝ සාකච්ඡුාවන් වලක්වයි. ඕනෑම නොඑකඟතාවයක් නිදහස් විශ්ලේෂණය මගින් විසඳා ගන්නවා වෙනුවට ප‍්‍රඥාවන්ත නායකයන් හරහා එ්වා විසඳා ගනී. මෙම කණ්ඩායම් කතනය වැමෑරීමේ දක්ෂතාවයන්ට සහ ඔවුනගේ දක්ෂතාවයන් මගින් ව්ශේෂිතයන් එම වාකා්‍යාංශ වලින් පරාජය කිරීම ගැන කණ්ඩායම් සාමාජිකයන්ට නිතර පැසසුම් කිරීම දක්නට ලැබේ. මෙහි ප‍්‍රතිඵලය මනස පාලනය කිරීම සඳහා තීරණාත්මක බව ලිෆ්ටන් තර්ක කරයි. සියළුම මිනිස් අත්දැකීමකටම භාෂාව ප‍්‍රමුඛ වන නිසා ඔවුන්ගේ සිතීම හා දැනිමේ ධාරිතාවයන් බරපතල විදිහකට පටුයි. තවදුරටත් කියනවා නම් රහස් වචනමාලාව නිසා ඔවුන්ව බාහිර ලෝකයෙන් දුරස්තර වීම තව තවත් බල ගන්වනු ලබයි.9. ක්ලෝනීයකරණය කල්ට් විසින් එහි නායකයන්ගේ කුඩා පිටපත් ලෙස සාමාජිකයන්ව ක්ලෝනීකරණය කරයි. ඔබ ටෝකියෝ සහ ටොරොන්ටෝ නඟරවල එකම කල්ට් එකක සමාජිකයන් හමුවීමට ගියා නම් ඔබට හමුවන්නේ එකම වර්ගයේ අය පමණි. කල්ට් විසින් පුද්ගලයන්ගේ ස්වාධිනත්වය, පෞරුෂය හා සුවිශේෂීභාවය මංකොල්ලකා එ් වෙනුවට කල්ට් මමත්වයක් ස්ථාපිත කරයි. පුද්ගලයාගේ නියම ස්වරූපය තිබූ තැනට කල්ට්මය පුද්ගලභාවයක් ආරෝපනය කරයි.10. බොරු කීම (අසත්‍යයනය falsification) වර්තමානය සංකල්පීයකරණය කිරීමේදී අසත්‍ය කරුණු එයට එකතු කිරීමක් ගැන නෙවෙයි මේ කියන්න යන්නේ. ඇත්තෙන්ම කල්ට් ඉතිහාසය නැවත ලිවීමේ අති දක්ෂයින් ඓතිහාසික කරුණක් හෝ සත්‍යයක් කල්ට් නායකයාගේ සැලසුම අභිලාශය සමඟ නොගැලපේ නම් ඔවුන් සරලවම එය වෙනස් කරති. ලිෆ්ටන් කියන විදිහට ”පසුගිය ඓතිහාසික සිද්ධීන් වර්තමානයේ සිට එ් අනුව වෙනස් කරයි, සම්පූර්ණයෙන්ම ඉතිහාසය නැවත ලිවීම හෝ මඟහැරයාම සිදුවේ. කණ්ඩායමේ මතවාදය සමඟ ගැළපෙන පරිදි එ්වා සකස්කර ගනී. අළුත් වාක්‍ය විසින් පුද්ගලික අත්දැකීමේ යථාර්ථය සරලවම ප‍්‍රතිස්ථාපනය කරයි.11. කපටි ලෙස මුලා කිරීම කණ්ඩායම් නායකයා අනිත් සංවිධාන හා පුද්ගලයන් ගේ ද්විත්ව ස්වරූපයක් හා අශ්ශීලත්වයක් ගැන බොරු කීමට හොඳින් සූදානම්ව සිටියි. කල්ට් නායකයා භාවිතා කරන බහුල උපායක් තමයි තමන්කල පාපයන් වෙනුවෙන් අන් අයට චෝදනා කිරීම. මේ අන් අය සංවිධානය තුළින් හෝ පිටතින් සොයාගනී. එසේම කණ්ඩායම තුළ චෝදනාවට ලක්වන්නට පිටවී යන ලෙස බලකර සිටියි. එවිට කණ්ඩායම තුළ ඉතුරුවන්නේ ඇත්තටම හොඳ, ස්වභාවික, නිරෝගී, ඥානවන්ත, සන්සුන් කලබලයක් නැති අය පමණි. එවිට එසේම එවැනි අය සිටින්නේ එම කණ්ඩායම තුළ පමණි. සමාජිකයන්ට තම විවේචනාත්මක සංවේදනය නැතිවූ තැන පටන් සහ ඔවුන්ට ඔවුන්ගැන සිතීමට නොහැකි වූ තැන පටන් ඔවුන් කිසිම විටක තම නායකයන්ගේ හා මතවාදයන්ගේ අසත්‍යය ප‍්‍රශ්න කරන්නේ නැත. අන්ධ කීකරුභාවයකින් එ්වා අනුගමනය කරමින් තම නායකයා බේරාගත් සාමාජිකයන්ට අතිශය විශ්වාසවන්ත පක්ෂපාතීත්වයක් දැනෙයි.12. veneration මහත් භක්තිය - අභිවාදනය නායකත්ව රූපිකයන් මහත් ගෞරවයට හා අභිවාදනයට ලක්වෙයි. එසේම කණ්ඩායමේ නිවේදනයන් ශුද්ධ වූ ලියවිලිවල උපුටා දැක්වීම්වලින් සමන්විත වෙයි. නිශ්ඨාවක් මහත් විනාශයක් ගැන පුරෝකතනයක් සහ දරුණු ගර්භාවක් මේ නිවේදනවල ඇති පොදු ලක්ෂණයකි. මෙය ලෝක විනාශයේ සිට උමතුව, වදදීම, මත්ද්‍රව්‍යවලට නැවත ඇද වැටීම දක්වා ඕනෑම දෙයක් විය හැකියි. බොහෝවිට යම් යම් අර්බුද තත්වයන් තුළ සිට පැමිණි අයට කණ්ඩායම හැරයාම නැවත තත්වය නරක අතට හැරේය යැයි බිය ගන්වයි.13. - undemocratic reality නිර්ප‍්‍රජාතන්ත‍්‍රවාදී යථාර්ථය කණ්ඩායම් ගමන්පතය වැටී ඇත්තේ සෙවනැල්ලක් වැනි නායකත්වයකින්, ඉතාමත් කලාතුරකින් තමයි එ්ක පෙනෙන්නේ. සත්‍ය ප‍්‍රජාතන්ත‍්‍රීයත්වය ඉතාම අඩුයි නැතිනම් ඇත්තේම නැහැ. එහෙත් කණ්ඩායමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වරූපය ගැන නිතර සහතික කිරීම් දක්නට ලැබේ. එසේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සොයා බැලීමේ අමිහිරි ක‍්‍රමවේදයන් සහ කාර්ය පටිපාටියන් කල්ට් වල දක්නට ලැබේ. ලියකියවිලි මත කණ්ඩායම අතිශය ප‍්‍රජාතන්ත‍්‍රවාදී විය හැකියි. නමුත් භාවිතයේදී මේ සියල්ල සිද්ධ වෙන්නේ නායකයාගේ, නායකත්ව මට්ටමේ කිහිප දෙනාගේ සහ නිශ්චිත කමිටු කිහිපයක් තුළ ඇති කමිටු වලින්. මේ කමිටුවලට හැමදාම පත්වෙන්නේ එකම පුද්ගලයන් කිහිප දෙනෙක්. කල්ට් එක වැසුනු තර්කයන්ගේ ක‍්‍රමවේදයක් මේ සඳහා යොදා ගනී. එහි නැවත ආපසු හැරී බැලීම් නැත. ප‍්‍රතිසංස්කරණය කිරීම් කරන්නේ අධිකාරීත්වයේ ඉහළ අය පමණයි. නායකයන් නිතරම පුද්ගල බලය, ධනවත්කම හා ලිංගික වාසි පාවිච්චි කරයි.4. mystique and mission මුණිවර ගූඪත්වය සහ ¥ත මෙහෙවර කල්ට් සාමාජිකයන් තමන් නූතනත්වයේ සංවර්ධනයේ නූතනත්වයේ පෙරටුගාමීන්ව සිටිනවාය, මේ වහා සිදුවන්නට යන සමාජ පරිවර්තනයේ නීතීන් කෙලින්ම හඳුනාගත්තවුන්ය යන උසස්භාවයේ හැඟීමෙන් අභ්‍යන්තර නිලංකාරීත්වයක පසුවෙයි. මෙය ඉසිවරමය ගූඪත්වයකි. මෙයින් ඔවුන් ඓතිහාසික භූමිකාවන්ට තෝරාගත්තවුන්, පෙරටුගාමීන් (එයැ ඩ්බටම්රා*, පුරෝගාමීන් සහ නව සුවිසල් සමාජීය, දේශපාලනික, ආගමික හෝ විද්‍යාත්මක ව්‍යාපාරයක නව මඟ පෙන්වන්නන් තමන්ය යන හැඟීම ඔවුන්ට ඇතිවේ. මෙය ජීවිතයට අර්ථයක් ලබා දී ඇත යන හැඟීම කල්ට් සමාජිකයාට ලබා දෙයි. මේ හැඟීම ඇතුළු වූ සමාජිකයින්ට ජීවිතයේ වෙනත් අරමුණක් හෝ අර්ථයක් නැත.15. disturbed guru වධකයන් බවට පත්වූ ගොදුරු කල්ට් නායකයන් නිතරම සාමාන්‍ය මට්ටමට වඩා බුද්ධිමත් ආකර්ශනීය මනබඳිනා රූපිකයන්ය. ආකර්ශනීය මනබැඳීම ඔහුගේ එක් පුද්ගලභාවයකි. මෙය ව්‍යාජ පෞරුෂයකි. බොහෝ කල්ට් නායකයින් බහු පෞරුෂමය කැළඹීමකින් (multiple personality disorder) පීඩා විඳියි. සමාජිකයන්හට ඔහුට ගෞරව කිරීමට, ඔහුට පෙනෙන දුරින් සිටීමට, ඔහු සමඟ ඔහු වටා සිටීමට සිතෙයි. නමුත් හඳිසියේම ඔහුගේ පෞරුෂය වෙනස් විය හැක. කල්ට් නායකයන් හැමවිටම කරදරයට විපතට පත්වූ පුද්ගලයන්. ඔවුන් අනෙක් සමාජීය දේශපාලනික හෝ ආගමික කලට් වලට සම්බන්ධවී සිටි අය හෝ ළමා කාලයේදී ලද ක්ෂතිමය අත්දැකීමකින් පීඩා විඳින අයයි. ඔවුන්ගේ පිටතට පෙනෙන අතිශය ශක්තිමත් හා විශ්වාසී ව්‍යාජ පෞරුෂත්වයට යටින් ඇති ඔහුගේ අතිශය කැඞී බිඳෙන සුළු වූ පුද්ගල අනන්‍යතාවයේ, වටිනාකමේ, වැදගත්කමේ හැඟීම හිලව් කර ගැනීමට නායකත්වයේ ස්ථානය අතයාවශ්‍ය යි. මෙය පෙන්වා දෙන පරිදි යථාර්ථ ලෝකය සමඟ ගනුදෙනුවකට නොයා කල්ට්මය පරිසරය තුළ තමන්ගේ ගැටළුවලට පිළිතුරු සොයා ගැනිමට ඔවුන් තෝරා ගනී. ඔවුන්ගෙ පැරණි ඉතිහාසයන් පෙන්වාදෙන පරිදි කල්ට් නායකයන් සමාජයේ ආන්තිකත්වයට ලක්වූවන් වන අතර ඔවුන් තම ජීවිතයේ එක් හේතුවක සිට තවත් හේතුවකටත්, එක් කල්ට් එකක සිට තවත් කල්ට් එකකටත්, එක් රැුකියාවක සිට තවත් රැුකියාවකටත්, එක් විවාහයක සිට තවත් විවාහයකටත් ආදි වශයෙන් පාවී යෑමේ අධික නැඹුරුතාවයක් ඇති අය යි. එ් තුළ ඔවුන් තම ජීවිතය යම් හේතුවකට කැප කර තිබෙනවා (මේ දිනවල අන්තර්ජාලය තුළ පවා මෙවන් අය බහුල ලෙස දැකිය හැකි යි). ඔවුන්ට එ් ග‍්‍රස්ථිකමය-අනිවාර්යතාවය අත්හැරීමට නොහැකියි. ඔවුන් උමතුවූවන් සේ හැසිරෙයි. ඔවුන්ගේ දැක්මට, වැඩපිළිවෙලට, සහ ස්වයං උත්කර්ශනය කරා යන එ් ගමන හරහා බාධක විය හැකි කිසිවක් ඔවුනට නැත. ඔහුගේ බිරඳගේ දරුවාගේ ආදරය කරන අයගේ යහපත් ජීවිතය පවා ඔහුට බාධාවක් නොවේ. ඔහු අනතුරට නිරාවරණය වූ සමාජිකයන්ගේ මනස හසුරුවයි, මුදල් පැහැර ගනී, සහ ලිංගික වාසි ලබා ගනී. ඔවුන්ව මානසිකව, ශාරීරිකව හා ලිංගිකව අපයෝජනයට ලක්කරයි.කල්ට්මය අපයෝජනය1. කණ්ඩායම් නායකයා අධිකාරිත්ව ස්ථානයේ සුවිශේෂ තැනකට හිමිකම් කියයි. එය සාධාරණීකරනය කර ඇත්තේ ඔවුන් තමන්ගේ වාසියට පාවිච්චි කරන මතවාදයන් හා සංකල්පයන්ගේ සාධාරණත්වයෙනි. 2. ඇත්තටම තමන්ම තමයි සත්‍ය කියා ඔවුන් තදින් විශ්වාස කරති. ඉතින් ඔවුන් පවතින දේශපාලනයට පල්ලියට හෝ සමාජයට එරෙහිව තද විවේචක ආස්ථානයකට ගමන් කරන ගමන්ම තමන්ගේ කණ්ඩායම ගැන අදානග‍්‍රාහීව නායකත්වය අභිනන්දනය කරමින්, උත්කර්ශනීය ආස්තානයක් පවත්වාගෙන යයි. 3. තර්ජනයෙන් බියගැන්වීම හෝ මනෝවිද්‍යාත්මක මෙහෙයවීම මගින් සමාජිකයන් ඔවුන්ගේ නිලයට තදින් ලෙන්ගතුව බැඳී සිටීමට යොදා ගනියි. මෙය දෙවියන් විසින් දෙනු ආකෘතියකින් හෝ ලබන මහත් දරුණු විෂයාත්මක තර්ජනයක ආකෘතියකින් හෝ පවුලෙන් මිතුරන්ගෙන් ඈත්කිරීම වැනි ආකෘතියකින් පැමිණිය හැකියි. මෙය මනස පාලනය කිරීමේ අත්‍යාවශ්‍ය අංගයකි. 4. සමාජිකයන් විසින් කණ්ඩායමට සැළකිය යුතු මූල්‍ය ආධාරයක් ලබා දීම අපේක්‍ෂා කරයි. කණ්ඩායමට ඇතුළු වීමේදී දේපල පාවිච්චි කිරීමට මෙය අනිවාර්්‍ය සුදුසු කමක් විය හැකිය. දායකත්වයක් ලබා නොදුන් අයට මෙයින් වරදකාරීත්වයක් හැෙඟ්. එය බලහත්කාරී මානසික පාලනයට වැදගත් සාධකයකි. සඟරා, බුක්මාක්ස්, ටි ෂර්ට්ස්, හෝ මල් විකිණීම මගින් එ් අයට කණ්ඩායම වෙනුවෙන් දායක විය හැකිය. 5. කණ්ඩායම හා එහි ඉගැන්වීම වෙනුවෙන් කැපවීම ගැන විශාල අවධාරණයක් දක්නට ලැබේ. කණ්ඩායම් සාමාජිකයන්ගේ ජීවිත සම්පුර්ණයෙන්ම කණ්ඩායමේ ක‍්‍රියාකාරීත්වයට උරාගෙන ඇත. ඔවුන්ට ඉතාම කෙටි කාලයක් විතරයි තමන් ගැන හිතන්න තියෙන්නේ. ඇතැම්විට කාලයක් ඇත්තේම නැහැ. එයට හේතුවන්නේ සාමාජිකයන් ශාරීරිකමය හා භාවමය වශයෙන් සම්පූර්ණයෙන්ම අධික වෙහෙසට පත්වීමයි. 