Tuesday, July 8, 2008

වම්මු සහ විද්වත්තු
සබරගමුව සහ උතුරු මැද පළාත් සභා පසු ගිය දා ආණ්ඩුව විසුරුවා හැරියේ ඒවායේ නිල කාලය අවසන් වීමට අවුරුදු එක හමාරකට මත්තෙනි. යම් පළාත් සභාවක ආණ්ඩු බලය හිමි පක්ෂයට කටයුතු කරගෙන යාමට නො හැකි පරිදි එම පක්ෂය සුළුතරයක් බවට පත්වන්නේ නම්, ඒ අවස්ථාවේ එම පළාත් සභාවේ බහුතරයක් නියෝජනය කරන ඊ ළඟ පක්ෂයට බලය පැවරිය යුතු බව නීතියේ සඳහන් ය. එහෙත් එ වැනි කිසිවක් මේ පළාත් සභා සම්බන්ධයෙන් අනුගමනය කෙරුණේ නැත. ජනාධිපතිවරයා ගේ හිතුමතය එක ම නීතිය වී පළාත් සභා දෙක විසිරුවා හැරුණි. සියලූ කටයුතු අද සිද්ධ වන්නේ එයාකාරයෙන් බව මුළු රට ම දනී. ඒ සඳහා විද්වත් පැහැදිලි කිරීම් අවශ්‍ය නැත. මන්ද යත්, 1977 සිට මේ සූත‍්‍රය අනේක වාරයක් ජනතාව අත්දැක ඇති බැවිනි. රිදී තිරයේ ”ඩබල් ඇක්ටින්” යනුවෙන් හැඳින්වෙන රඟපෑමක් ඇත. එක ම පුද්ගලයෙකු චරිත දෙකක් එක වර රඟපෑම ඉන් අදහස් කෙරේ. මුල් වරට මෙ සේ එක පුද්ගලයෙකු චරිත දෙකක් රඟපානු දුටු අවස්ථාවේ මට ඇති වූ අහ්ලාදජනක විස්මය තව මත් මගේ මතකයේ තිබේ. එය අපූරු විස්මයක් වන අතරේ ම එක්තරා විදිහක අපේක්ෂා භංගත්වයක් ද ජනනය කෙළේ ය. එ තෙක් කල් සිනමාව තුළ පවත්වාගෙන ගිය ”සැබෑව” එක්තරා දුරටකට මේ ද්විත්ව රංගනයෙන් පළුදු වූ බවක් මට හැඟිණ. සැබෑ දිවියේ ද්විත්ව රංගන ශිල්පීන් හමු වන විට ඉස්මත්තට එන්නේ, කුහකත්වය, වංචනිකත්වය සහ රැුවටිල්ල යන කාරණා ය. එයින් අප තුළ විටෙක කෝපයක් ද, විටෙක ජුගුප්සාවක් ද ඇති කෙරේ. ප‍්‍රශ්නය තවත් තීව‍්‍ර වන්නේ, ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රයේ දකින්නට ලැබෙන රංගනයන් ද්විත්ව භාවයටත් එහා යාමයි. එක ම පුද්ගලයාට එක වර චරිත තුනක්, හතරක්, පහක් ආදී වශයෙන් පෙනී සිටිය හැක. ඒ සෑම භූමිකාවක ම එම චරිතය එක සේ ‘සාර්ථක’ ව රඟපායි. රිදී තිරයේ දී කෙ සේ වෙතත්, දේශපාලනයේ දී මෙය ඔක්කාරය දනවන තරමට අපුල ය. උදාහරණයක් වශයෙන් වාසුදේව නානායක්කාර නැමැති චරිතය ගන්න. ඔහු වමේ දේශපාලනයේ දැවැන්තයෙකි. තවමත් තමා වාමාංශිකයෙකැ යි ඔහු විශ්වාස කරයි. ඒ විශ්වාසය එකහෙළා සදොස් නැත. හේතුව, ලංකාවේ ඊනියා වාමාංශය තවමත් නිර්වචනය කෙරෙන්නේ, ඉතා සරල නිර්ණායකයක් වන ”යු.එන්.