Tuesday, July 8, 2008

වම්මු සහ විද්වත්තු
සබරගමුව සහ උතුරු මැද පළාත් සභා පසු ගිය දා ආණ්ඩුව විසුරුවා හැරියේ ඒවායේ නිල කාලය අවසන් වීමට අවුරුදු එක හමාරකට මත්තෙනි. යම් පළාත් සභාවක ආණ්ඩු බලය හිමි පක්ෂයට කටයුතු කරගෙන යාමට නො හැකි පරිදි එම පක්ෂය සුළුතරයක් බවට පත්වන්නේ නම්, ඒ අවස්ථාවේ එම පළාත් සභාවේ බහුතරයක් නියෝජනය කරන ඊ ළඟ පක්ෂයට බලය පැවරිය යුතු බව නීතියේ සඳහන් ය. එහෙත් එ වැනි කිසිවක් මේ පළාත් සභා සම්බන්ධයෙන් අනුගමනය කෙරුණේ නැත. ජනාධිපතිවරයා ගේ හිතුමතය එක ම නීතිය වී පළාත් සභා දෙක විසිරුවා හැරුණි. සියලූ කටයුතු අද සිද්ධ වන්නේ එයාකාරයෙන් බව මුළු රට ම දනී. ඒ සඳහා විද්වත් පැහැදිලි කිරීම් අවශ්‍ය නැත. මන්ද යත්, 1977 සිට මේ සූත‍්‍රය අනේක වාරයක් ජනතාව අත්දැක ඇති බැවිනි. රිදී තිරයේ ”ඩබල් ඇක්ටින්” යනුවෙන් හැඳින්වෙන රඟපෑමක් ඇත. එක ම පුද්ගලයෙකු චරිත දෙකක් එක වර රඟපෑම ඉන් අදහස් කෙරේ. මුල් වරට මෙ සේ එක පුද්ගලයෙකු චරිත දෙකක් රඟපානු දුටු අවස්ථාවේ මට ඇති වූ අහ්ලාදජනක විස්මය තව මත් මගේ මතකයේ තිබේ. එය අපූරු විස්මයක් වන අතරේ ම එක්තරා විදිහක අපේක්ෂා භංගත්වයක් ද ජනනය කෙළේ ය. එ තෙක් කල් සිනමාව තුළ පවත්වාගෙන ගිය ”සැබෑව” එක්තරා දුරටකට මේ ද්විත්ව රංගනයෙන් පළුදු වූ බවක් මට හැඟිණ. සැබෑ දිවියේ ද්විත්ව රංගන ශිල්පීන් හමු වන විට ඉස්මත්තට එන්නේ, කුහකත්වය, වංචනිකත්වය සහ රැුවටිල්ල යන කාරණා ය. එයින් අප තුළ විටෙක කෝපයක් ද, විටෙක ජුගුප්සාවක් ද ඇති කෙරේ. ප‍්‍රශ්නය තවත් තීව‍්‍ර වන්නේ, ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රයේ දකින්නට ලැබෙන රංගනයන් ද්විත්ව භාවයටත් එහා යාමයි. එක ම පුද්ගලයාට එක වර චරිත තුනක්, හතරක්, පහක් ආදී වශයෙන් පෙනී සිටිය හැක. ඒ සෑම භූමිකාවක ම එම චරිතය එක සේ ‘සාර්ථක’ ව රඟපායි. රිදී තිරයේ දී කෙ සේ වෙතත්, දේශපාලනයේ දී මෙය ඔක්කාරය දනවන තරමට අපුල ය. උදාහරණයක් වශයෙන් වාසුදේව නානායක්කාර නැමැති චරිතය ගන්න. ඔහු වමේ දේශපාලනයේ දැවැන්තයෙකි. තවමත් තමා වාමාංශිකයෙකැ යි ඔහු විශ්වාස කරයි. ඒ විශ්වාසය එකහෙළා සදොස් නැත. හේතුව, ලංකාවේ ඊනියා වාමාංශය තවමත් නිර්වචනය කෙරෙන්නේ, ඉතා සරල නිර්ණායකයක් වන ”යු.එන්.