6. කණ්ඩායම් සමාජිකයාගේ පුද්ගලික ජීවිතවල සියළුම පැතිවල සම්පුර්ණ පාලනයක් ඇතිකෙරේ. මෙය ජදපපමබ්ක ජීවිතයක් නඩත්තු කිරීම හරහා සිද්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් වඩා ශිෂ්ඨ ජීවිතයක්, වඩා ක‍්‍රිස්තියානි ජීවිතයක් ගත කරන ආකාරය හා නායකයාගේ අදහස්වලට කීකරුව ජීවත්වන්නේ කෙසේද වැනි දේවල් නිරන්තරව හා තදින් ස්ථිරව දේශනා කිරීම දකින්න පුළුවන්. සමාජිකයන් ඔවුන්ගේ නායකයාගේ මාර්ගෝපදේශකත්වය ජීවිතයේ සියළුම කාරණාවලදී අපේක්ෂා කරයි.7. කණ්ඩායමේ ඉගැන්වීම් සමඟ ඇති ඕනෑම විසම්මුතියක්, හෝ ප‍්‍රශ්න කිරීමක් අධෛර්යට ලක්කරයි. ඕනෑම ආකාරයේ විවේචනයක් කැරළිකාරීත්වයක් ලෙස දකියි. අධිකාරීත්වය ප‍්‍රශ්න නොකරන කීකරුභාවය මත සහ යටහත් පහත් භාවය මත අවධාරණය කිරිමක් නිරීක්ෂණය කළ හැක. එය ප‍්‍රවේශම් සහඟත ලෙස නඩත්තු කෙරේ. 8. කණ්ඩායම් සාමාජිකයන්ට කිසියම් හෝ විදිහකින් කණ්ඩායමට ඇති තමන්ගේ ලැදියාව පෙන්නුම් කිරීමට සිදුවේ.කල්ට්එක විසින් අපයෝජනයට ලක්කරන්නාවූ අයිතීන්1. abuse of individuality පුද්ගලත්වය අපයෝජනය කිරීම. මේ සඳහා කණ්ඩායමික මානසිකත්වය භාවිතා කරයි. එය විසින් කණ්ඩායමෙන් පිට වෙනම ඔවුන්ට තමන් ගැන සිතීමට අවසර නොදෙන අතර අවසර ලැබෙන්නේ කණ්ඩායම විසින් දෙන ලද දේ සිතීමට පමණි.2. abuse of intimacy ඉතා කිට්ටු ළඟ ආශ‍්‍රයන් අපයෝජනය කිරීම. මිතුරන්, ඥාතීන්, බිරිඳ හෝ සැමියා, පෙම්වතා පෙම්වතිය, දරුවන් දෙමව්පියන් වැනි අය සමඟ ඇති දැඩි සම්බන්දකම් බිඳ දමන අතර බිය ජනක ලෙස එ්වා වලකා දමයි. -මට වඩා ඔබ ඇයට ආදරය කරන්නේ ඇයි?- නායකයා සමාජිකයාගෙන් අසයි. සමාජිකයන්ගේ විවාහයන් අතපසු වීම බොහෝ විට දැකිය හැකියි. බොහෝවිට ඔවුන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය අහිමිවී ගොස් ඇත.3. us vs them mentality ඔවුනට එරෙහිව අප මානසිකත්වය. සමාන්‍ය පොදු ජනයාගෙන් වෙන්වීම නිසා කණ්ඩායමෙන් පිටත එ්නෑම කෙනෙක් යක්ෂයාගේ කෙනෙක් හෝ අශිෂ්ඨයෙක්, නූගතෙක් විදිහට දකියි. එබැවින් කණ්ඩායමේ සතුරන් බවට පත්වන්නේ මුල්කාලීන මිත‍්‍රයන්, පවුල්වල සමාජිකයන් වැනි අයයි. කල්ට් දෘෂ්ටිකෝණයෙන්ම මාධ්‍යය, අධයාපන පද්දතිය, රජය ආගම සහ පොදුවේ මුලූ ලෝකයම ඔවුන්ගේ සතුරන් බවට පත්වේ. ඉතින් කවුරුන් හෝ සමාජිකයෙක් බාහිර ලෝකයේ මේ දෙවල් එක්ක එකතු වෙනවා නම් එය සියළුම පරමාදර්ශියත්යන්ගේ අවසානයක් ලෙස තේරුම් ගනියි. 4. abuse of time and energy කාලය හා ශක්තිය අපයෝජනය කිරීම. කණ්ඩායම සාමාන්‍යයෙන් සමාජිකයාගේ සම්පූර්ණ කාලය හා ශ‍්‍රමය ඔවුන්ගේ කණ්ඩායම් ක‍්‍රියාකාරිත්වය සඳහා පාලනය කරයි - පාවිච්චි කරයි. ඔවුන් මානසිකව හා ශාරීරිකව නිරන්තර අධික වෙහෙසකින් පසුවෙයි.5. abuse of free will නිදහස් කැමැත්ත අපයෝජනය කිරීම. ප‍්‍රශ්න නොකර බාරගන්නා කණ්ඩායමේ අදහස් නිසා සමාජිකයාගේ නිදහස් කැමැත්ත විනාශ වී යයි. ඔවුන්ගේ කැමැත්ත ඇත්තටම කණ්ඩායමේ කැමැත්ත බවට පත්වෙයි. මෙය බලහත්කාරී ක‍්‍රමයන්ගෙන් හෝ අහාර නින්ද අවම කිරීම හෝ යම් කාලයක් තැති ගැන්වීමෙන් හො සිදු කරයි.මෙම අපයොජනයන්ගේ ප‍්‍රතිඵල1. පුද්ගල පෞරුෂය වෙනස් වීම.එයාව අපට තව දුරටත් තේරෙන්නේ නැහැ කියා සමීපතම අය කියාවි. උණුසුම් ආදරණීය පුද්ගලභාවයක සිට අපයෝජනය, ප‍්‍රතික්ෂේපනය, වෛරය පිරුණු පුද්ගලභාවයකට මාරු වෙන්න පුළුවන්. අන් අය සමඟ සැසඳීමේදී සහ පිටත ඕනෑම කෙනෙකුට නැඹුරු වීමේ ආකාල්පීය ස්වරූපයේදී කල්ට් සාමාජිකයා තමන්ව දකින්නේ නිවැරදිම මනුෂ්‍යයන් විදිහටයි.2. අනන්‍යතාවය අහිමි වීම.කල්ට් සමාජිකයන්ට තමන්ව කණ්ඩායමෙන් ස්වාධීන පුද්ගලයන් විදිහට තේරුම් ගැනීම අපහසුයි. සමහර කල්ට් විසින් පූර්ව ජීවිතයෙන් සම්පූර්ණ වෙන් වීමක් විදිහට ඔවුන්ගේ නම් පවා වෙනස් කරයි. උදා රාජනීස් කල්ට්.3. paranoia මානසික විකෘතීත්වය - අපිව හිංසාවට ලක්කරලයි තියෙන්නේ මානසිකත්වය (ගොදුරු මානසිකත්වය)ඕනෑම විටක ඔබ කණ්ඩායම පිළිබඳ ඍනාත්මක දෙයක් පැවසූ විට එය යුක්ති සහඟත වූවත් නැතත් එය හිංසාවක් ලෙස සළකයි. පුද්ගලයෙකුගේ ඕනෑම විවේචනයක් හිංසා කිරීමක් විදිහටයි දකින්නේ. මන්ද කල්ට් එක තමයි නියම මානුෂිකත්වය, ශිෂ්ඨත්වය, ස්ත‍්‍රීත්වය හෝ පුරුෂත්වය, ක‍්‍රිස්තියානීත්වය, දැනුවත්භාවය නියෝජනය කරන්නේ. එ් නිසා වැැර සිදුවිය නොහැකියි. එසේම ඔවුන්ට එකම විටෙක අනෙක් අය කියන ඕනෑම දෙයක් ඕනෑම තරම් දුරට විවේචනය කිරීමට නිදහස ඇත.4. social disorientation සමාජීය මංමුලාවීම කල්ට් පුද්ගලයාට අනෙක් අය සමඟ සමාජගත වීමට හැකියාව නැත. මෙය බොහෝ දුර යන්න පුළුවන්. ඇතැම් විට තම කාලය කළමණාකරනය කර ගත නොහැකිවීමේ සිට අවුල් ජාලයක් ආරම්භ වෙන්න පුළුවන්. බොහෝ විට සාමාජිකයා කණ්ඩායම හැරගිය පසුව මේ තත්වයට අභිමුඛ වේ. සමාජිකයාගේ ලෝක දැක්ම සහ ලෝකය ප‍්‍රක්ෂේපණය කිරීම නායකයාගේ ඇස්වලට අනුව වෙනස් වී ඇත. ඔවුන් සමාන්‍ය යෙන් ජීවිතය සම්බන්ධයෙන් ඉතාම ආධුනික ස්වරූපයක් අත්කරගෙන ඇත.5. ඉතා කර්කශ වැරදිකාරීත්ව සංකීර්ණය ඔවුන් කණ්ඩායමට ඇතුලූවීමට පෙර කරන ලද දේවල් සහ හොඳ වටිනාකමක් ඇති සනාතන ජීවිතයක් වෙනුවෙන් අඛණ්ඩව වෑයම් කිරීමේදී ඔවුනට හැම දෙයක් ගැනම වැරදිකාරී හැඟීමක් දැනෙයි. බොහෝ විට කණ්ඩායමේ ඉතාම කුඩා නීති කඩකිරීම් වැනි කඳු ගණන් වැැර ක5ියාවන් ගොඩාක් නිසා කල්ට් සාමාජිකයා සිටින්නේ නිරන්තර වැරදිකාරීත්ව හැඟීමක යි. වැරදිකාරී හැඟීම එන්නේ ඇත්තටම ඔවුන් අවශ්‍ය තරම් කණ්ඩායමට වැඩකර නැති නිසා බවයි ඔහුට හැෙඟන්නේ. එසේම මේ වැැර කාරීත්වය තට්ටු පිට තට්ටු වශයෙන් ගොඩගැසෙන පරිදි කොහොමටත් නිරන්තරයෙන් නව නීති රීති හඳුන්වා දීම සිදුවෙයි. සමහරවිට අසනීප වීම වැන්නක් ප‍්‍රමාණවත් තරම් දෙවියන් කෙරෙහි භක්තිය නොරැුදවීමක් ලෙස දකියි. -වඩා වැරදිකාරී හැඟීම්- අසනීප බොහෝවිට දකින්නේ ඔබේ නොගැලපෙන බවේ, පිටමංකලයුතු බවේ, ක‍්‍රිස්තියානි පාපකාරීත්වයේ ස්වරූපයෙනි. -වඩ වඩා වැරදිකාරීතව හැඟීම ගොඩ ගැසේ -කල්ට් කණ්ඩායම් සමාජිකයෙකුව නිරීක්ෂණය කිරීමට කරුණු 1. අනෙක් සියළුම අවශ්‍යතාවයන් සැළකීම්වලට වඩා ඉහළින් කණ්ඩායම හා නායකයාව තැබීම. 2. සමාජිකයන්ගේ පුද්ගල අනන්‍යතාවය නායකයා, කණ්ඩායම, අනුමනය කරන දෙවියන් සමඟ ක‍්‍රමයෙන් සංයෝජනය වීම ආරම්භ වේ. කණ්ඩායමේ නායකයන්ගේ චර්්‍යාවන් සමඟ අනන්‍යතාවය ක්ලෝනීකරණය වීම සිදු වෙයි. 3. කණ්ඩායම හෝ නායකයා විවේචනය කළ විට චිත්තවේගී භාවාතීශීය අධි ප‍්‍රතිචාර දැක්වීම. දුෂ්ඨ නපුරු හිංසා කිරීමක් ලෙස එය දැකීම. 4. මාර්ගය යනු තම කණ්ඩායමයි, සහ ඔවුනට උදාරතර මෙහෙයුමක් නියම වී ඇත යන මානසිකත්වයෙන් කටයුතු කිරීම. 5. තමන්ට අතිවෙන ප‍්‍රශ්න විසඳා ගැනීම්වල දී විශ්ලේෂණ හා අර්ථගැන්ම්වලදී අධිකතරව ක‍්‍රමයෙන් කණ්ඩායම හෝ නායකයා මත රඳා පැවතීම සිදුවේ. නිදහස් සිතීම හා බාහිර යථාර්ථය සමඟ ඇති අනුරූපතාවය ක‍්‍රමයෙන් නැති වෙයි. 6. කණ්ඩායමට හෝ නායකයාට වැඩකිරීමේදී දක්වන අදික ක‍්‍රියාකාරීත්වය නිසා පුද්ගලික හෝ පවුලේ ශක්තිය විනාශකර ගනී. 7. අන්ධව කණ්ඩායම හෝ නායකයා අනුගමනය කිරීමට දක්වන සුදානම සහ තමා විසින් නිදහස්ව සිතන්නේ නැතුව කණ්ඩායමේ නිවේදන, ප‍්‍රකාශන ආරක්ෂා කිරීමට යාම. 8. හැරගිය පැරණි සාමාජිකයින් සහ වෙනත් විකල්ප කණ්ඩායම්වල සමාජිකයින් යක්ෂයන් බවට පත්කිරීම. 9. සමාජයෙන් ප‍්‍රසංශා ලැබීමට කැමතිවීම හා සමාජයේ චෝදනාවට ලක්වීමට බිය වීම. 10. කණ්ඩායමේ නායකයන් සමඟ ප‍්‍රසිද්ධියේ එකට සිටීමට හෝ පෙනී සිටීමට දක්වන අහිතකර තද ආශාව.කල්ට් නායකයා විපරම් කිරීමට කරුණු1. අධිකාරීවාදී ප‍්‍රවේශය සහ ප‍්‍රශ්න කිරීම විවේචනය කිරීම නුරුස්සනා සුළුබව. විරුද්ධවාදීන් ගැන බොරු සහ අපහාස කිරීම. 2. ලෝකය පිළිබඳ ව්‍යාකූල කාංසා සහගත බවකින් කණ්ඩායමට ඇති තර්ජන හා කුමන්ත‍්‍රණ පිළිබඳව නිරතුරුව කතා කිරීම. 3. සමාන්‍යයෙන් පුරුද්දක් විදිහට අසතුටුදායක සමාජිකයන් පිළිබඳව දෝෂාරෝපනය කරයි. ඔවුන් කණ්ඩායම හැරගිය අය නම් ඳොස් පැවරීම ද්වේෂ සහඟත ය. ඔවුන්ගේ පෞරුෂයේ, ලිංගිකත්වයේ අසාමාන්‍යතාවයක්, හෝ අපරාධකාරී විනාශකාරී නීති කඩකරන උන්මත්තක කුමන්ත‍්‍රණ කරුවන් ලෙස හෝ පාවා දී පලා යන්නන් ලෙස බැන වදී. 4. කණ්ඩායම හැරගිය පැරණි සාමාජිකයන් කණ්ඩායමේ අපයෝජනයන් ගැන සමාන කතාවක් කියයි. 