පී. නො වීම” යන ග‍්‍රාම්‍ය කාරණය මත ය. එහෙත් වාම දේශපාලනය යනු නැති බැරි එකා සහ නැති බැරි කාරණා වෙනුවෙන් කරන දේශපාලනයක් වශයෙන් වඩාත් පුළුල් අර්ථයකින් ගන්නේ නම්, වාසුදේව යනු මේ මොහොතේ දී වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දක්ෂිණාංශික දේශපාලනඥයකුට වඩා එක මයිලකින් වත් වෙනස් වන්නේ නැත.ඔහු යුදවාදී දේශපාලන ව්‍යාපෘතිය එළිපිට දියත් වෙද්දී පවා කොළඹ නගර සභා විරුද්ධ පක්ෂ නායක තනතුරේ වැජඹී තිරිහන් වන විට මා සිතූයේ, යුදවාදය සහ ජාතිවාදය පිළිබඳ ඔහුගේ තේරුම් ගැනීම මගේ තේරුම් ගැනීමට වඩා වෙනස් විය හැකි නිසා, එ වැනි යුදවාදී දේශපාලනයක කොටස්කරුවෙකු වීම ඔහුගේ හෘදය සාක්ෂියට බරක් නො වන්නට ඉඩ ඇති බව ය. එහෙත් යුද්ධය සක‍්‍රීය ආකාරයෙන් දියත් වන විට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතුමහල ගරාවැටෙන විට සහ උතුරේත් දකුණේත් සාමාන්‍ය වැසියන් බෝම්බවල ගොදුරු බවට පත්වන විට, ඇස්පනාපිට ඔහුගේ බහුවිධ රංගන කෞශල්‍යය පෙනෙන්ට පටන් ගනී. මේ ‘පාපය‘ සමා කර ගැනීමට කොළඹ කොටුවේ හෝ ලිප්ටන් වටරවුමේ නැත හොත් මර්වින් සිල්වාට විරුද්ධ ව ජාතික රූපවාහිනිය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වීම සෑහෙති යි මේ හිටපු විප්ලවවාදියා සිතන්නේ නම්, එය කරුණු කාරණා අවබෝධ කර ගැනීමේ අවුලක් නො ව, නග්න අවස්ථාවාදයේ ප‍්‍රකාශනයක් වීමට ම සුදුසුකම් ලබන්නේ ය. චම්පික රණවක සහ විමල් වීරවංශ වැනි කෝඩුකාරයන් රට කරවන්නන් බවට පත් වන විට තමන් වැනි හිටපු පතාක යෝධයන්ටත් මස් කට්ටක් හෝ දෙන්නේ නම් එය බාර නොගෙන සිටීමට තරම් වාම එඩිය තව දුරටත් සවිමත් නැති බව දැන් ඔහුගේ ඇඟට දැනෙන යථාවක් විය හැක. එ නිසා ම දෝ, තවත් මයිලක් ඉදිරියට ගොස් අද වන විට ඔහු ආණ්ඩුවේ මහ ඇමති අපේක්ෂකයා වශයෙන් සබරගමුවට යාමටත් බස් දී තිබේ. අවංක භාවය යනු කුමක් ද? එක විට ප‍්‍රතිවිරුද්ධ කාරණා දෙකකට අවංක වීමට කෙනෙකුට අවශ්‍ය කරන්නේ ඇයි? බලය පතන්නේ බලය සඳහා ම පමණක් ද, නැත් නම් බලය හරහා යම් සේවයක් රටට සිදු කිරීම සඳහා ද? යහ පාලනය වෙනුවෙන්, ජාතික සහජීවනය වෙනුවෙන්, දේශපාලන විසඳුමක් වෙනුවෙන් කලක් පෙනී සිටි ජී.එල්.පීරිස්, උතුරු මැද සහ සබරගමු පළාත් සභා කල් පිරීමට මත්තෙන් විසුරුවා හැරීම ගැන කියන්නේ මෙ සේ ය. ‘චන්දය පාවිච්චි කිරීමට ජනතාවට අවස්ථාවක් ලබා දීම ජනතා ස්වෛරීත්වය උරගා බැලීමට අවකාශයක් ලබා දීමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතැති කිසිවෙක් ඊට විරුද්ධ වන්නේ ඇයි?