පී. නො වීම” යන ග‍්‍රාම්‍ය කාරණය මත ය. එහෙත් වාම දේශපාලනය යනු නැති බැරි එකා සහ නැති බැරි කාරණා වෙනුවෙන් කරන දේශපාලනයක් වශයෙන් වඩාත් පුළුල් අර්ථයකින් ගන්නේ නම්, වාසුදේව යනු මේ මොහොතේ දී වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දක්ෂිණාංශික දේශපාලනඥයකුට වඩා එක මයිලකින් වත් වෙනස් වන්නේ නැත.ඔහු යුදවාදී දේශපාලන ව්‍යාපෘතිය එළිපිට දියත් වෙද්දී පවා කොළඹ නගර සභා විරුද්ධ පක්ෂ නායක තනතුරේ වැජඹී තිරිහන් වන විට මා සිතූයේ, යුදවාදය සහ ජාතිවාදය පිළිබඳ ඔහුගේ තේරුම් ගැනීම මගේ තේරුම් ගැනීමට වඩා වෙනස් විය හැකි නිසා, එ වැනි යුදවාදී දේශපාලනයක කොටස්කරුවෙකු වීම ඔහුගේ හෘදය සාක්ෂියට බරක් නො වන්නට ඉඩ ඇති බව ය. එහෙත් යුද්ධය සක‍්‍රීය ආකාරයෙන් දියත් වන විට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතුමහල ගරාවැටෙන විට සහ උතුරේත් දකුණේත් සාමාන්‍ය වැසියන් බෝම්බවල ගොදුරු බවට පත්වන විට, ඇස්පනාපිට ඔහුගේ බහුවිධ රංගන කෞශල්‍යය පෙනෙන්ට පටන් ගනී. මේ ‘පාපය‘ සමා කර ගැනීමට කොළඹ කොටුවේ හෝ ලිප්ටන් වටරවුමේ නැත හොත් මර්වින් සිල්වාට විරුද්ධ ව ජාතික රූපවාහිනිය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වීම සෑහෙති යි මේ හිටපු විප්ලවවාදියා සිතන්නේ නම්, එය කරුණු කාරණා අවබෝධ කර ගැනීමේ අවුලක් නො ව, නග්න අවස්ථාවාදයේ ප‍්‍රකාශනයක් වීමට ම සුදුසුකම් ලබන්නේ ය. චම්පික රණවක සහ විමල් වීරවංශ වැනි කෝඩුකාරයන් රට කරවන්නන් බවට පත් වන විට තමන් වැනි හිටපු පතාක යෝධයන්ටත් මස් කට්ටක් හෝ දෙන්නේ නම් එය බාර නොගෙන සිටීමට තරම් වාම එඩිය තව දුරටත් සවිමත් නැති බව දැන් ඔහුගේ ඇඟට දැනෙන යථාවක් විය හැක. එ නිසා ම දෝ, තවත් මයිලක් ඉදිරියට ගොස් අද වන විට ඔහු ආණ්ඩුවේ මහ ඇමති අපේක්ෂකයා වශයෙන් සබරගමුවට යාමටත් බස් දී තිබේ. අවංක භාවය යනු කුමක් ද? එක විට ප‍්‍රතිවිරුද්ධ කාරණා දෙකකට අවංක වීමට කෙනෙකුට අවශ්‍ය කරන්නේ ඇයි? බලය පතන්නේ බලය සඳහා ම පමණක් ද, නැත් නම් බලය හරහා යම් සේවයක් රටට සිදු කිරීම සඳහා ද? යහ පාලනය වෙනුවෙන්, ජාතික සහජීවනය වෙනුවෙන්, දේශපාලන විසඳුමක් වෙනුවෙන් කලක් පෙනී සිටි ජී.එල්.පීරිස්, උතුරු මැද සහ සබරගමු පළාත් සභා කල් පිරීමට මත්තෙන් විසුරුවා හැරීම ගැන කියන්නේ මෙ සේ ය. ‘චන්දය පාවිච්චි කිරීමට ජනතාවට අවස්ථාවක් ලබා දීම ජනතා ස්වෛරීත්වය උරගා බැලීමට අවකාශයක් ලබා දීමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතැති කිසිවෙක් ඊට විරුද්ධ වන්නේ ඇයි?