5. කණ්ඩායමේ නායකත්වය හැමවිටම නිවැරදි වන අතර අනුගාමිකයන්ට කිසිම විටක තමන්ගේ හොඳක් වැටහෙන්නේ නැති වීම. කණ්ඩායමක් කල්ට් එකක් ලෙස නම් කිරීමේදී අවම වශයෙන් අනුභූතික පර්යේෂණයකට ලක්කළ යුතුය. එ් සඳහා පහත කරුණු රැුස්කිරීම අත්‍යාවශ්‍යය. 1. පුද්ගලයන්ට හා පවුල්වලට හානි කිරීමේදී මනෝවිද්‍යාත්මක ගතිකයන් ලෙස හඳුනාගත හැකි කණ්ඩායමේ නෛසර්ගික ලක්ෂණ මොනවාද? උදාහරණ දෙන්න. 2. එම කල්ට්මය පරිසරය සුව්ශේෂීව හානි කිරීමේ හා පාලනය කිරීමේ මානයන්ට අදාලව තක්සේරු කරන්න. 3. දැන්ට් කල්ට් එක තුළ සිටින හා පූර්ව කල්ට් සමාජිකයන් අත්විඳින හානියේ ස්වරූපය සහ ප‍්‍රමාණය කුමක්ද? උදාහරණ දෙන්න. 4. කල්ට් එක තුළ කොතරම් දුරට සමාජිකයන්ගේ මානසිකත්වයේ ඉහළමට්ටමේ නැවත සකස්කිරීමක් වෙලා තියෙනවාද? කොතරම් දුරට කොතරම් සාමාජිකයන් ප‍්‍රමාණයකගේද? 5. සුවිශේෂීහානියේ ඉහළම අවදානමේ ව්‍යාප්තිය කොපමනද? 6. කොපමන ප‍්‍රමාණයක පුද්ගලයන් ප‍්‍රමාණයක් මේ කල්ට් එකට ඇතුලූව තිබේද? 7. එකතු වූ අයගෙන් කොපමන පුද්ගලයන් ප‍්‍රමාණයක් හානියට ලක්වි තිබේද? 8. මනෝවිද්‍යාත්මක හා අනෙක් ආකාරයන්ගේ උත්සාහයන් ගෙන් ප‍්‍රතිකාර ලැබීම කොතරම් දුරට සාර්තක වී තිබෙනවාද? - www.freeminds.org1 Robert Jay Lifton, M.D. is Distinguished Professor of Psychology and Psychiatry at John Jay College and the Graduate Center of the City University of New York. His most recent book, written with Erik Markuson, is The Genocidal Mentality: Nazi Holocaust and Nuclear Threat (New York, Basic Books, 1990)2 Margaret T. Singer, Ph.D., Emeritus Prof. of Psychology, Univ. of CA,Berkeley3 Philip G. Zimbardo, PhD, is professor of psychology at Stanford University and a former APA president. He has interviewed and worked closely with survivors of Peoples Temple and their family members, as well as former members of the Unification Church, Scientology, Synanon, Churches of Christ and other cults.December 2008MTWTFSS12345678910111213141516171819202122232425262728293031ලේඛනාගාරයDecember 2008BlogrollSouthern Star Front -SSF- Sri LankaWorld City Dipole to Deconstruct the WESTමෙටාපිවිසුමEntries RSSComments RSSWordPress.orgනවතම ලිපිකල්ට් අත්දැකීම - අනතුරු ඇඟවීමක් ටැගප්‍රවර්ගවර්ගීකරණය නොකළපිටුAboutනවතම ප්‍රතිචාරRobert Jay Lifton
1, Margaret Singer
2, Philip G. Zimbard3 යන අයගේ අධ්‍යයනයන් මතයි. ඒ පිළිබඳ විස්තර වැඩිදුර අධ්‍යයනය සඳහා අවශ්‍යය දේවල් www.factnet.org, www.culticstudiesreview.org, www.culteducation.com, www.refocus.org, www.cultnews.com, www.apa.org, www.freeminds.org යන වෙබ් අඩවි වලින් ඔබට ලබා ගත හැක.මෙහි දැක්වෙන සියළුම ලක්ෂණ එ් ආකාරයෙන්ම කල්ට් එකක් තුළ තිබිය යුතු නැත. එය විවිධ ආකාරයෙන් හමුවිය හැකියි. මුළුමණින්ම කල්ට් ලක්ෂණ අත්පත් කර ගැනීමට පෙර එ දක්වා ගමන් කරමින් සිටින සංවිධානයක මේවායේ තීව‍්‍රතාවය විවිධ විය හැකියි. එසේම සාමාජිකයන්ට විවිධ ආකාරයෙන් බලපානවා විය හැකියි. එකම පාරිසරික තත්වය තුළ සාමාජිකයන් දෙදෙනෙකු ගත්විට එ් දෙදෙනාට බලපා ඇති තීවෘතාවයේ විවිධ මට්ටම් තිබිය හැකියි. කල්ට් ප‍්‍රධාන වශයෙන් දේශපාලනික, ආගමික, විද්‍යාත්මක හෝ වානිජවාදී හෝ ඔබව මත් රකුසාගෙන් ගලවා දෙන්නන් ආදී ලෙස විවිධ ක්ෂේත‍්‍ර තුළ හඳුණා ගත හැකියි. එහෙත් විවිධ සන්දර්භයන් තුළ කල්ට් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී මේවායේ ව්‍යූහයට අඳාළව ප‍්‍රධාන මනෝවිද්‍යාත්මක කාරණා තුනක් නැවත නැවත නිරීක්ෂණය කළ හැකිය:1. ක‍්‍රමයෙන් වන්දනාවේ වස්තුවක් බවට පත්වෙමින් සිටින උත්කර්ෂණයට නැංවූ නායකයෙක් සිටීම.2. බලහත්කාරී එ්ත්තු ගැන්වීමේ හා සිතුවිළි නැවත සකස් කිරීමේ ක‍්‍රමවේදයක් පැවතීම.3. නායකයා හෝ පාලක සංසදය විසින් ආර්ථික, ලිංගික හා අනෙක් ආකාරයන්ගෙන් කණ්ඩායමේ සමාජිකයන් සූරා කෑම.බොහෝවිට කල්ට් එකක් නිර්මාණය වන්නේ යම් ප‍්‍රබන්ධයක් වටාය. එම ප‍්‍රබන්ධය නායකයා වටා ගොඩනංවා ඇත. එ් නායකයාද විවිධ ආකාරයෙන් තමන්ගේ ප‍්‍රබන්ධය තුළ පටලැවී ඇත. නමුත් තමන්ගේ ක‍්‍රීඩාව අනිත් අයට වඩා හොඳින් කිරීමට තමන්ට හැකි නිසා ඔහු ප‍්‍රබන්ධය මෙහෙය වීමට ප‍්‍රබන්ධය තුළ මෙන්ම පිටත ජීවිතයද ගතකරයි. එසේම නායකයාද තමන් ගැලවුම්කරුවෙකු ලෙස සළකන අතර ඔහුද ක‍්‍රමයෙන් බොහෝ අවස්ථාවන් තුළින් අන් සාමාජිකයන් මෙන්ම නැවත පරීක්ෂා කිරීම්, සමතුළිත කිරීම්, මඟහැරීම් තුළ දිගු කාළයක් සිටින විට වඩ වඩා ක‍්‍රමයෙන් සිහිමුලාව වෙතට ගමන් කරයි.සාමාන්‍යයෙන් බැලූ බැල්මට අතිශයින් අසාමාන්‍ය කල්ට් සිතිවිළි පද්ධතිය තුළට යමෙකු ඇතුළු වෙන්නේ එක්වරම නොව පියවර වශයෙනි: කල්ට් එකට සම්බන්ධ වෙන අයෙකුට කවදාවත්ම අවසානයට වෙන්න යන්නේ මොකද්ද කියළා මුලින් කියන්නේ නැහැ. ඔහු හේ ඇයව කල්ට් එක විසින් විශ්මයට, පුදුමයට, සතුටට සහ යම් බියකට පත්කරමින් ඊළඟ පියවරයන්ට ක‍්‍රමයෙන් යොමු වෙයි. ඇත්තටම එ් එක්තරා විඳිහක වසඟකාරීත්වයේ ක‍්‍රියාවලියක්. කල්ට් නායකයා සහ එහි නව සාමාජිකයන් එකතු කරනන්නන් විසින් සමාජීය සහ මනෝවිද්‍යාත්මක බලපෑම් තාක්ෂණයන්ගේ බලවත් අපූර්ව සම්මිශ‍්‍රණයක් භාවිතා කරයි. එමගින් පුද්ගලයාගේ ස්වාධීනත්වයට සහ පුද්ගල හැඟීමට පහර එල්ල කරමින් බිඳ දමයි. එවිට ඔහුට හෝ ඇයට සිදුවෙමින් පවත්නේ කුමක්ද යැයි වටහා ගැනීම සම්පූර්ණයෙන්ම අවුල් වී යයි. කාලයත් සමඟ මෙම තාක්ෂණයන්ගේ සහ පීඩනයන්ගේ ප‍්‍රතිඵල මගින් අඳාල පුද්ගලයා කල්ට් නායකත්වයේ ආධිපත්‍යය විහිඳවීමේ සහ පැතිරවීමේ එ්ජන්තයෙකු බවට ක‍්‍රමයෙන් පත්වෙයි. මෙසේ කල්ට්වලට සම්බන්ධ වන හා කල්ට්මය ජීවිතයක් ගතකරන බොහෝ පුද්ගලයන් ඔබගෙන් හා මගෙන් එතරම් වෙනස් අය නොවේ. අධ්‍යයනයන්වලට අනුව මෙවන් කණ්ඩායම්වලට සම්බන්ධ වෙන බොහෝ දෙනා බුද්ධිමත්, යම් අධ්‍යාපන පසුබිමක් ඇති සහ ස්ථාවර පවුල් පසුබිම්වලින් පැමිණෙන අය යි. ඔවුන්ට මුල්කාලීන මනෝවිද්‍යාත්මක දුෂ්කරතා පැවතුන බවක් පෙනෙන්නට නැහැ. නමුත් ඔවුන් ජීවිතයේ සන්ක‍්‍රාන්ති මොහොතවල් ගතකරමින් හිඳි අය. ඔවුන් බොහෝවිට සමාජයත් එක්ක සම්පූර්ණයෙන් සම්බන්ධවෙලා නැහැ. මේ සියල්ලන්ගේම එකට බැඳීයන පොදු ලක්ෂණය නම් යම් පරමාදර්ශවාදී කුතුහලයකින් සහ වඩා හොඳ ලෝකයක් බිහිකිරීමේ උනන්දුවකින් යම් ප‍්‍රයෝජනවත්, තේරුමක් ඇති ජීවිතයක් ගත කිරීම පිළිබඳ සිහින දකින අය වීමයි. Margaret T. Singer සිතිවිළි නැවත සකස් කිරීම හෙවත් මොලසේදීම අත්‍යාවශ්‍යක චර්්‍යා වෙනස් කිරීමේ වැඩසටහනක අදියරයකි. එයින් පුද්ගලයාගේ සිතීමේ රටාව සහ ලෝකය පිළිබඳ දැක්ම (දෘෂ්ටිකෝණය* තදින් වෙනස් කරයි. කල්ට් එකට මෙම තත්වය නිරන්තරව බලගන්වා පවත්වාගෙන යෑම අත්‍යාවශ්‍යය වෙයි. කල්ට් සාමාජිකයගේ සාමාන්‍ය දෛනික යථාර්ථය මෙමගින් බිඳී යමින් අතිශය දෘඩ දිනචර්යාවකට සහ වතාවත් රාමුවකට ගමන් කරයි. ඔවුන් කල්ට් එක හැරගිය විටදීත් එයින් ගැලවීමට අපහසුය. එයට එවැනිම විශාල මැදිහත්මක් අවශ්‍ය වෙයි. එයින් කියවෙන්නේ එම තත්වය කෙනෙකු නිකම්ම එවන් ව්‍යවහාරයකට ඇදී යනවාට වඩා මෙම ක‍්‍රමය වෙනස් බවයි. සමාන්‍යයෙන් මෙහිදී යොදාගන්නා තාක්ෂණයන් අතර නින්ද පාලනය කිරීම, විශේෂ ආහාර, කණ්ඩායම තුළට හා පිටතට සහ කණ්ඩායම තුළ තොරතුරු පාලනය කිරීම, එබිකම් කිරීමේ ඔත්තු සෙවීමේ බලපෑම්, අධිශික්ෂණය කිරීමේ දීර්ඝ සැසි පැවැත්වීම, දීර්ඝ වේලාවක් කරන සජ්ජායනයන්, භාවනාවන්, දේශන සහ ධ්‍යානයන්ට සම වැදීම් ආදිය වේ. මේවා තෝරාගැනීම කල්ට් එක ස්තාපිත කර ඇති සන්දර්භය මත තීරණය වේ. මෙහිදී නැවත නැවතත් සිදුවන්නේ පුද්ගලයෙකුට පැහැඳිළිව සිතන්නට නොහැකි වීමයි. මේවායේ ප‍්‍රහාරය කේන්ද්‍රගත වී ඇත්තේ ඔහුගේ හෝ ඇයගේ පුද්ගලභාවය කියන කාරණයටයි. ඔවුන් තමන්ගේම සහජාසය සහ විනිශ්චය ගැන සැක කිරීමට පටන්ගනියි. බිය, සාංකාව සහ වැරදිකාරී හැඟීම සමඟ නැවත නැවත එන අර්බුද මාලාවක් ඇතිවීම එහි ප‍්‍රහාරාත්මක ප‍්‍රතිඵලය යි. පැහැඳිළිවම කල්ට් එක මනෝවිද්‍යාත්මක සහ සමාජවිද්‍යාත්මක තලයක අර්ථදක්වන්න පුළුවන් දෙයක්; කල්ට් එකක් කියන්නේ අත්‍යාවශ්‍යයෙන්ම වංක, දුෂිත සහ අපයෝජනාත්මක බල සම්බන්ධයක්: එහි නෛසර්ගික ලක්ෂණ කිහිපයක් දැකිය හැකියි. සමාජිකයන් බොහෝවිට එ් බව දැන ගන්නේ බලසම්බන්ධයන් තමන් විසින් කඩ කිරීමකට ලක් වූ විටයි.
1. තමන් විසින්ම තමා පත්කරගත් නායකයෙක් විසින් එයට මඟ පෙන්වන අතර ඔහු (හෝ ඉතාම කලාතුරකින් වුව ඇය* මහත් අභිවාදනයක් සහ සම්පූර්ණ පක්ෂපාතීත්වයක් ඉල්ලා සිටියි.
2. පහළින් හෝ පහළ සමාජිකයන්ගේ කිසිම එකතු කිරීමකින් තොරව ඉහළ සිට පහළට සෑදුනු පිරමීඩාකාර බළ ව්‍යූහයක් ඇත.
3. සිතුවිළි නැවත සකස්කිරීමේ තාක්ෂණයන්ගෙන් යුත් ඉතා හොඳින් පිළියෙල කළ වැඩසටහනක් එයට ඇත.
4. කල්ට්එක ස්ථාවරව මුල්බැසගෙන ඇත්තේ නායකත්වය විසින් සමාජිකයන් රැුවටීම, මෙහෙයවීම හා සූරාකෑම යන අපයොජනයන් තුළ යි.