‘මේ මහාචාර්යවරයා උන්නතිකාමී දේශපාලකයෙකු මිස දේශපාලනඥයෙකු නො වුණත්, අඩු වශයෙන් නීති වේදියෙකු වශයෙන් වත්, මිනිස් දිවට කශේරුකාවක් නැති බව මෙ තරම් සරල ව ලෝකයාට හෙළිදරව් කිරීමට ඉදිරිපත් විය යුතු නැත. තමා ලද ජනතා ස්වෛරීත්වයේ වරම ඒ ජනතා අභිලාෂයට පටහැනි තැනක උකසට තබා භුක්ති විඳින අතරේ ඔවුන්ට ම ආපසු හැරී මෙ සේ නින්දා කිරීම මොන තරම් අශීලාචාර ද? ඕනෑ ම චන්දයක් ජනතා ස්වෛරීත්වය සඳහා පාලකයන් විසින් ප‍්‍රදානය කෙරෙන දුර්ලභ අවස්ථාවක් වශයෙන් සලකා ඔහු කියන පරිදි මිනිසුන් උදම් ඇනිය යුතු නම්, ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයත් කල් පිරීමට මත්තෙන් අද හෙට පවත්වා ඒ ජනතාවට ඔය කියන ස්වෛරීත්වයේ නිදහස වඩාත් හොඳින් භුක්ති විඳීමට දෙන්නැ යි විරුද්ධ පක්ෂ ඉල්ලූවොත් මේ නීති මහාචාර්යවරයා කියන්නේ කුමක් ද? ලංකාවේ විවිධ දේශපාලනඥයන් විවිධ කරුණු අරභයා ලෝකයාට අභියෝග කිරීම, තර්ජන ගර්ජන පෑම දැන් කාලයක සිට සිදු කෙරේ. ඒ වෙනුවෙන් මේ වන විට ජිනීවා නුවර වෙන ම තනතුරක් ද අති කොට තිිබේ. එහි මුල් පුටුව හොබවන්නේ, ජී.එල්. පීරිස් සේ ම, බලයේ තේජස පස්සේ හති හලමින් පැන්නීම ජීවිකා වෘත්තිය කර ගත්, දයාන් ජයතිලක ය. කලක් මොහු උග‍්‍ර ස්ටැලින්වාදියෙකි. තවත් කලක් පේ‍්‍රමදාසවාදියෙකි. දැන් රාජපක්ෂවාදියෙකි. ඔහුගේ අලූත්ම රාජ්‍ය තාන්ත‍්‍රික විස්කම වන්නේ, බි‍්‍රතාන්‍ය මහ රැජිණ ගේ ඔටුන්න ගැලවිය යුතු බවට බි‍්‍රතාන්‍ය ජනතාවට ප‍්‍රසිද්ධියේ යෝජනා කිරීමයි. රජවරු සහ රැජිණියන් නාමමාත‍්‍ර වශයෙන් වත් නූතනත්වයට නො ගැලපෙන බව ලියුම්කරු ගේ පෞද්ගලික මතය වුවත්, සුදු වෑන් එවා මිනිසුන් උස්සන, රජ මාළිගයට ම මාධ්‍ය කරුවන් කැන්දා තර්ජන පාන, මහ දවල් මානව හිමිකම් උල්ලංඝනය කරන, සුළුජාතික අයිතීන් සමග මාරාන්තික සෙල්ලම් කරන සැබෑ ‘රජවරුන්’ ගේ කේවට්ටයන්, ‘‘ලෝකෙට පරකාසේ” වීම පැඟිරි ත‍්‍රාසෝන්මාදයට වැඩි යමක් නො වන බව නො කිව මනා ය. ඊටත් වඩා, හැම අවුරුද්දක ම චේ ගෙවාරා සිහිපත් කරමින් පරණ පුරුද්දට අනුස්මරණ ලිපියක් ලිවීමට අමතක නො කරන විද්වතුන් මෙ වැනි භාවිතයක නියැළීම හාස්‍යෝත්පාදක ය.