‘මේ මහාචාර්යවරයා උන්නතිකාමී දේශපාලකයෙකු මිස දේශපාලනඥයෙකු නො වුණත්, අඩු වශයෙන් නීති වේදියෙකු වශයෙන් වත්, මිනිස් දිවට කශේරුකාවක් නැති බව මෙ තරම් සරල ව ලෝකයාට හෙළිදරව් කිරීමට ඉදිරිපත් විය යුතු නැත. තමා ලද ජනතා ස්වෛරීත්වයේ වරම ඒ ජනතා අභිලාෂයට පටහැනි තැනක උකසට තබා භුක්ති විඳින අතරේ ඔවුන්ට ම ආපසු හැරී මෙ සේ නින්දා කිරීම මොන තරම් අශීලාචාර ද? ඕනෑ ම චන්දයක් ජනතා ස්වෛරීත්වය සඳහා පාලකයන් විසින් ප‍්‍රදානය කෙරෙන දුර්ලභ අවස්ථාවක් වශයෙන් සලකා ඔහු කියන පරිදි මිනිසුන් උදම් ඇනිය යුතු නම්, ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයත් කල් පිරීමට මත්තෙන් අද හෙට පවත්වා ඒ ජනතාවට ඔය කියන ස්වෛරීත්වයේ නිදහස වඩාත් හොඳින් භුක්ති විඳීමට දෙන්නැ යි විරුද්ධ පක්ෂ ඉල්ලූවොත් මේ නීති මහාචාර්යවරයා කියන්නේ කුමක් ද? ලංකාවේ විවිධ දේශපාලනඥයන් විවිධ කරුණු අරභයා ලෝකයාට අභියෝග කිරීම, තර්ජන ගර්ජන පෑම දැන් කාලයක සිට සිදු කෙරේ. ඒ වෙනුවෙන් මේ වන විට ජිනීවා නුවර වෙන ම තනතුරක් ද අති කොට තිිබේ. එහි මුල් පුටුව හොබවන්නේ, ජී.එල්. පීරිස් සේ ම, බලයේ තේජස පස්සේ හති හලමින් පැන්නීම ජීවිකා වෘත්තිය කර ගත්, දයාන් ජයතිලක ය. කලක් මොහු උග‍්‍ර ස්ටැලින්වාදියෙකි. තවත් කලක් පේ‍්‍රමදාසවාදියෙකි. දැන් රාජපක්ෂවාදියෙකි. ඔහුගේ අලූත්ම රාජ්‍ය තාන්ත‍්‍රික විස්කම වන්නේ, බි‍්‍රතාන්‍ය මහ රැජිණ ගේ ඔටුන්න ගැලවිය යුතු බවට බි‍්‍රතාන්‍ය ජනතාවට ප‍්‍රසිද්ධියේ යෝජනා කිරීමයි. රජවරු සහ රැජිණියන් නාමමාත‍්‍ර වශයෙන් වත් නූතනත්වයට නො ගැලපෙන බව ලියුම්කරු ගේ පෞද්ගලික මතය වුවත්, සුදු වෑන් එවා මිනිසුන් උස්සන, රජ මාළිගයට ම මාධ්‍ය කරුවන් කැන්දා තර්ජන පාන, මහ දවල් මානව හිමිකම් උල්ලංඝනය කරන, සුළුජාතික අයිතීන් සමග මාරාන්තික සෙල්ලම් කරන සැබෑ ‘රජවරුන්’ ගේ කේවට්ටයන්, ‘‘ලෝකෙට පරකාසේ” වීම පැඟිරි ත‍්‍රාසෝන්මාදයට වැඩි යමක් නො වන බව නො කිව මනා ය. ඊටත් වඩා, හැම අවුරුද්දක ම චේ ගෙවාරා සිහිපත් කරමින් පරණ පුරුද්දට අනුස්මරණ ලිපියක් ලිවීමට අමතක නො කරන විද්වතුන් මෙ වැනි භාවිතයක නියැළීම හාස්‍යෝත්පාදක ය.