5. ආචාරධර්මවල ද්විත්ව ස්වරූපයක් ගන්නා පද්දතියක් එහි ඇත. සමාජිකයන්ගේ සම්පූර්ණ විවෘත අවංකභාවය සහ කණ්ඩායම තුළ අනාවරණය වී සිටීම ඉල්ලා සිටින අතරම කණ්ඩායමෙන් පිටතට බොරු කීම, රැුවටීම් ඉල්ලා සිටියි. එය යුක්ති සහ`ලත කරන්නේ ”ශ්‍රේෂ්ඨ අරමුණක් වෙනුවෙන් ඕනෑම කැත වැඩක් කරන්න උනාට කමක් නැහැ” වගේ අර්ථයකිනුයි.
6. කල්ට් සාමාජිකයන් අතර සම්බන්ධය ආදී පීතෘ මූලික විසෘත පවුලේ සම්බන්ධතා ජාලයට අනුරූපි වෙයි. (මෙම තත්වය පසුව විසතර වශයෙන් පැහැඳිළි කර ඇත.* කල්ට්වල ස්වරුපය බොහෝ අවශෝෂණය කරගන්නා සුළු නිසා එයින් ගැළවීම අතිශය දුෂ්කරය. මිනිසුන් විවිධ හේතූන් නිසා කලට් හැර යයි, සමහරුන් යම් නීතියක් බිඳීම නිසා හෝ සංවාදයක් ඉල්ලා සිටීම නිසා නෙරපා දැමීමට ලක්වෙයි, සමහරවිටෙක නායකයා මිය ගිය විටකදීද කල්ට් හැරයයි එමෙන්ම කන්ඩායමේ අර්බුදයකදීද කල්ට් හැරයාම සිදුවෙයි. සමහරුන් ඉවත්වන්නේ අවශ්‍ය උපදේශන මැදිහත්මක් ලැබුණු නිසා විය හැකියි. තවත් විටකදී පුද්ගලික හේතූන් නිසාද කල්ට් හැරදමා යා හැකියි. නමුත් සමාන්‍යයෙන් ගත්විට කල්ට් හැරයාම අතිශය දුෂ්කර කාර්්‍යයකි. මන්ද කල්ට් විසින් පිටත පරිසරයේදී ජීවත්වීමට ඔබට ඇති නොහැකියාව, පිටත ලෝකයේ කෲරත්වය සහ ඔබට මානුෂිකව පැවතිය හැක්කේ මේ වටපිටාව තුළ පමණි යන පණිවිඩය හැමවිටකදීම සමාජිකයන්ට හැෙඟන්නට සැලැස්වන නිසයි. කල්ට් එකෙන් පිටවීම අදාල පුද්ගලයා අනුව කෙසේ වුවත් එවුන් එම තත්වයට පත් වු ආකාරය වටහා ගන්නේ නැති නම් සහ අවශ්‍යය අධ්‍යාපනය ලබා ගත්තේ නැතිනම් නැවතත් වෙනත් කල්ට් එකකට එකතුවීම හෝ ජීවිතයේ ඉතිරි කාලය සම්පුර්ණ වැරදිකාරීත්ව හැඟීමක තුළ, ව්‍යාකූලත්වයක සහ තමාටම දෝෂාරෝපණය කරගැනිමක ගත කරන්නට සිදුවෙයි. සාමානයයෙන් මේ තත්වයට අදාල මනෝවිද්‍යාත්මක ප‍්‍රතිකාර මුලික සාකච්ඡුාා වට 6 ක්ද, ඉට පසුව කෙරෙන දෙවන සායනික පියවර මගින් ප‍්‍රකාති තත්වයට පත්වීම අවුරුදු 1 සිට 6 දක්වා වන දිගුකාලයක් ගත කිරීමට සිදු විය හැක. සාමාන්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රියාවලිය සංවිධානය වී ඇත්තේ ඒ ආකාරයටයි - cnn interview with Yanya Lalich - cnn impact/march 30, 1997 කල්ට් තුළ ඇති පීතෘ රූපිකය: පීතෘත්ව බැඳීම සරල සමාජීය ප‍්‍රපංචයකට එහා ගිය දෙයකි. එය අති මූලික ආදිකල්පිත දෙයකි. පියා යනු ආරක්ෂකයා පමණක් නොවේ ඔහුගේ දරුවන්ට මාර්ගය සළසා දෙන්නේද ඔහුය. ආගමේ කාර්ය ඉටුකරන්නේ ඔහුය. යම් දරුවෙක් මව හෝ පියා විසින් ප‍්‍රතික්ෂේප කරණු ලැබුවහොත් එම දරුවා විසින් විඳවනු ලබන හැඟීම්මය වේදනාව නැති කිරීමට කොතරම් ප‍්‍රමාණයක් කරුණු කාරණා කිව්වත් වැඩක් නැත. එ් වේදනාව කලයත් සමඟම නැති වෙන්නේද නැත. පවුල් එ්කකය තුළ මේ ආදිකල්පිත මූලිකම අත්දැකීම් අඩංගුව තියෙනවා. යම් අයෙකුට පවුල නැතිවී යනවා නම් හෝ එවන් අත්දැකීමකදී විශාල අහිමිවීමක් වන නිසා සුවිශේෂී අවශ්‍යතාවයක් ඇතිවෙයි. මෙය වටහා ගැනීමට ප‍්‍රාථමික පවුලේ අත්දැකීම ගොනු කළ යුතුය.
එය පහත පරිදිය:
1. බල ධූරාවලියක් ඇත (chain of command)
2. සියල්ලටම ඉහළින් ශක්තිමත් නායකත්වයක් පවතී.
3. අරමුණක් සහ එ් සඳහා මාවතක් ඇත.
4. එක්ව එරෙහිවීමට පොදු සතුරෙක් ඇත.
5. කිසියම් පූජනීය දෙයක් ඇත.
6. පවුලේ ආඩම්බරයට හේතුවන කිසියම් සුවිශේෂිත්වයක් ඇත.
7. චාරිත‍්‍ර, වාරිත‍්‍ර, තහනම් තහංචි ඇත.
8. විනිශ්චය හා දඩුවම පවතී.
9. අනිසි පක්ෂපාතීත්වයන් ඇත. පවුලක ලක්ෂණ සාමාන්‍යයෙන් සමාජයේ උවදුරක් විදිහට ගැනෙන්නේ නැහැ. එ්වා බොහෝ කාලයක සිට සමාජයේ පැවතුණ දේවල්. යමෙකුගේ අනන්‍යතාවය හා විලාශය බවට පත්වෙන යහපත් අත්දැකීම්වලට හොඳ දෙමාපියන් විසින් අනුබල දෙන නමුත් ගැටළුව මතුවන්නේ යම් දෙමාපියෙක් විසින් තම අධිකාරීත්වය අනිසි ලෙස භාවිතා කිරීමේදී ය. ශාරීරිකව හා ලිංගිකව අපයෝජනාත්මක පියවරුන්, එ්කාධිපතිවාදී ලක්ෂණ, පවුලේ සාමාජිකයන්ගේ පුද්ගලික අවශ්‍යතා හෝ ආශාවන් ගැන නොසිතා ක‍්‍රියාකාරිත්වයන් පාලනය කිරීමට කර්කෂ නීති ආදිය පවුලේ දක්නට ලැබේ. එම නරක අත්දැකීම් පවා පවුලෙන් බිහිවෙන කෙනෙකුග් අනන්‍යතායේ පාර්ශවයන් බවට පත්වේ. මිනිස් මනස මේ පවුලේ හිඩැස පියවා ගැනීමට හැමවිටම විවිධ මාර්ගයන් සොයති. මේ අවශ්‍යතාවය ගැන මෙසේ කතා කළ හැකියි: සමහරවිට දරුවන් ආකාරයෙන් අපි බොහෝ කාළයක සිට තවමත් පියෙකුගේ රූපිකයක් සොයමින් සිටිනවා විය හැකියි. කෙසේ වෙතත් ජීවිතය ඉතා අස්ථිර බවට පත්වී ඇත. රැුකියාව අහමිවීම, මිතුරෙකුගේ අහිමිවීම, ආගන්තුක තැනක පදිචියට යෑම වැනි මොහොතකදී අපට දැනෙන පරිදි සමකාලීන හුඳකළාව තුළ අපේ ආදරය, භක්තිය යොදවන්න තැනක් සියළුදෙනා විසින් සොයමින් සිටින්නෙමු. සමහර විටක අපි කිසිවෙකු බවට පත් නොවී සිටීමට උත්සාහකරණවා විය හැකියි. නැතිනම් ආකර්ශණීය, ශ්‍රේෂ්ඨ නායකයෙකුගේ බලය තුළට වී සිටීමට එ් නිසා අපි කැමති විය හැකියි. ඇතැම්විට අපිට නිකම්ම ඕන වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය, සිගරට් ආදියෙන් මිදුණු හොඳ ජීවිතයක් ඇති සහ හොද නීති රීති ඇති පියෙකුගේ මාර්ගෝපදේශකත්වය යටතේ අලූත් පවුලක ජීවිතයක් වෙන්න ඇති. මෙම සමකාලීන හුඳකළාව තේරුම් ගැනීමට විවිධ චින්තන සම්ප‍්‍රදායන්ගේ උදව් ලබාගත හැකිය. මාෂල් මැක්ලූහන්ගේ චින්තනය අදාල වෙන මධ්‍යවේදය තුළ හැඟවෙන පරිදි නව නිෂ්පාදනයන්ගේ අධිකත්වය හා තොරතුරු තාක්ෂණයේ ව්‍යාප්තියේ නව තත්වය තුළ මිනිසුන් හුඳකළාවේ බිහිසුණු අත්දැකීමක ජීවත් වීම අධ්‍යයනය කළ හැකියි. අනෙක් අතට සැල්වෝජ් ජිජැක්ගේ ලියකිලිවල මෙම අත්දැකීම අවධාරණය කෙරේ. මෙම යුගය තුළ කල්ට් බිහි වීම ගැන පෝල් වර්හාගේ මනෝවිශ්ලෂෙණ ලියකිලිවල මෙම තත්වය පැහැඳිළි කර ඇත. එම පසුව දීර්ඝව සාකච්ඡුා කරමු. වැදගත් කරුණ වන්නේ මිනිසුන් කල්ට් සමඟ තදින් බැඳී යන්නේ එ්වායේ මතවාදය නිසා නොවීමයි. ඔවුන් කණ්ඩායමට කැපවෙන්නේ ඔවුන්ට අළුත පවුලක් අවශ්‍යය නිසයි. මතවාදය කියන්නේ පවුලේ වත්කම්වලින් ආඩම්බරයෙන් කොටසකට විතරයි. විඍත පවුලක් විදිහට කල්ට් එකක ආකෘතිය හඳුණා ගැනීම. කලට් එකක් යනු බලධූරාවලියක් සහිත විශාල විඍත පවුලකි. එහි සියල්ලන්ටම බලපාන්නා වූ අනම්‍ය පීතෘ රූපකයක් ඇත. ඇතැම්විට කලාතුරකින් මාතෘ රූපිකයක්ද එයට ආදේශ විය හැකිය. විඍත පවුලක් යමකට මුලපිරීමේදී අණදිම්, නීතිය සහ පිළිවෙළ හොඳින්ම ප‍්‍රකට කරයි, පවුලකදී එහි අරමුණ සහ දිශාව වඩාත් පැහැඳිළියි, පොදු සතුරාට එරෙහිව නිරන්තර බැන වැදීම් එහිදී බහුලයි. වඩාත් පූජනීය වන්නේ කුමක්ද පවුලට කියා විවාදයක් නැහැ. පවුලේ අයට එය වාචික හෝ ලිඛිත මග පෙන්වීම්වලින් ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම එහි තාර්කිකභාවය වැදගත් නැහැ. නමුත් ඔවුන්ට ස්ථිර යමක් තියෙනවා. කල්ට් එකටත මේ තත්වය පොදුයි, කණ්ඩායමේ විනිශ්චයීය අක්ෂය නිරීක්ෂණය කිරීමෙන් කලට් එකක් යනු බලධූරාවලියක් සහිත විශාල විඍත පවුලකි. එහි සියල්ලන්ටම බලපාන්නා වූ අනම්‍ය පීතෘ රූපකයක් ඇත. ඇතැම්විට කලාතුරකින් මාතෘ රූපිකයක්ද එයට ආදේශ විය හැකිය. විඍත පවුලක් යමකට මුලපිරීමේදී අණදිම්, නීතිය සහ පිළිවෙළ හොඳින්ම ප‍්‍රකට කරයි, පවුලකදී එහි අරමුණ සහ දිශාව වඩාත් පැහැඳිළියි, පොදු සතුරාට එරෙහිව නිරන්තර බැන වැදීම් එහිදී බහුලයි. වඩාත් පූජනීය වන්නේ කුමක්ද පවුලට කියා විවාදයක් නැහැ. පවුලේ අයට එය වාචික හෝ ලිඛිත මග පෙන්වීම්වලින් ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම එහි තාර්කිකභාවය වැදගත් නැහැ. නමුත් ඔවුන්ට ස්ථිර යමක් තියෙනවා. කල්ට් එකටත මේ තත්වය පොදුයි, කණ්ඩායමේ විනිශ්චයීය අක්ෂය නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ගේ ස්ථිර දෙය වටහාගත හැකියි. පවුල තුළ ඇති අසාධාරණ පක්ෂපාතීත්වයන් මේ තුළද දැකිය හැකියි. මේ පවුල් සම්බන්ධතා බලයේ අපයෝජනය සමඟ සමපාත වූ විට තත්වය අතිශය පීඩාකාරීය. පොදු පවුල් අත්දැකීම සහ කල්ට් අත්දැකීම අතර වෙනස සමාන්‍යයෙන් තේරුම් ගන්න වෙන්නේ අත්දකින්න ලැබෙන අපයෝජනයේ ප‍්‍රමාණයේ තීවෘතාවය මත සහ රැුවටීමේ මුලා කිරීමේ ප‍්‍රමාණය මතයි. මොළසේදීමේ තාක්ෂණයන් ගොඩාක් එ් තරම් දුරට ශක්තිමත් නැහැ. එ්වා යම් දුරකදී හැරදමනවා. විසෘත පවුලේ ඇති සම්පූර්ණ පාලනය, රැුවටීම සහ අපයෝජනය වැනි සංකීර්ණ හා සියුම් ආකෘතීන් කල්ට්වල දී තවදුරටත් වඩා ශාස්ත‍්‍රිය හා ශක්තිමත් ආකෘති බවට පත්වෙනවා. එය තේරුම් ගැනීමට පුළුවන් සරල ආකෘතියක්: හිතන්න කෙනෙක් තමාගෙම පවුලක ඇතිදැඩි උනා කියළ, විශේෂයෙන් අපයෝජනාත්මක පවුලක ඔහුට හෝ ඇයට කල්ට් සංකල්පය තවදුරටත් පුදුම ආගන්තුක ආකල්පයක් නෙවෙයි. බලන්න ෘැ්ාකහ පදඑසඩ්එසදබ කියන චිත‍්‍රපටිය, එය මෑතකදී ්ඍඔඩ හි විකාශණය විය. විශේෂයෙන් කල්ට් තුළ ඇති විඍත පවුල් ආකෘතිය බාහිර සමාජයේ සිට හොඳින් නිරීක්ෂණය කළ හැකිය. කැඞී වෙන්වී ගිය පවුලේ සතුරන්ට කියන ආකාරයෙන් මේ කල්ට් එය හැරගිය තම පැරණි සමාජිකයන්ට බැන වදී. මම එයාලව දරුවෝ වගේ බලාගත්තේ වැනි කතා කියනවා දකින්න පුළුවන්. ඔවුන් මතවාදී විවේචනය සමඟ සම්බන්ධ නොවේ. ඔවුන්ට ගැටළුව මතු වන්නේ පවුලේ සම්බන්ධතා තුළයි. අඅඅගංටරදමචකනගදරට වෙබ් අඩවිය අධ්‍යයනය කරන්න. කල්ට් සාමාජිකයන් අතර ඇත්තේ දේශපාලනික සම්බන්ධයක් නොව විඍත පවුලේ ආගමික සම්බන්ධයයි. ඔවුන් අතර ගැටළු ඇතිවෙන්නේ මතවාද හෝ අදහස් සම්බන්ධයෙන් නොවේ, විඍත පවුලේ ආගමික සදාචාරය බිඳ දැමීම නිසාය. අදහස් කොතරම් වෙනස් අදහස් උනත් පවුලේ කෙනෙක් නම් එච්චරයි, පස්සේ වෙනස් වේවි වගේ ආගමික විශ්වාසයක් එහි තියෙනවා. ආගම මෙන්ම දේශපාලනය යන ප‍්‍රපංචයද කල්ට් එකකට විශාලතර උපායමාර්ගික ශක්තියක් ලබා දෙයි. බොහෝවිට භක්තිමත් බැඳීම කියන කාරණයේදී ආගමට සමානවම දේශපාලනයත් එම ශක්තිය ලබා දෙනවා. කොහොම උනත් මතවාදය