අපේ කාලයේ කෝකටත් තෛලය

‍‍මේ මස 10 වන දිනට ජාතික වෘත්තීය සමිති මධ්‍යයස්ථානය විසින් රට පුරා මහා දැවැන්ත වෘත්තීය ක්‍රීයා මාර්ගයක් තෝරාගෙන ඇත. එදිනට ලයිට් පත්තුවෙන්නේ නැති බවත්, බස් දුවන්නේ නැති බවත්, දුම්රිය, පාසල්, වරාය ආදී ලංකාවේ තීරණාත්මක ආයතන අඩපණ කරමින් රජයට එරෙහිව ජනතාව පෙළ ගස්වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යයස්ථානයේ සභාපති ලාල් කාන්ත අවධාරණය කරම්න් පවසයි. එයට එ.ජා. ප. ය.ද සහය පළ කරමින් දැනටමත් එම වෘත්තීය ක්‍රියාමාර්ගය පූර්ණ ලෙස අනුග්‍රය දක්වා ඇත. එම නිසා මේ දෙපිරස එකතුව මේ ස්‍්‍රදහා ක්‍රියාත්වක වුව හොත් ආණ්ඩුවේ තටු සිදී යනු ඇත. එය වැළ‍ැක්වීමට දරුණු මර්ධනයක් ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුව පිඹුරුපත් අ්‍රදිම්න් සිටියි. එසේ මර්ධනය නොකර මෙම මහා වැඩ වර්ජනය නතර කිරීමට නම් ඔවුන්ගේ ඉල්ලිම්වලට කන් දී ඒවාට සාර්ථක ප්‍රතිචාර දැක්වීමක් කළ යුතුව ඇත. නමුත මේ මාකෝස්වාදී ආණ්ඩුවට එවැනි වැඩ කරන ජනතාව ගැන සිතනවාට වඩා කරන්නට බොහෝ දේ ඇත. ඔවුහු මඩිය තරකරගන්ට තවත් ජන්දයකට යති. ජාතිවාදය වපුරා රට ගිනි‍‍ගොඩක් බවට පත් කරමින් පරම්පරා ගණනකට එය විදපල්ලා යැයි ආණ්ඩුවේ මාධ්‍යය තුළින් උඩ බුරදී කෑ ගසති. ඒවා ජනතාවට දැනුම් දීමට වෙරදරන සෑබෑ මාධ්‍ය‍වේදීන්ට අපූරු සංග්‍රහ දෙති. අන් කවර දාටත් වඩා එය අද වඩාත් පැහැදිය. එයට ම අනුබල‍‍ දෙන ඔඩොක්කු කුක්කන් රැලක් ද ඔවුහුම වර දාන දෙම්න් නඩත්තු කරති. ඔවුන් නවතම නිර්වචන සම්පාදනයෙහිලා මහත් අභිරුචියක් හා සමත් කමක් දක්වති. ඒ මන්ද මේ දේශ‍‍‍ෙප්‍රම්න්ට අනුව තම අයිතීන් ඉල්ලන්නා දේශ‍ෙද්‍ා්හියෝය. මේ ඊනියා දේශපේ්‍රමීන්ට ලංකාවේ ප්‍රශ්න නොමැත. අපහසුතා ද නොමැත. ආර්ථික පීඩන ද නොමැත. මෑතක සිට අධිරාජ්‍යයවාදී බලපෑම් ද නොමැත. මේ ආණ්ඩුවේ සියල්ල නිවරදිය. කලකට ඉහත දී කෝප් වාර්ථා‍ෙව දුශිතයන් ගැන කථාකරන ලද දේවල් ද සුළට පාවී ගොස්ය. මේ අති උත්තරීතර සිංහල බෞද්ධ රටට ඇති එකම ප්‍රශ්නය කෙ‍ාට්යා පමණි. ඌ නැසු කල මේ සියල්ල ම නිවරදි වන්නේය. ‍එය ජනතාවට ද දෙමින් ජනතාවද තමන් මෙන් ගොනාට ඇන්දී ඇතැයි සිතති. ඒනිසා මේ මොහොතේ තමා තමන් පත්ව ඇති අසරණකම නිසා එම කරකියා ගත නොහී ක‍රවටක් ගිලී සිටින ඔවුනට ලංකා දේශපාලනයේ මිනී වල දෙස බලමින් කීමට ඇත්තේ අයිතීන් වෙනුවෙන් අරගල කරන්නා දේශද්‍රේහීන් ලෙස හංවඩු ගැසීමේ කාලකණ්ණි උත්සාහයක නියලෙමින් සිටිති. නමුත් ගොනාට ඇන්දී ඇත්තේ ජනතාවද , උඩ බුරම්න් ලතෝනි දෙන ආණ්ඩුවේ උත්තමයන්ද , එහි ඔඩොක්කු කුක්කන්ද ,