අපේ කාලයේ කෝකටත් තෛලය

‍‍මේ මස 10 වන දිනට ජාතික වෘත්තීය සමිති මධ්‍යයස්ථානය විසින් රට පුරා මහා දැවැන්ත වෘත්තීය ක්‍රීයා මාර්ගයක් තෝරාගෙන ඇත. එදිනට ලයිට් පත්තුවෙන්නේ නැති බවත්, බස් දුවන්නේ නැති බවත්, දුම්රිය, පාසල්, වරාය ආදී ලංකාවේ තීරණාත්මක ආයතන අඩපණ කරමින් රජයට එරෙහිව ජනතාව පෙළ ගස්වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යයස්ථානයේ සභාපති ලාල් කාන්ත අවධාරණය කරම්න් පවසයි. එයට එ.ජා. ප. ය.ද සහය පළ කරමින් දැනටමත් එම වෘත්තීය ක්‍රියාමාර්ගය පූර්ණ ලෙස අනුග්‍රය දක්වා ඇත. එම නිසා මේ දෙපිරස එකතුව මේ ස්‍්‍රදහා ක්‍රියාත්වක වුව හොත් ආණ්ඩුවේ තටු සිදී යනු ඇත. එය වැළ‍ැක්වීමට දරුණු මර්ධනයක් ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුව පිඹුරුපත් අ්‍රදිම්න් සිටියි. එසේ මර්ධනය නොකර මෙම මහා වැඩ වර්ජනය නතර කිරීමට නම් ඔවුන්ගේ ඉල්ලිම්වලට කන් දී ඒවාට සාර්ථක ප්‍රතිචාර දැක්වීමක් කළ යුතුව ඇත. නමුත මේ මාකෝස්වාදී ආණ්ඩුවට එවැනි වැඩ කරන ජනතාව ගැන සිතනවාට වඩා කරන්නට බොහෝ දේ ඇත. ඔවුහු මඩිය තරකරගන්ට තවත් ජන්දයකට යති. ජාතිවාදය වපුරා රට ගිනි‍‍ගොඩක් බවට පත් කරමින් පරම්පරා ගණනකට එය විදපල්ලා යැයි ආණ්ඩුවේ මාධ්‍යය තුළින් උඩ බුරදී කෑ ගසති. ඒවා ජනතාවට දැනුම් දීමට වෙරදරන සෑබෑ මාධ්‍ය‍වේදීන්ට අපූරු සංග්‍රහ දෙති. අන් කවර දාටත් වඩා එය අද වඩාත් පැහැදිය. එයට ම අනුබල‍‍ දෙන ඔඩොක්කු කුක්කන් රැලක් ද ඔවුහුම වර දාන දෙම්න් නඩත්තු කරති. ඔවුන් නවතම නිර්වචන සම්පාදනයෙහිලා මහත් අභිරුචියක් හා සමත් කමක් දක්වති. ඒ මන්ද මේ දේශ‍‍‍ෙප්‍රම්න්ට අනුව තම අයිතීන් ඉල්ලන්නා දේශ‍ෙද්‍ා්හියෝය. මේ ඊනියා දේශපේ්‍රමීන්ට ලංකාවේ ප්‍රශ්න නොමැත. අපහසුතා ද නොමැත. ආර්ථික පීඩන ද නොමැත. මෑතක සිට අධිරාජ්‍යයවාදී බලපෑම් ද නොමැත. මේ ආණ්ඩුවේ සියල්ල නිවරදිය. කලකට ඉහත දී කෝප් වාර්ථා‍ෙව දුශිතයන් ගැන කථාකරන ලද දේවල් ද සුළට පාවී ගොස්ය. මේ අති උත්තරීතර සිංහල බෞද්ධ රටට ඇති එකම ප්‍රශ්නය කෙ‍ාට්යා පමණි. ඌ නැසු කල මේ සියල්ල ම නිවරදි වන්නේය. ‍එය ජනතාවට ද දෙමින් ජනතාවද තමන් මෙන් ගොනාට ඇන්දී ඇතැයි සිතති. ඒනිසා මේ මොහොතේ තමා තමන් පත්ව ඇති අසරණකම නිසා එම කරකියා ගත නොහී ක‍රවටක් ගිලී සිටින ඔවුනට ලංකා දේශපාලනයේ මිනී වල දෙස බලමින් කීමට ඇත්තේ අයිතීන් වෙනුවෙන් අරගල කරන්නා දේශද්‍රේහීන් ලෙස හංවඩු ගැසීමේ කාලකණ්ණි උත්සාහයක නියලෙමින් සිටිති. නමුත් ගොනාට ඇන්දී ඇත්තේ ජනතාවද , උඩ බුරම්න් ලතෝනි දෙන ආණ්ඩුවේ උත්තමයන්ද , එහි ඔඩොක්කු කුක්කන්ද ,
අ‍පි 10 වැනි දාට ‍සත්‍යය දැනගනිමු. (ඉතිරිය 10 වැනි දායින් පසු_)