යනු විසෘත පවුලේ නොයෙක් දේවල් අතරින් එකක් පමණයි. බොහොමයක් අපයෝජනයන් සහ මුලාකිරීම්වල ආරම්භය ඇත්තේ පීතෘ රූපිකය ගන්නා නායකත්වයේ මිස දේශපාලනික හෝ ආගමික මතවාදය තුළ නොවේ. මේ අපයෝජනාත්මක පීතෘ රූපිකය තුළදී එම විවිධ මතවාදයන් අඳාළ සන්දර්භයෙන් පිටතට ගැනීම සහ වැරදි අර්ථකතන ලබාදීම නිරන්තරව සිදුවෙයි. මන්ද එ් පාලනය කිරීම වෙනුවෙන් සහ ඔහුට සියළුම ගැටළුවලට පිළිතුරු ඇතැයි සිතන නිසාවෙනි. ”එයා ඕනම දේකට උත්තරය දන්නවා නේද?” ගොඩක් අය එහෙම හිතලා ඉතා සංකීර්ණ ගැටළුවලට සරල උත්තර දෙන මතවාදයන් හෝ කණ්ඩායම් කරා යනවා. ඔහුගේ පිළිතුර නිවරදිද යන්න වැදගත් නොවේ. උදාහරනයක් ලෙස බලන්න ඉන්දියාවේ රාජනීශ් ලෝකයේ විශාල ගැටළු වලට දුන්න උත්තර: ඔහු සමාජවාදයේ ඇදැවැටීම, රුසියාව බිඳවැටීම, මාක්ස්වාදයේ පරාජය වැනි දේවල් ගැන අති සරල පිළිතුරු දී ඇත. පියා එ්වා දන්නා නිසා එ් මහා ගැටලූ වලින් මා ආරක්ෂා කරාවි යන හැඟීමෙන් මිනිසුන් එ්වා සමඟ බැඳේ. එ්වායේ නිවැරදිභාවය සෙවීම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ආරක්ෂාවයි. මේ මානසිකත්වය වටහා ගැනීමට ලැකාන්ගේ කතිකාවන් හතර න්‍යාය තුළ ඇති හිස්ටරිකයාගේ කතිකාව අධ්‍යයනය කරන්න. ඇදී යන ඔවුන් නොදන්නා කාරණය තමයි වඩ වඩා සරල කරන ලද මේ විශ්වාස පද්දතියට පිටුපස අනිවාර්්‍යයෙන්ම අපයෝජනාත්මක පීතෘ රූපිකයක් පවතින බව. බිහිසුණු කල්ට් ආකෘතියඅපයෝජනාත්මක පියවරුන් (කල්ට් නායකයන්* ඔවුන්ගේ බිහිසුණු අපයෝජනයන් තාර්කික කරන්නේ යුක්තිසහගත කරන්නේ තම අරමුණ (පවුල/සංවිධානය* ජයගහණය කරවීමට එසේ කරන බව කීමෙනි. නමුත් අනතුරට විවර වී ඇති පරිසරයකදී කලාතුරකින් පුද්ගල සාමාජිකයන් සමඟ ඔහු ඉතාම හිතවත් සම්බන්ධයකට එයි. එහෙත් එසේ වන්නේ අපයෝජනයට ඔවුන්ව තව දුරටත් භාජනය කරගත හැකි උපයෝගීතාවාදී තත්වයකිනි. එ් සමාජිකයාව හරියටම හඳුනන්නේ නැතිනම් ඔහුව හරියටම දන්නේ නැත්නම් නායකයාට ඔහුව විශ්වාස කිරීමට නොහැකියි. එවිට සියළුම අනර්ථකාරී බිහිසුණු අභිප‍්‍රායන් එ් සමාජිකයාට පවරයි. එවිට ඔහුගේ ඇතිවෙන සදාචාරාත්මක බිඳවැටීම ගැන ඔහුගේ පුද්ගලික වැරදිකාරී හැඟීම තවත් දුරට යද්දී සංකීර්ණ වෙයි. එවිට එය ඔහුගෙන් කණ්ඩායමට විශේෂයෙන් නායකයාට විපතක් වියහැකියාව අඩුකරයි. දැන් ඔහු පිටතට ශක්තිමත් පෙනී සිටීමක් ලබා දිය යුතුයි. එ් සඳහා පවුල (කණ්ඩායම* මත රඳන්නට ඔහුට සිදුවෙයි. කණ්ඩායම අපේක්ෂා කරන්නේත් එයයි. එසේම සමාජිකයන් තේරුම් ගන්නා අනිත් කාරණය නම් මෙයට එරෙහි වූවොත් පලිගැනීම කෙතරම් දරුණුද? යන්න. මැල්කම් ඞ ඔහුගේ අවසාන දින කිහිපය ගත කරන ආකාරය දැක්වෙන චිත‍්‍රපටියක් නිරීක්ෂණය කරන්න. ස්පයික් ලී විසින් අධ්‍යක්ෂණය කල ඩෙන්සිල් වොෂින්ටන් රඟපාන චිත‍්‍රපටිය මේ සඳහා ඉතා යෝග්‍යය. කණ්ඩායම් නායකයාගේ පරම උපක‍්‍රමය දෙවියන්ගේ හැඳුණුම්පත පාවිච්චි කිරීමයි. පියාගේ ක‍්‍රියාවන්හිදී ඔහුව මෙහෙය වෙන්නේ දෙවියන් වෙතින් නම් පවුලේ අයට ඔහුගේ ක‍්‍රියාවන් සහ අභිප‍්‍රායන් ප‍්‍රශ්න කරන්න බැහැ. එසේ කළොත් දෙවියන්ට එරෙහිව ගිය අය විදිහට නම් කෙරේවි. දෙවියන්ගේ රූපිකය වෙනුවට වෙනත් යමක් ආදේශ විය හැකිය. උදාහරණයක් විදිහට උත්කර්ෂයට නැංවූ මිත‍්‍රත්වය හෝ ආදරය වැනි සංකල්ප මේ සඳහා බොහෝ විට යොදාගැනේ. මේ විසින් සාමාජිකයන් විසින් කණ්ඩායම නායකත්වය නැතිනම් පියාව ප‍්‍රශ්න කරන එක ඉතාම සාර්තකව වලක්වලා තියෙනවා. අපයෝජනාත්මක තත්වය යටතේ පවුල හැරයාම හැමවිටම කණ්ඩායම තුළ සලකුණු වන්නේ එ් හැරයන්නේ යම් සඳාචාරාත්මක වැරැුද්දක් ලෙස මිස පියාගේ වැරැුද්දක් ලෙස නොවේ. මේ වැරදිකාරී හැඟීම සහ එ් පිළිබඳ බිය බොහෝ දෙනා කණ්ඩායමෙන් ඉවත්ව යෑම සහ කණ්ඩායම ගැන ප‍්‍රශ්න කිරීම නවත්වා තිබෙනවා. පියාද ඔහුගේ සඳාචාරාත්මක දුෂ්චරිතය සහ අවිශ්වාසය තුළ ව්‍යාකූල වී සිටින්නෙකි. එහෙත් එයින් ගැළවෙන්නට හෝ වෙනත් ආකාරයකට ජීවත් වන්නට ඔහුට නොහැකිය. ඔහුට ස්තූති සහඟත කාරුණිකත්වය, සමාව දීම, ආදරය වැටහෙන්නේ නැත. නමුත් කලාතුරකින් අන් අය කෙරෙහි තද කම්පනයකින් පසුවෙයි. නමුත් බිය සහ වැදරිකාරීත්ව හැඟීම තේරුම්ගනී. එය තමයි ඔහුව පොළඹවන විශාලතම බලවේගය වන්නේ. ඔහු මේ බලය අන් අය පාලනය කිරීම සඳහා පාවිච්චි කරයි. ඔහු ක‍්‍රමයෙන් හිටිලර් හෝ ජිම් ජෝන්ස් වැනි රාක්ෂයෙක් බවට පත් වූවත් නැතත් එය තීරණය වන්නේ අඳාළ තත්වය සහ ඔහු ක‍්‍රමයෙන් අත්කර ගන්නා බලයේ ප‍්‍රමාණය මතයි. ඔබට අවශ්‍ය නම් කල්ට් නායකයෙක් තම පවුල (කණ්ඩායම* මත යොදන බලය කොපමනද කියා තේරුම්ගන්න අන්තර්ජාලයේ ේජඑබැඑ වෙබ් අඩවියේ ප්එැරස්කි වල තියෙන farther cares: The Last speech of Jim Jones නම් හඩ පටියට සවන් දෙන්න. එහි ඇත්තේ සංවිධානයට එරෙහි වූ සහ එයට විරුද්ධ වූ සමාජිකයන් දෙදෙනෙකුට දඩුවම් නියම කරන ආකාරයයි. දඩුවම කුමක් විය යුතු දැයි කියන්නේ අනෙක් සාමාජිකයන්ය. ඔවුන් යෝජනා කරන්නේ කුරිරු මරා දැමීමකි. පවුලෙන් හා සමාජයෙන් මුළු මනින්ම වෙන්කරන ලද එ් සමාජිකයන් විසින් නායකයාගේ අභිප‍්‍රායම ඉටුකරන ආකාරය අතිශයින් විශ්මය ජනකය. ඔබ මෙය තේරුම්ගෙන වටහා ගැනීම තමයි ඔබට ඇති එකම ආරක්ෂාව එසේ මිස ඔබ හොඳ පුද්ගලයෙක් වීම පමණක් ප‍්‍රමාණවත් නැත. හරිවැරැුද්ද මොකද්ද කියල මිනිස්සුන්ට සදාචාර අධයාපනයක් ලබාදීම මෙම ගැටළුවට පිළිතුර නොවේ. එම දැනුමට පියාගේ/නායකයාගේ අපයෝජනයට අභිමුඛවීමේදී කල හැකි කිසිවක් නැහැ. ඔහුගේ අපයෝජනයට ගොදුරු වුවන් තවමත් ඇත්තේ නායකයාගේ වචනය තුළයි. ඔහු සමඟ පිටස්තරයෙක් වාදයට පැටලැවුනු වහාම තම නායකයා වෙනුවෙන් පෙනී සිටියි. මෙවන් පාලනය කිරීමක ස්වභාවය එයයි. සමහරු එයට වශීකිරීම, මෝහනය කිරීම ලෙස හැඳින්වුවද එය මූලිකවම පීතෘ රූපිකයේ ශක්තිය යි. මෙවැනි තත්වයක් සමඟ මතවාදය ගැන සාකච්ඡුා කිරීම කාලය නාස්ති කිරීමකි. කල්ට් සාමාජිකයන්ට නිවැරදි සත්‍ය කුමක්ද කියා හෝ පොත්වල තියෙන්නේ මේවාය කියා හෝ ඔබේ නායකයා ඔබව කොතරම් දුර රැුගෙන ගොස් ඇතද කියා හෝ ඉගැන්වීමට යාමේදී මෙම තත්වය ඔබට මුණගැසේවි. ඇතැමිවිට ඔබ පුදුම වේවි. දරුවෙකුට හෝ බිරිඳකට පවුලේ පියා විසින් පහර දෙනු ලැබුවේ නම් ඔබ මුලින්ම අපයෝජනය විවෘත වේවි. පසුව ඔබට වෙලාවක් ලැබුණු විටක ඔබ ඔවුන් සමඟ කතාකල විට පියා ඔහුගේ අපරාධ වලට දෙන හේතුම ඔවුන් කියාවි. ඇත්තටම මේ පියාගේ භූමිකාව ඉවත් කළ විට පමණක් අපට එම රූපිකය නැති පසු සන්දර්භයක් තුළදී පමණක් අපට පෙන්වන්න පුළුවන් පියා කොහොමද දරුවන් සහ බිරිඳ අපයෝජනය කළේ කියා. මතවාදයත් එක්ක එහි සම්බන්ධයක් නැති වේවි. එය අපයෝජනයේ උපකරණයක් පමණක් බවත් හැඳින් විය හැකියි. බොහෝ කල්ට්වල දකින්න පුළුවන් ලක්ෂණයක් තමයි ස්ත‍්‍රීන්ව යටහත් හා දෙවැනි කොට සැළකීම. එසේම ඔවුන්ව සතුරු තැනක සංවිධානය තුළ ස්ථාපිත කිරීම.- Gorvallis Gazette, Time Magazine, 2005.Aprile.04සිංගර් ප‍්‍රකාශකරන අන්දමට සියළුම කල්ට් ගොඩනැගී තියෙන්නේ සිතුවිලි නැවත සකස් කිරීමේ වැඩසටහනක් මතයි. එවැනි වැඩසටහනක් මිනිසුන්ගේ පුද්ගලිකත්වය දිය කිරීමට, ඔවුනගේ ගැඹුරුම විශ්වාස පද්දතිය වෙනස් කිරීමට සහ ඔවුන්ට ඔවුන්ගැනම තියෙන සංකල්පය වෙනස් කිරීමට යොමුව තියෙනවා. මෙය සිදුකරන්නේ සියළු දෙය තේරුම්කර දෙන සර්වාධිකාරීත්ව මතවාදයක් ඔවුන් මත ආරෝපනය කිරීම මගිනි. මේ මාර්ගය තමයි එකම මාර්ගය. එය ආගම උනත් දේශපාලනය උනත්, විද්‍යාව උනත්, ධනාත්මක චින්තනය උනත්, මනෝචිකිත්සාව උනත් ඔබට මාර්ගය නම් මෙය යැයි ඔවුන් කියනවා. ලිෆ්ටන් සඳහන් කරන පරිදි කොහොමටත් වහා සිදුවෙන්නට යන සමාජ සංවර්ධනයක චලනයේ යම් යම් මානයන් කෙලින්ම කල්ට් එක තුළට ගුප්තමය සංවේදනයක ආකතාරයෙන් ඇතුළු කරගෙන මේ සමාජ චලනයේ පෙරටුගාමීන් බවට ඔවුන් ඔවුන්වම පත්කර ගැනීම දකින්න පුළුවන්. එහි ප‍්‍රතිඵල වශයෙන් අනෙක් සියළුම කණ්ඩායම් වංචාකාරීන්, ලජ්ජාවට පත්වූවන්, ප‍්‍රතිරූපකයන් ආදිය බවට පත්කිරීම දකින්න පුළුවන්. සමාන්‍යයෙන් කල්ට්වල අධිකාරීවාදී නායකයන් මෙන්ම දෙවන පෙළ නායකයන්ද සිටිනවා. ඔවුන්ගේ සර්වාධිකාරී මතවාද හා ක‍්‍රියාවන් යුක්ති සහඟත කරන්නට ඔවුන් මියගිය නායකයෙකුට හෝ ඔහුගේ කාර්යයන්ට ගරු සත්කාර කරනවා. කෙනෙක් කණ්ඩායමේ මාර්ගය තෝරා ගන්නවා නම් සාමාන්‍යයෙන් නින්දාවට, ගර්භාවට හෝ මරණයට පත්වන්නේ නැහැ. මෙය අත්කර ගැනීමට කණ්ඩායමේ සාමාජිකයන් සමාන්‍යයෙන් මොලසේදීම ලෙස හඳුන්වන සිතුවිලි නැවත සකස්කිරීමේ තාක්ෂණයන් හරහා ගොස් එ් අනුව කණ්ඩායම් සිතීම අත්පත්කරගත යුතුය. (කණ්ඩායම් සිතීම = විඍත පවුලේ පවුල් හැඟීම*. එය අත්පත් කරගැනීමට භාවිතාකරන තාක්ෂණය පහත පරිදිය:
1. Vulnerability - නව සාමාජිකයාගේ අනතුරට විවෘතභාවය පාවිච්චි කිරීම.පාවිච්චි කරන අධිශික්ෂණ ක‍්‍රියාවලිය ගැන අවධානයක් නැති පුද්ගලයෙක් තුළ ඇති අනතුරට විවෘතභාවය හා අව්‍යාජ සරලමතිකභාවය මත කල්ට් හි ආරම්භක සංවාදය විශ්වාසය තබයි. නීතීඥයන්, දොස්තරවරු, හා මනෝවිද්‍යාඥයන්ද ඇතුළුව බොහෝ නව කල්ට් සාමාජිකයන් එන්නේ අධ්‍යාපනය ලද මධ්‍යම පන්තියෙනි. එහෙම නැතුව බොහොමයක්ම අය අසාර්ථක පවුල්වල අය හෝ මත්ද්‍රව්‍යවල ට ඇබ්බැහි වූවන් නොවේ. නමුත් ඔහු යම් පුද්ගලික අර්බුදයකට ලක්වී සිටියි. ඔවුන් තමයි මේ සියල්ලම වැළඳගන්නා ස්වරූපයේ වූ විසඳුම්වල පහසුම ගොදුරු. ඉතා සියුම්ව එ් පරිසරයට සකස්කර ගැනීම පිණිස ක‍්‍රමයෙන් පීඩනයට ලක් කිරීම අරඹයි. එසේම තමන් තුළ සිඳුවෙන වෙනස්කම් හඳුනා ගැනීමට නොහැකි වෙයි. ඇතැමිවිටකදී ඔහු එ්වා හඳුණා ගන්නා විට කණ්ඩායම ඔහුට කියන්නේ එ්වා ධනාත්මක බවයි. ආරම්භයේ සිට නොදැනුවත්වම වසඟයට පත්කර තම විශ්වාසයන් හා තම වටිනාකම් කණ්ඩායමේ එ්වායින් ප‍්‍රතිස්ථාපනය කරමින් සහ එ් අයගේ පූර්ව ජීවිතය, පෞරුෂය හා චරිතය වැඩකට නැති සහ පිරිහුණු දේවල් බව එ්ත්තු ගන්වයි.