අ‍පි 10 වැනි දාට ‍සත්‍යය දැනගනිමු. (ඉතිරිය 10 වැනි දායින් පසු_)

Monday, June 30, 2008

චරිත් සේනාධීර {බ්ලැක්.....! ෆැන්ටසි නිම්නයේ..... අපේ මිතුරා බූන්දියට අද එවූ කවි තුනක් මේ.මේ කවි වයර් දිගේ ඇවිදින් ඊමේල් ඉන්බොක්ස් එකෙන් මතු වෙද්දී සතුටක් දැනුනේ.
එකක් චරිත්ව සෙට් වීම.
අනික චරිත්ගේ නිර්මාණවල දැකපු වෙනස.තුන් වෙනි කවිය දැකලා හුස්ම හිර වුණා.
මොකුත් කියා ගන්න බැරි තරමට එ්ක ෆීල් වෙනවා මොන එකක් ද මන්දා.
උඹලා මේවා වෙනස් කරමින් ඉන්නවා අපූරු විදිහට....!
කරුමෙට පහක් දාන්න බැහැ මේ නපුංසක වයර් දිගේ....!

ලාංකිකයන් හොරුන් වන්නේ කෙසේද?

පහත පලවන්නේ දෛනික වැටුප්කරුවෙකුගේ්එදිනෙදා ජීවිත සටනේ් අංක සටහනයි. උදාහරණයක් ලෙස දවසට රු. 1000ක දෛනික ආදායමක් ලබන මේසන්වරයෙකු නිවාඩු දින හැර දින 24ක් සඳහා ලබන මාසික ආදායම රු. 24,000කි. දෛනික අවශ්යතාවලට අවශ්ය කෑම බීම හැරුණු විට මේ ජීවිතයේ අන් දෙයකට කිසිදු වියදමක් දැරීමට හැකියාවක් නොමැත. සංස්කෘතික ජීවිතය යනු චිත්ති, වසූදා යන ගැහැණුන් සමග රන් දෙපැයේ දී ඔවුන්ගේ ප්රශ්න නැරඹීමත් සුපර් ස්ටාර් වීමට දඟලන ග්රාමීය තරුණ තරුණියන්ගේ ගායන හැකියාවන් රූපවාහිනියෙන් නැරඹීමත් පමණි. පෝය දවසට පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ බණ අසයි. දෛනික ජීවිතය පවත්වාගෙන යාමට ක්රමය විසින් ලබා දුන් මුදල රාත්රී 10 වන විට ක්රමය විසින්ම ඔහුගෙන් පික්පොකට් ගසා ඇත.උදැසන ආහාරය - රු. 241දිවා ආහාරය - රු. 148රාත්රී ආහාරය - රු. 182දවසේ් වියදම - රු. 571මාසික වියදම (571 ⋆ 30* රු. 17,130.00)විදුලි/ජල/දුරකථන බිල් රු. 3,310පාසැල් වෑන් රථ වියදම් රු. 2,000විනෝද වියදම් රු. 1,000ගමන් වියදම් රු. 1,000බෙහෙත් රු. 500තැන්පතු රු. 1000මත්පැන්/ දුම්වැටි රු. 3,500(හදිසි වියදම් නොසලකා හරින ලදී.*මාසික ආදායම රු. 24,000මාසික වියදම රු. 29,440හිඟය රු. 5,440මෙම හිඟය සොයාගන්නේ් කෙසේ්ද? අපි නොදනිමු. දූෂණ හා වංචා බිහිවන්නේ මෙතනින් බව අපි දනිමු.