2. powerlessness - බල රහිත බව අධිකාරිත්වයක හෝ අධිකාරීවාදී ක‍්‍රමයක ආධිපත්‍ය තුළ ජීවත්වන අයෙකුට තමන්ගේ බලරහිතභාවය හා උදව්රහිතභාවය මුණ ගැසෙයි, ඔහුට විකල්පයක් සඳහා ඇති හැකියාවක් නැතැයි හොඳින්ම දැනෙයි. වෙළඳපොල සහ ධනවාදී සමාජයේ ආධිපත්‍යයික බලරටා සහ වඩා හොඳින් දැනෙන්නට පටන්ගෙන ඇති මේ යුගය එයට හොඳ උදාහරණයකි. ඉතින් ඔබට වෙළඳපොල ක‍්‍රමය තුළ විනාශ වී ¥ෂණය වී යනවා වෙනුවට ඔබේ ශුද්ධභාවය වෙනුවෙන් කණ්ඩායමකට එකතු වී එ් සමාජයෙන් ගැලවිය හැක. මෙය කල්ට් විසින් ප‍්‍රයෝජනයට ගන්නා තත්වයකි.
3. අනියතභාවය අනියතභාවයට මිනිසාගේ ඇති අකමැත්ත බිය කල්ට් විසින් ඉතා හොඳින් තම ගොඳුරු අල්ලා ගැනීමේදී ප‍්‍රයෝජනයට ගනී. ඔවුන් ඕනෑම ගැටළුවකට නිශ්චිත පිළිතුරු ලබා දෙයි. නිශ්චිත පිළිතුරු ඇති බව පවසයි. එය පුද්ගලයාගේ අනාරක්ෂිතභාවය සහ බිය අඩු කරයි. හැම දෙයක්ම පෙනෙන්නේ හොඳ නරක, ශුද්ධ අශුද්ධ, කළු සුදු යන පදයන්ගෙන් පමණි. අනියතභාවය, විවාදයට හෝ සැකයට භාජනය වන කිසිවක් නැත. සමාජිකයාට පූර්ණ විසඳුම් ලබාදී ඇත. අනිත් අතට කණ්ඩායමේ සාමාජිකයන් ගෙන් කණ්ඩායමේ අනන්‍යතාවයන් සහ එහි අදහස් ප‍්‍රශ්න නොකර බාරගැනීම හා කැපවීම අපේක්ෂා කරයි.
4. පරිසරය හා කාලය පාලනය කිරීම කණ්ඩායම නව සමාජිකයෙකුගේ කාලය, සමාජීය හා මානසික පරිසරය පාලනය කිරීම ක‍්‍රමයෙන් අධික වන තීව‍්‍රතාවයකින් ආරම්භ කරයි. සමාජිකයන් රැුස්වීම් හා සාකච්ඡුා විශාල සංඛ්‍යාවකට අනිවාර්යයෙන් නිරන්තර සහභාගිවීම සහ කණ්ඩායමේ අනෙක් කටයුතු වලට නිරන්තරව සහභාගි වෙමින් බාහිර ලෝකය සමඟ අනෙකුත් සම්බන්ධතා ක‍්‍රමයෙන් අතහැර යාම අපේක්ෂා කරයි. සමාජිකයන්ගේ මුල් මිතුරු මිතුරියන්, දන්නා හඳුනන අය ඇතුළු ආදරය කරන අයගේ සාමාජීය සම්බන්ධය හා සම්බන්ධතාවය කඩා බිඳ දැමීමට කෙලින්ම කණ්ඩායම අනුබල දෙයි. ක‍්‍රම ක‍්‍රමයෙන් සාමාජිකයන්ට කණ්ඩායමෙන් පිටත ලෝකය ගැන සිතීමට නොහැකි වෙයි.
5. දැනමුතුකම් උපදේශ ලබාදීමරැුස්වීම්, සාකච්ඡුාවල දී තමන්ගේ දැක්මක් කල්පනාවක් මත ස්ථිරව වැඩකරමින් නව සාමාජිකයන්ගේ ධෛර්්‍යවත් බවට පැරණි සමාජිකයන් පීඩා පමුණුවයි. බොහෝවිට කණ්ඩායමට නව සාමාජිකයන් අන්තර්ග‍්‍රහනය කර ගැනීමට සහ මානසිකත්ව පාලනයට උපදේශකයන් ලෙස ගුරුවරුන් පත්කර සිටියි. ඔහු නව සාමාජිකයන්ට දැන මුතුකම් ලබා දෙයි. අයහපත් අමාරු හැඟීම් හැමවිටම එ් අදාල සමාජිකයාගේ ගැටළුවක් මිස කණ්ඩායමේ වැරැුද්දක් නොවන බව ඔහු පෙන්වා දෙයි. නව සාමාජිකයා තුළ ඇති වෙන කණ්ඩායමට ගැලපෙන අවශ්‍යය සිතුවිළි පමණක් උත්පේ‍්‍රරනය කරන අතර අනෙක්වා මතින් පැන යයි. සාමාජිකයන් ඔවුන්ගේ සිතුවිලි, හැඟීම් හා ක‍්‍රියාකාරීත්වයන් කණ්ඩායමට, නායකත්වයට හෝ තම ගුරුවරයාට වාර්තා කරයි. ඔහුගේ ඇයගේ ජීවිතයේ වැඳගත් තීරණ ගැනීමේදී කණ්ඩායම් නායකයාගෙන් හෝ තම ගුරුවරයාගෙන් උපදෙස් ගැනීමක් අපේක්ෂා කරයි. සමහර විට ඉතාම කුඩාම තීරණයකදී පවා එයා කාරය. පුද්ගලයාට තමා විසින්ම සිතා කණ්ඩායමෙන් පිටතදී තීරණයක් ගැනීම ඉතා අපහසුය. කණ්ඩායම විසින් පුද්ගලයාගේ අත්මීය භාවයට (ැටද* පහර දී මුලූමණින්ම විනාශකර දමයි. ඔවුන් ඔවුන්ගේම තීරණ හා විනිශ්චයන් ගැන සැක කරයි. ඔවුන් ඉක්මණින්ම තම නිදහස් කැමැත්ත අහෝසි කර ගනී. මෙහිදී එම කල්ට් ව්‍යූහයේ ඇති ගුණාංගයන්ගෙන් නව සාමාජිකයා මෙන්ම ඔහුගේ ගුරුවරයාද හැසිරේ. එ් ගුරුවරයා තමන්ගේ ස්ව කැමැත්තෙන් තොරවම සර්වාධිකාරී උපදේශකයෙක් වන අතරම නව සාමාජිකයාද තම කැමැත්තෙන් තමන්ගේ වැදගත් කමෙන් තොරවම අධුනිකත්වයේ බල සම්බන්ධය යටතේ ධූරාවලිය තුළට ගමන් කරයි.
6. පාරිතෝෂික හා දඩුවම්, කල්ට් තුළදී අනුකූලතාවය වෙනුවෙන් අධිකතර පීඩනයක් යෙදවෙයි. ඔවුන් පුරාජේරු ඉච්ඡුාබස්වල සිට තර්ජනය කිරීම් සහ වැරදිකාරීත්ව හැඟීම්වල සම්මිශ‍්‍රණයක් මේ සඳහා යොදාගනී. කණ්ඩායම තුළ ඉගෙනීම, වැඩකිරීම අනවශ්‍ය චර්්‍යාවන් ඉවත් කිරීම සඳහා පාරිතෝසික සහ දඩුවම් පද්දතියක් භාවිතා කරයි. හුදකලාකරණය, මඟහැරයාම, නොඉවසීම, අප‍්‍රසාදය පළ කිරීම සහ නින්දාවට ලක්කිරීම වැනි දඩුවම් බිය සහ කීකරුකම ඇති කිරීමට යොදාගනී. එ් අතර විකල්පත්වය, හඳුනාගැනීම සහ ඉහලට එසවීම වැනි පාරිතෝෂිකද යොදාගනී.
7. self-flagation - ස්වයං තාඩනය කණ්ඩායම් හමුවීම් හෝ නායකයා හමුවීම් තුළ බොහෝවිට පාපොච්චාරන සැසි පැවැත්වේ. එහිදී සාමාජිකයන් කණ්ඩායමේ ස්වභාවික හොඳට අනුව කළ පාපකාරී ක‍්‍රියාවන්, සිතුුවිලි, හැඟීම් ආදිය පාපොච්ඡුාරණය කරයි. එවිට අනතුරු ඇඟවීම්, අනුශාසනා හෝ පැසසුම් ලැබේ. ප‍්‍රසිද්ධ ස්ථානවලදී ප‍්‍රදර්ශනාත්මකව හැඟීම්මය පාලනය ඇතිකරගෙන සිටීමට බොහෝවිට උනන්දු කෙරේ. චාරිත‍්‍රමය ස්වයං තාඩනයක ස්වරූපයෙන් එ්වා වර්ණනාවට ලක්කරයි.
8. group speaking කණ්ඩායම් කතනය කල්ට් හැඳින්වීමට සිතුවිලි නැවැත්වූ කල්ලි යන වචනයද භාවිතා කෙරේ. ඔවුන් පුනරාවර්තී වාක්‍යාංශ, කියමන්, සහ ඇතැම් මෝස්තරකාරී කතා ඕනෑම තත්වයක් යතාර්තයක් පැහැඳිළි කිරීමේදී යොදාගනී. එසේම වැඩිදුර විශ්ලේෂණ හෝ සාකච්ඡුාවන් වලක්වයි. ඕනෑම නොඑකඟතාවයක් නිදහස් විශ්ලේෂණය මගින් විසඳා ගන්නවා වෙනුවට ප‍්‍රඥාවන්ත නායකයන් හරහා එ්වා විසඳා ගනී. මෙම කණ්ඩායම් කතනය වැමෑරීමේ දක්ෂතාවයන්ට සහ ඔවුනගේ දක්ෂතාවයන් මගින් ව්ශේෂිතයන් එම වාකා්‍යාංශ වලින් පරාජය කිරීම ගැන කණ්ඩායම් සාමාජිකයන්ට නිතර පැසසුම් කිරීම දක්නට ලැබේ. මෙහි ප‍්‍රතිඵලය මනස පාලනය කිරීම සඳහා තීරණාත්මක බව ලිෆ්ටන් තර්ක කරයි. සියළුම මිනිස් අත්දැකීමකටම භාෂාව ප‍්‍රමුඛ වන නිසා ඔවුන්ගේ සිතීම හා දැනිමේ ධාරිතාවයන් බරපතල විදිහකට පටුයි. තවදුරටත් කියනවා නම් රහස් වචනමාලාව නිසා ඔවුන්ව බාහිර ලෝකයෙන් දුරස්තර වීම තව තවත් බල ගන්වනු ලබයි.
9. ක්ලෝනීයකරණය කල්ට් විසින් එහි නායකයන්ගේ කුඩා පිටපත් ලෙස සාමාජිකයන්ව ක්ලෝනීකරණය කරයි. ඔබ ටෝකියෝ සහ ටොරොන්ටෝ නඟරවල එකම කල්ට් එකක සමාජිකයන් හමුවීමට ගියා නම් ඔබට හමුවන්නේ එකම වර්ගයේ අය පමණි. කල්ට් විසින් පුද්ගලයන්ගේ ස්වාධිනත්වය, පෞරුෂය හා සුවිශේෂීභාවය මංකොල්ලකා එ් වෙනුවට කල්ට් මමත්වයක් ස්ථාපිත කරයි. පුද්ගලයාගේ නියම ස්වරූපය තිබූ තැනට කල්ට්මය පුද්ගලභාවයක් ආරෝපනය කරයි.