වෙන්ඞ්ට් එකෙන් ඔබ්බට, විකෘති- විඳීම් සටහන.

ඔවුහු රඟති. ක්රමයේ් අවජාතක ඵලය ප්රොසීනියම් වේදිකාව මත ප්රති නිර්මාණය කරති. හිරිකිත පාරිභෝජනවාදයේ් පිඹුරා විසින් ගෙල හිර කරන ලදුව- තරඟ බලූ පොරයෙන් විඩාබරව- හප කරන ලද මල් සදිසි දරුවන් වේදිකාව මත වැටෙති. මිනිස්කම් වෙනුවට ප්රාග්ධන සමුච්ඡුනය යෝජනා කරන අවකාශයක ක්ලාන්තව වැටෙති. කලාවට ජීවිතය වින්දනයට යෙදවිය යුතු විවේකය ඔවුන්ගේ් පරම සතුරාය.විද්යා විෂයද - කලාවද?කලාව කෙරුවොත් මලා වගෙයි.....!චී චී චීලැජ්ජ නැද්ද?අපේ එකෙක් කලාව කොරන්නෙ?කවුද උඹ දිහා බලන්නේ-විද්යාවයි ගනං ගන්නෙ-අඩු තරමේ වාණිජවත්.....ජීවිතය නමින් වෙස් ගැන්වූ පරිස්සමින් රචනා කරන ලද ප්රබන්ධයක් ක්රමය විසින් හඳුන්වා දී වැඩෙහි යොදවා තිබේ.ප්රියංගනී ඇවිදින දොස්තර යන්ත්රයක් වෙන්නේ ද, සරණපාල බේබද්දෙක් වෙන්නේ ද, ජගත් පිස්සෙක් වෙන්නේ ද ඒ ප්රබන්ධය තුළයි.වේදිකාව මත ප්රති-නිර්මාණය වන අපේම දරුවන්ගේ ලෝකය දෙස බල බලා පැයකුත් අඩ හෝරාවක් ජම්බෝ පීනට් කමින් අපි මේ ට්රැජඩිය එන්ජෝයි කරමු. අපේ ආසනය ළඟ දෙපැත්තේ සම්පත් ද ප්රියංගනී ද සිටී.කර්ටන් කෝල් එකෙන් පසු- ඔවුහු අම්මාගේ තාත්තාගේ අතැඟිල්ලේ එල්ලී ලයනල් වෙන්ඞ්ට් එකෙන් එළියට විත් හයිලෙවල් පාර දිගේ සැබෑ නාට්යයට ඇතුළු වෙති. ගෙවල් වල- පාසැල් වල- ටියුෂන් කඩ තුළ- රැකියා වෙළඳපොළේ- මුළුමහත් සමාජයේ ඒ නාට්යය පෙන්වනු ලැබේ. එහි නම විකෘතිය.ඉක්බිති ප්රියංගනීලා සම්පත්ලා සරණපාලලා ජගත්ලා සෙමින් ඉදිරියට එති. ඔවුන්ගේ දෙනෙත් මේ ක්රමය නිර්ලජ්ජිත ලෙස නිද්රාශීලි ලෙස ඉවසන ඔබේ ඇස් වලට එල්ල වී තිබේ. ඔවුහු ගයති. ඔව්. ඔවුහු එය ගයති.කෑමට බීමට - ඇඳුම පැළඳුමටගෙයට දොරට - යාන වාහනයටතරඟයක් නැති ලොවක්සැම සම වෙන ලොවක්ළඟා කර දෙන්නගුරුනි දෙගුරුනි අපට-සහජ දස්කම් අනුවරුචිය අරුචිය අනුවවැඩ පුහුණු වන්නටනිපැයුමෙහි යෙදෙන්නටසහන ගෙන දෙන ලොවක්ළඟා කර දෙන්නගුරුනි දෙගුරුනි අපට-