10. බොරු කීම (අසත්‍යයනය falsification) වර්තමානය සංකල්පීයකරණය කිරීමේදී අසත්‍ය කරුණු එයට එකතු කිරීමක් ගැන නෙවෙයි මේ කියන්න යන්නේ. ඇත්තෙන්ම කල්ට් ඉතිහාසය නැවත ලිවීමේ අති දක්ෂයින් ඓතිහාසික කරුණක් හෝ සත්‍යයක් කල්ට් නායකයාගේ සැලසුම අභිලාශය සමඟ නොගැලපේ නම් ඔවුන් සරලවම එය වෙනස් කරති. ලිෆ්ටන් කියන විදිහට ”පසුගිය ඓතිහාසික සිද්ධීන් වර්තමානයේ සිට එ් අනුව වෙනස් කරයි, සම්පූර්ණයෙන්ම ඉතිහාසය නැවත ලිවීම හෝ මඟහැරයාම සිදුවේ. කණ්ඩායමේ මතවාදය සමඟ ගැළපෙන පරිදි එ්වා සකස්කර ගනී. අළුත් වාක්‍ය විසින් පුද්ගලික අත්දැකීමේ යථාර්ථය සරලවම ප‍්‍රතිස්ථාපනය කරයි.
11. කපටි ලෙස මුලා කිරීම කණ්ඩායම් නායකයා අනිත් සංවිධාන හා පුද්ගලයන් ගේ ද්විත්ව ස්වරූපයක් හා අශ්ශීලත්වයක් ගැන බොරු කීමට හොඳින් සූදානම්ව සිටියි. කල්ට් නායකයා භාවිතා කරන බහුල උපායක් තමයි තමන්කල පාපයන් වෙනුවෙන් අන් අයට චෝදනා කිරීම. මේ අන් අය සංවිධානය තුළින් හෝ පිටතින් සොයාගනී. එසේම කණ්ඩායම තුළ චෝදනාවට ලක්වන්නට පිටවී යන ලෙස බලකර සිටියි. එවිට කණ්ඩායම තුළ ඉතුරුවන්නේ ඇත්තටම හොඳ, ස්වභාවික, නිරෝගී, ඥානවන්ත, සන්සුන් කලබලයක් නැති අය පමණි. එවිට එසේම එවැනි අය සිටින්නේ එම කණ්ඩායම තුළ පමණි. සමාජිකයන්ට තම විවේචනාත්මක සංවේදනය නැතිවූ තැන පටන් සහ ඔවුන්ට ඔවුන්ගැන සිතීමට නොහැකි වූ තැන පටන් ඔවුන් කිසිම විටක තම නායකයන්ගේ හා මතවාදයන්ගේ අසත්‍යය ප‍්‍රශ්න කරන්නේ නැත. අන්ධ කීකරුභාවයකින් එ්වා අනුගමනය කරමින් තම නායකයා බේරාගත් සාමාජිකයන්ට අතිශය විශ්වාසවන්ත පක්ෂපාතීත්වයක් දැනෙයි.12. veneration මහත් භක්තිය - අභිවාදනය නායකත්ව රූපිකයන් මහත් ගෞරවයට හා අභිවාදනයට ලක්වෙයි. එසේම කණ්ඩායමේ නිවේදනයන් ශුද්ධ වූ ලියවිලිවල උපුටා දැක්වීම්වලින් සමන්විත වෙයි. නිශ්ඨාවක් මහත් විනාශයක් ගැන පුරෝකතනයක් සහ දරුණු ගර්භාවක් මේ නිවේදනවල ඇති පොදු ලක්ෂණයකි. මෙය ලෝක විනාශයේ සිට උමතුව, වදදීම, මත්ද්‍රව්‍යවලට නැවත ඇද වැටීම දක්වා ඕනෑම දෙයක් විය හැකියි. බොහෝවිට යම් යම් අර්බුද තත්වයන් තුළ සිට පැමිණි අයට කණ්ඩායම හැරයාම නැවත තත්වය නරක අතට හැරේය යැයි බිය ගන්වයි.13. - undemocratic reality නිර්ප‍්‍රජාතන්ත‍්‍රවාදී යථාර්ථය කණ්ඩායම් ගමන්පතය වැටී ඇත්තේ සෙවනැල්ලක් වැනි නායකත්වයකින්, ඉතාමත් කලාතුරකින් තමයි එ්ක පෙනෙන්නේ. සත්‍ය ප‍්‍රජාතන්ත‍්‍රීයත්වය ඉතාම අඩුයි නැතිනම් ඇත්තේම නැහැ. එහෙත් කණ්ඩායමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වරූපය ගැන නිතර සහතික කිරීම් දක්නට ලැබේ. එසේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සොයා බැලීමේ අමිහිරි ක‍්‍රමවේදයන් සහ කාර්ය පටිපාටියන් කල්ට් වල දක්නට ලැබේ. ලියකියවිලි මත කණ්ඩායම අතිශය ප‍්‍රජාතන්ත‍්‍රවාදී විය හැකියි. නමුත් භාවිතයේදී මේ සියල්ල සිද්ධ වෙන්නේ නායකයාගේ, නායකත්ව මට්ටමේ කිහිප දෙනාගේ සහ නිශ්චිත කමිටු කිහිපයක් තුළ ඇති කමිටු වලින්. මේ කමිටුවලට හැමදාම පත්වෙන්නේ එකම පුද්ගලයන් කිහිප දෙනෙක්. කල්ට් එක වැසුනු තර්කයන්ගේ ක‍්‍රමවේදයක් මේ සඳහා යොදා ගනී. එහි නැවත ආපසු හැරී බැලීම් නැත. ප‍්‍රතිසංස්කරණය කිරීම් කරන්නේ අධිකාරීත්වයේ ඉහළ අය පමණයි. නායකයන් නිතරම පුද්ගල බලය, ධනවත්කම හා ලිංගික වාසි පාවිච්චි කරයි.4. mystique and mission මුණිවර ගූඪත්වය සහ ¥ත මෙහෙවර කල්ට් සාමාජිකයන් තමන් නූතනත්වයේ සංවර්ධනයේ නූතනත්වයේ පෙරටුගාමීන්ව සිටිනවාය, මේ වහා සිදුවන්නට යන සමාජ පරිවර්තනයේ නීතීන් කෙලින්ම හඳුනාගත්තවුන්ය යන උසස්භාවයේ හැඟීමෙන් අභ්‍යන්තර නිලංකාරීත්වයක පසුවෙයි. මෙය ඉසිවරමය ගූඪත්වයකි. මෙයින් ඔවුන් ඓතිහාසික භූමිකාවන්ට තෝරාගත්තවුන්, පෙරටුගාමීන් (එයැ ඩ්බටම්රා*, පුරෝගාමීන් සහ නව සුවිසල් සමාජීය, දේශපාලනික, ආගමික හෝ විද්‍යාත්මක ව්‍යාපාරයක නව මඟ පෙන්වන්නන් තමන්ය යන හැඟීම ඔවුන්ට ඇතිවේ. මෙය ජීවිතයට අර්ථයක් ලබා දී ඇත යන හැඟීම කල්ට් සමාජිකයාට ලබා දෙයි. මේ හැඟීම ඇතුළු වූ සමාජිකයින්ට ජීවිතයේ වෙනත් අරමුණක් හෝ අර්ථයක් නැත.15. disturbed guru වධකයන් බවට පත්වූ ගොදුරු කල්ට් නායකයන් නිතරම සාමාන්‍ය මට්ටමට වඩා බුද්ධිමත් ආකර්ශනීය මනබඳිනා රූපිකයන්ය. ආකර්ශනීය මනබැඳීම ඔහුගේ එක් පුද්ගලභාවයකි. මෙය ව්‍යාජ පෞරුෂයකි. බොහෝ කල්ට් නායකයින් බහු පෞරුෂමය කැළඹීමකින් (multiple personality disorder) පීඩා විඳියි. සමාජිකයන්හට ඔහුට ගෞරව කිරීමට, ඔහුට පෙනෙන දුරින් සිටීමට, ඔහු සමඟ ඔහු වටා සිටීමට සිතෙයි. නමුත් හඳිසියේම ඔහුගේ පෞරුෂය වෙනස් විය හැක. කල්ට් නායකයන් හැමවිටම කරදරයට විපතට පත්වූ පුද්ගලයන්. ඔවුන් අනෙක් සමාජීය දේශපාලනික හෝ ආගමික කලට් වලට සම්බන්ධවී සිටි අය හෝ ළමා කාලයේදී ලද ක්ෂතිමය අත්දැකීමකින් පීඩා විඳින අයයි. ඔවුන්ගේ පිටතට පෙනෙන අතිශය ශක්තිමත් හා විශ්වාසී ව්‍යාජ පෞරුෂත්වයට යටින් ඇති ඔහුගේ අතිශය කැඞී බිඳෙන සුළු වූ පුද්ගල අනන්‍යතාවයේ, වටිනාකමේ, වැදගත්කමේ හැඟීම හිලව් කර ගැනීමට නායකත්වයේ ස්ථානය අතයාවශ්‍ය යි. මෙය පෙන්වා දෙන පරිදි යථාර්ථ ලෝකය සමඟ ගනුදෙනුවකට නොයා කල්ට්මය පරිසරය තුළ තමන්ගේ ගැටළුවලට පිළිතුරු සොයා ගැනිමට ඔවුන් තෝරා ගනී. ඔවුන්ගෙ පැරණි ඉතිහාසයන් පෙන්වාදෙන පරිදි කල්ට් නායකයන් සමාජයේ ආන්තිකත්වයට ලක්වූවන් වන අතර ඔවුන් තම ජීවිතයේ එක් හේතුවක සිට තවත් හේතුවකටත්, එක් කල්ට් එකක සිට තවත් කල්ට් එකකටත්, එක් රැුකියාවක සිට තවත් රැුකියාවකටත්, එක් විවාහයක සිට තවත් විවාහයකටත් ආදි වශයෙන් පාවී යෑමේ අධික නැඹුරුතාවයක් ඇති අය යි. එ් තුළ ඔවුන් තම ජීවිතය යම් හේතුවකට කැප කර තිබෙනවා (මේ දිනවල අන්තර්ජාලය තුළ පවා මෙවන් අය බහුල ලෙස දැකිය හැකි යි). ඔවුන්ට එ් ග‍්‍රස්ථිකමය-අනිවාර්යතාවය අත්හැරීමට නොහැකියි. ඔවුන් උමතුවූවන් සේ හැසිරෙයි. ඔවුන්ගේ දැක්මට, වැඩපිළිවෙලට, සහ ස්වයං උත්කර්ශනය කරා යන එ් ගමන හරහා බාධක විය හැකි කිසිවක් ඔවුනට නැත. ඔහුගේ බිරඳගේ දරුවාගේ ආදරය කරන අයගේ යහපත් ජීවිතය පවා ඔහුට බාධාවක් නොවේ. ඔහු අනතුරට නිරාවරණය වූ සමාජිකයන්ගේ මනස හසුරුවයි, මුදල් පැහැර ගනී, සහ ලිංගික වාසි ලබා ගනී. ඔවුන්ව මානසිකව, ශාරීරිකව හා ලිංගිකව අපයෝජනයට ලක්කරයි.කල්ට්මය අපයෝජනය1. කණ්ඩායම් නායකයා අධිකාරිත්ව ස්ථානයේ සුවිශේෂ තැනකට හිමිකම් කියයි. එය සාධාරණීකරනය කර ඇත්තේ ඔවුන් තමන්ගේ වාසියට පාවිච්චි කරන මතවාදයන් හා සංකල්පයන්ගේ සාධාරණත්වයෙනි. 2. ඇත්තටම තමන්ම තමයි සත්‍ය කියා ඔවුන් තදින් විශ්වාස කරති. ඉතින් ඔවුන් පවතින දේශපාලනයට පල්ලියට හෝ සමාජයට එරෙහිව තද විවේචක ආස්ථානයකට ගමන් කරන ගමන්ම තමන්ගේ කණ්ඩායම ගැන අදානග‍්‍රාහීව නායකත්වය අභිනන්දනය කරමින්, උත්කර්ශනීය ආස්තානයක් පවත්වාගෙන යයි. 3. තර්ජනයෙන් බියගැන්වීම හෝ මනෝවිද්‍යාත්මක මෙහෙයවීම මගින් සමාජිකයන් ඔවුන්ගේ නිලයට තදින් ලෙන්ගතුව බැඳී සිටීමට යොදා ගනියි. මෙය දෙවියන් විසින් දෙනු ආකෘතියකින් හෝ ලබන මහත් දරුණු විෂයාත්මක තර්ජනයක ආකෘතියකින් හෝ පවුලෙන් මිතුරන්ගෙන් ඈත්කිරීම වැනි ආකෘතියකින් පැමිණිය හැකියි. මෙය මනස පාලනය කිරීමේ අත්‍යාවශ්‍ය අංගයකි. 4. සමාජිකයන් විසින් කණ්ඩායමට සැළකිය යුතු මූල්‍ය ආධාරයක් ලබා දීම අපේක්‍ෂා කරයි. කණ්ඩායමට ඇතුළු වීමේදී දේපල පාවිච්චි කිරීමට මෙය අනිවාර්්‍ය සුදුසු කමක් විය හැකිය. දායකත්වයක් ලබා නොදුන් අයට මෙයින් වරදකාරීත්වයක් හැෙඟ්. එය බලහත්කාරී මානසික පාලනයට වැදගත් සාධකයකි. සඟරා, බුක්මාක්ස්, ටි ෂර්ට්ස්, හෝ මල් විකිණීම මගින් එ් අයට කණ්ඩායම වෙනුවෙන් දායක විය හැකිය. 5. කණ්ඩායම හා එහි ඉගැන්වීම වෙනුවෙන් කැපවීම ගැන විශාල අවධාරණයක් දක්නට ලැබේ. කණ්ඩායම් සාමාජිකයන්ගේ ජීවිත සම්පුර්ණයෙන්ම කණ්ඩායමේ ක‍්‍රියාකාරීත්වයට උරාගෙන ඇත. ඔවුන්ට ඉතාම කෙටි කාලයක් විතරයි තමන් ගැන හිතන්න තියෙන්නේ. ඇතැම්විට කාලයක් ඇත්තේම නැහැ. එයට හේතුවන්නේ සාමාජිකයන් ශාරීරිකමය හා භාවමය වශයෙන් සම්පූර්ණයෙන්ම අධික වෙහෙසට පත්වීමයි. 6. කණ්ඩායම් සමාජිකයාගේ පුද්ගලික ජීවිතවල සියළුම පැතිවල සම්පුර්ණ පාලනයක් ඇතිකෙරේ. මෙය ජදපපමබ්ක ජීවිතයක් නඩත්තු කිරීම හරහා සිද්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් වඩා ශිෂ්ඨ ජීවිතයක්, වඩා ක‍්‍රිස්තියානි ජීවිතයක් ගත කරන ආකාරය හා නායකයාගේ අදහස්වලට කීකරුව ජීවත්වන්නේ කෙසේද වැනි දේවල් නිරන්තරව හා තදින් ස්ථිරව දේශනා කිරීම දකින්න පුළුවන්. සමාජිකයන් ඔවුන්ගේ නායකයාගේ මාර්ගෝපදේශකත්වය ජීවිතයේ සියළුම කාරණාවලදී අපේක්ෂා කරයි.7. කණ්ඩායමේ ඉගැන්වීම් සමඟ ඇති ඕනෑම විසම්මුතියක්, හෝ ප‍්‍රශ්න කිරීමක් අධෛර්යට ලක්කරයි. ඕනෑම ආකාරයේ විවේචනයක් කැරළිකාරීත්වයක් ලෙස දකියි. අධිකාරීත්වය ප‍්‍රශ්න නොකරන කීකරුභාවය මත සහ යටහත් පහත් භාවය මත අවධාරණය කිරිමක් නිරීක්ෂණය කළ හැක. එය ප‍්‍රවේශම් සහඟත ලෙස නඩත්තු කෙරේ. 8. කණ්ඩායම් සාමාජිකයන්ට කිසියම් හෝ විදිහකින් කණ්ඩායමට ඇති තමන්ගේ ලැදියාව පෙන්නුම් කිරීමට සිදුවේ.කල්ට්එක විසින් අපයෝජනයට ලක්කරන්නාවූ අයිතීන්1. abuse of individuality පුද්ගලත්වය අපයෝජනය කිරීම. මේ සඳහා කණ්ඩායමික මානසිකත්වය භාවිතා කරයි. එය විසින් කණ්ඩායමෙන් පිට වෙනම ඔවුන්ට තමන් ගැන සිතීමට අවසර නොදෙන අතර අවසර ලැබෙන්නේ කණ්ඩායම විසින් දෙන ලද දේ සිතීමට පමණි.2. abuse of intimacy ඉතා කිට්ටු ළඟ ආශ‍්‍රයන් අපයෝජනය කිරීම. මිතුරන්, ඥාතීන්, බිරිඳ හෝ සැමියා, පෙම්වතා පෙම්වතිය, දරුවන් දෙමව්පියන් වැනි අය සමඟ ඇති දැඩි සම්බන්දකම් බිඳ දමන අතර බිය ජනක ලෙස එ්වා වලකා දමයි. -මට වඩා ඔබ ඇයට ආදරය කරන්නේ ඇයි?- නායකයා සමාජිකයාගෙන් අසයි. සමාජිකයන්ගේ විවාහයන් අතපසු වීම බොහෝ විට දැකිය හැකියි. බොහෝවිට ඔවුන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය අහිමිවී ගොස් ඇත.3. us vs them mentality ඔවුනට එරෙහිව අප මානසිකත්වය. සමාන්‍ය පොදු ජනයාගෙන් වෙන්වීම නිසා කණ්ඩායමෙන් පිටත එ්නෑම කෙනෙක් යක්ෂයාගේ කෙනෙක් හෝ අශිෂ්ඨයෙක්, නූගතෙක් විදිහට දකියි. එබැවින් කණ්ඩායමේ සතුරන් බවට පත්වන්නේ මුල්කාලීන මිත‍්‍රයන්, පවුල්වල සමාජිකයන් වැනි අයයි. කල්ට් දෘෂ්ටිකෝණයෙන්ම මාධ්‍යය, අධයාපන පද්දතිය, රජය ආගම සහ පොදුවේ මුලූ ලෝකයම ඔවුන්ගේ සතුරන් බවට පත්වේ. ඉතින් කවුරුන් හෝ සමාජිකයෙක් බාහිර ලෝකයේ මේ දෙවල් එක්ක එකතු වෙනවා නම් එය සියළුම පරමාදර්ශියත්යන්ගේ අවසානයක් ලෙස තේරුම් ගනියි. 4. abuse of time and energy කාලය හා ශක්තිය අපයෝජනය කිරීම. කණ්ඩායම සාමාන්‍යයෙන් සමාජිකයාගේ සම්පූර්ණ කාලය හා ශ‍්‍රමය ඔවුන්ගේ කණ්ඩායම් ක‍්‍රියාකාරිත්වය සඳහා පාලනය කරයි - පාවිච්චි කරයි. ඔවුන් මානසිකව හා ශාරීරිකව නිරන්තර අධික වෙහෙසකින් පසුවෙයි.5. abuse of free will නිදහස් කැමැත්ත අපයෝජනය කිරීම. ප‍්‍රශ්න නොකර බාරගන්නා කණ්ඩායමේ අදහස් නිසා සමාජිකයාගේ නිදහස් කැමැත්ත විනාශ වී යයි. ඔවුන්ගේ කැමැත්ත ඇත්තටම කණ්ඩායමේ කැමැත්ත බවට පත්වෙයි. මෙය බලහත්කාරී ක‍්‍රමයන්ගෙන් හෝ අහාර නින්ද අවම කිරීම හෝ යම් කාලයක් තැති ගැන්වීමෙන් හො සිදු කරයි.මෙම අපයොජනයන්ගේ ප‍්‍රතිඵල1. පුද්ගල පෞරුෂය වෙනස් වීම.එයාව අපට තව දුරටත් තේරෙන්නේ නැහැ කියා සමීපතම අය කියාවි. උණුසුම් ආදරණීය පුද්ගලභාවයක සිට අපයෝජනය, ප‍්‍රතික්ෂේපනය, වෛරය පිරුණු පුද්ගලභාවයකට මාරු වෙන්න පුළුවන්. අන් අය සමඟ සැසඳීමේදී සහ පිටත ඕනෑම කෙනෙකුට නැඹුරු වීමේ ආකාල්පීය ස්වරූපයේදී කල්ට් සාමාජිකයා තමන්ව දකින්නේ නිවැරදිම මනුෂ්‍යයන් විදිහටයි.2. අනන්‍යතාවය අහිමි වීම.කල්ට් සමාජිකයන්ට තමන්ව කණ්ඩායමෙන් ස්වාධීන පුද්ගලයන් විදිහට තේරුම් ගැනීම අපහසුයි. සමහර කල්ට් විසින් පූර්ව ජීවිතයෙන් සම්පූර්ණ වෙන් වීමක් විදිහට ඔවුන්ගේ නම් පවා වෙනස් කරයි. උදා රාජනීස් කල්ට්.3. paranoia මානසික විකෘතීත්වය - අපිව හිංසාවට ලක්කරලයි තියෙන්නේ මානසිකත්වය (ගොදුරු මානසිකත්වය)ඕනෑම විටක ඔබ කණ්ඩායම පිළිබඳ ඍනාත්මක දෙයක් පැවසූ විට එය යුක්ති සහඟත වූවත් නැතත් එය හිංසාවක් ලෙස සළකයි. පුද්ගලයෙකුගේ ඕනෑම විවේචනයක් හිංසා කිරීමක් විදිහටයි දකින්නේ. මන්ද කල්ට් එක තමයි නියම මානුෂිකත්වය, ශිෂ්ඨත්වය, ස්ත‍්‍රීත්වය හෝ පුරුෂත්වය, ක‍්‍රිස්තියානීත්වය, දැනුවත්භාවය නියෝජනය කරන්නේ. එ් නිසා වැැර සිදුවිය නොහැකියි. එසේම ඔවුන්ට එකම විටෙක අනෙක් අය කියන ඕනෑම දෙයක් ඕනෑම තරම් දුරට විවේචනය කිරීමට නිදහස ඇත.4. social disorientation සමාජීය මංමුලාවීම කල්ට් පුද්ගලයාට අනෙක් අය සමඟ සමාජගත වීමට හැකියාව නැත. මෙය බොහෝ දුර යන්න පුළුවන්. ඇතැම් විට තම කාලය කළමණාකරනය කර ගත නොහැකිවීමේ සිට අවුල් ජාලයක් ආරම්භ වෙන්න පුළුවන්. බොහෝ විට සාමාජිකයා කණ්ඩායම හැරගිය පසුව මේ තත්වයට අභිමුඛ වේ. සමාජිකයාගේ ලෝක දැක්ම සහ ලෝකය ප‍්‍රක්ෂේපණය කිරීම නායකයාගේ ඇස්වලට අනුව වෙනස් වී ඇත. ඔවුන් සමාන්‍ය යෙන් ජීවිතය සම්බන්ධයෙන් ඉතාම ආධුනික ස්වරූපයක් අත්කරගෙන ඇත.5. ඉතා කර්කශ වැරදිකාරීත්ව සංකීර්ණය ඔවුන් කණ්ඩායමට ඇතුලූවීමට පෙර කරන ලද දේවල් සහ හොඳ වටිනාකමක් ඇති සනාතන ජීවිතයක් වෙනුවෙන් අඛණ්ඩව වෑයම් කිරීමේදී ඔවුනට හැම දෙයක් ගැනම වැරදිකාරී හැඟීමක් දැනෙයි. බොහෝ විට කණ්ඩායමේ ඉතාම කුඩා නීති කඩකිරීම් වැනි කඳු ගණන් වැැර ක5ියාවන් ගොඩාක් නිසා කල්ට් සාමාජිකයා සිටින්නේ නිරන්තර වැරදිකාරීත්ව හැඟීමක යි. වැරදිකාරී හැඟීම එන්නේ ඇත්තටම ඔවුන් අවශ්‍ය තරම් කණ්ඩායමට වැඩකර නැති නිසා බවයි ඔහුට හැෙඟන්නේ. එසේම මේ වැැර කාරීත්වය තට්ටු පිට තට්ටු වශයෙන් ගොඩගැසෙන පරිදි කොහොමටත් නිරන්තරයෙන් නව නීති රීති හඳුන්වා දීම සිදුවෙයි. සමහරවිට අසනීප වීම වැන්නක් ප‍්‍රමාණවත් තරම් දෙවියන් කෙරෙහි භක්තිය නොරැුදවීමක් ලෙස දකියි. -වඩා වැරදිකාරී හැඟීම්- අසනීප බොහෝවිට දකින්නේ ඔබේ නොගැලපෙන බවේ, පිටමංකලයුතු බවේ, ක‍්‍රිස්තියානි පාපකාරීත්වයේ ස්වරූපයෙනි. -වඩ වඩා වැරදිකාරීතව හැඟීම ගොඩ ගැසේ -කල්ට් කණ්ඩායම් සමාජිකයෙකුව නිරීක්ෂණය කිරීමට කරුණු
1. අනෙක් සියළුම අවශ්‍යතාවයන් සැළකීම්වලට වඩා ඉහළින් කණ්ඩායම හා නායකයාව තැබීම.
2. සමාජිකයන්ගේ පුද්ගල අනන්‍යතාවය නායකයා, කණ්ඩායම, අනුමනය කරන දෙවියන් සමඟ ක‍්‍රමයෙන් සංයෝජනය වීම ආරම්භ වේ. කණ්ඩායමේ නායකයන්ගේ චර්්‍යාවන් සමඟ අනන්‍යතාවය ක්ලෝනීකරණය වීම සිදු වෙයි.
3. කණ්ඩායම හෝ නායකයා විවේචනය කළ විට චිත්තවේගී භාවාතීශීය අධි ප‍්‍රතිචාර දැක්වීම. දුෂ්ඨ නපුරු හිංසා කිරීමක් ලෙස එය දැකීම.
4. මාර්ගය යනු තම කණ්ඩායමයි, සහ ඔවුනට උදාරතර මෙහෙයුමක් නියම වී ඇත යන මානසිකත්වයෙන් කටයුතු කිරීම.
5. තමන්ට අතිවෙන ප‍්‍රශ්න විසඳා ගැනීම්වල දී විශ්ලේෂණ හා අර්ථගැන්ම්වලදී අධිකතරව ක‍්‍රමයෙන් කණ්ඩායම හෝ නායකයා මත රඳා පැවතීම සිදුවේ. නිදහස් සිතීම හා බාහිර යථාර්ථය සමඟ ඇති අනුරූපතාවය ක‍්‍රමයෙන් නැති වෙයි.
6. කණ්ඩායමට හෝ නායකයාට වැඩකිරීමේදී දක්වන අදික ක‍්‍රියාකාරීත්වය නිසා පුද්ගලික හෝ පවුලේ ශක්තිය විනාශකර ගනී.
7. අන්ධව කණ්ඩායම හෝ නායකයා අනුගමනය කිරීමට දක්වන සුදානම සහ තමා විසින් නිදහස්ව සිතන්නේ නැතුව කණ්ඩායමේ නිවේදන, ප‍්‍රකාශන ආරක්ෂා කිරීමට යාම.
8. හැරගිය පැරණි සාමාජිකයින් සහ වෙනත් විකල්ප කණ්ඩායම්වල සමාජිකයින් යක්ෂයන් බවට පත්කිරීම.
9. සමාජයෙන් ප‍්‍රසංශා ලැබීමට කැමතිවීම හා සමාජයේ චෝදනාවට ලක්වීමට බිය වීම.
10. කණ්ඩායමේ නායකයන් සමඟ ප‍්‍රසිද්ධියේ එකට සිටීමට හෝ පෙනී සිටීමට දක්වන අහිතකර තද ආශාව.
කල්ට් නායකයා විපරම් කිරීමට කරුණු
1. අධිකාරීවාදී ප‍්‍රවේශය සහ ප‍්‍රශ්න කිරීම විවේචනය කිරීම නුරුස්සනා සුළුබව. විරුද්ධවාදීන් ගැන බොරු සහ අපහාස කිරීම.
2. ලෝකය පිළිබඳ ව්‍යාකූල කාංසා සහගත බවකින් කණ්ඩායමට ඇති තර්ජන හා කුමන්ත‍්‍රණ පිළිබඳව නිරතුරුව කතා කිරීම.
3. සමාන්‍යයෙන් පුරුද්දක් විදිහට අසතුටුදායක සමාජිකයන් පිළිබඳව දෝෂාරෝපනය කරයි. ඔවුන් කණ්ඩායම හැරගිය අය නම් ඳොස් පැවරීම ද්වේෂ සහඟත ය. ඔවුන්ගේ පෞරුෂයේ, ලිංගිකත්වයේ අසාමාන්‍යතාවයක්, හෝ අපරාධකාරී විනාශකාරී නීති කඩකරන උන්මත්තක කුමන්ත‍්‍රණ කරුවන් ලෙස හෝ පාවා දී පලා යන්නන් ලෙස බැන වදී.
4. කණ්ඩායම හැරගිය පැරණි සාමාජිකයන් කණ්ඩායමේ අපයෝජනයන් ගැන සමාන කතාවක් කියයි.
5. කණ්ඩායමේ නායකත්වය හැමවිටම නිවැරදි වන අතර අනුගාමිකයන්ට කිසිම විටක තමන්ගේ හොඳක් වැටහෙන්නේ නැති වීම. කණ්ඩායමක් කල්ට් එකක් ලෙස නම් කිරීමේදී අවම වශයෙන් අනුභූතික පර්යේෂණයකට ලක්කළ යුතුය.
එ් සඳහා පහත කරුණු රැුස්කිරීම අත්‍යාවශ්‍යය.
1. පුද්ගලයන්ට හා පවුල්වලට හානි කිරීමේදී මනෝවිද්‍යාත්මක ගතිකයන් ලෙස හඳුනාගත හැකි කණ්ඩායමේ නෛසර්ගික ලක්ෂණ මොනවාද? උදාහරණ දෙන්න.
2. එම කල්ට්මය පරිසරය සුව්ශේෂීව හානි කිරීමේ හා පාලනය කිරීමේ මානයන්ට අදාලව තක්සේරු කරන්න.
3. දැන්ට් කල්ට් එක තුළ සිටින හා පූර්ව කල්ට් සමාජිකයන් අත්විඳින හානියේ ස්වරූපය සහ ප‍්‍රමාණය කුමක්ද? උදාහරණ දෙන්න.
4. කල්ට් එක තුළ කොතරම් දුරට සමාජිකයන්ගේ මානසිකත්වයේ ඉහළමට්ටමේ නැවත සකස්කිරීමක් වෙලා තියෙනවාද? කොතරම් දුරට කොතරම් සාමාජිකයන් ප‍්‍රමාණයකගේද?
5. සුවිශේෂීහානියේ ඉහළම අවදානමේ ව්‍යාප්තිය කොපමනද?
6. කොපමන ප‍්‍රමාණයක පුද්ගලයන් ප‍්‍රමාණයක් මේ කල්ට් එකට ඇතුලූව තිබේද?
7. එකතු වූ අයගෙන් කොපමන පුද්ගලයන් ප‍්‍රමාණයක් හානියට ලක්වි තිබේද?
8. මනෝවිද්‍යාත්මක හා අනෙක් ආකාරයන්ගේ උත්සාහයන් ගෙන් ප‍්‍රතිකාර ලැබීම කොතරම් දුරට සාර්තක වී තිබෙනවාද
-