දේශපාලන කිනිතුල්ලෝ

සෝමෝසයේ වැසියෝ අත් පා බඳින ලද මිනිසෙකුට කුරිරු ලෙස තලමින් රංග භූමියට පිවිසෙති. එ් මිනිසා වැසියන් පෙලූ දේ්ශපාලනඥයෙකි.”මූව මරන්නට ඕනෑ.””මූව මරලත් හිත් වදින්නේ් නෑ.””මේ කාළකණ්නියා අපේ් දරුවො මරල දැම්මා.””මූ මගේ් ඉඩම් පැහැරගත්තා.””මූ මගේ් රස්සාව නැති කළා.””අපේ ජීවත් වීමේ අයිතිය මූ විනාශ කළා.””හත්මුතු පරම්පරාවකට සෑහෙන ධනයක් මූ පැහැරගත්තා.”වැසියෝ ඔහුට තලමින් කෑ ගසති. ඊසොප් පඬිතුමා රංගයට පිවිසෙයි.”සෝමෝස් වැසියනි, නුඹලා කුමක් කරන්නද ඔය හදන්නේ්?””ඇයි පඬිතුමනි, ඇහුණෙ නැද්ද මූ කළ දේ්වල් අපට?””මා හිතවත් සෝමෝස් වැසියනි, දැන් ඉතින් ඔය මිනිහා මැරුවයි කියලා ඇතිවන පලයක් නැහැ.””මොකක්? පලක් නෑ කිවුවා?””වැසියනි, ටිකක් කල්පනා කර බලන්න- මේ මිනිහා මරනවා කියන්නේ් හරියට දෝරුවට වැටුණු නරියගෙ ඇෙඟ්් දැවටුණු කිනිතුල්ලන් මරා දානව වගේ් වැඩක්.””මොකක්ද එ් කතාව. පඬිතුමනි කියමුකො එ් කතාව?””ඇඟ පුරාම කිනිතුල්ලන් වසා හුන් නරියෙක් දෝරුවක වැටී උන්නා. ඉත්තෑවෙක් එ් දැක ඌට පිහිට වෙන්නට ආවා. ඉත්තෑවා කීවා.මම ඉත්තෑවෙක් හන්දා මට ඇහැකි කිනිතුල්ලන් මරලා ඔබව බේර ගන්න.නරියා කීවා. අනේ් එපා ඉත්තෑවො. මං මෙහෙම ඉන්නම්.එහෙනම් උඹට ගැලවෙන්න ඕනෙ නැත්ද නරියෝ? ඉත්තෑවා ඇහුවා.ඕන් හොඳට අහගනින්. නරියා පැහැදිලි කෙරුවා...මෙ කිනිතුල්ලො ටික මගෙ ඇෙඟ්් තිබ්බ ලේ් ටික බීල බීල උන් ටික බඩ පිරිලා දැං නින්දට වැටිලයි ඉන්නේ්. ඔබ උන් මරා දැම්මොත්, වෙන්නේ් උන්ගෙන් හිස් වන තැන්වලට මේ දෝරුවෙ ඉන්න අනික් බඩගිනිකාර කිනිතුල්ලොත් ඇවිත් මගෙ ඉතුරු ලේ් ටිකත් බීල මාව මරල දාන එක. ආන්න එ් හන්දා ඔය කාලකණ්නි ටික ඔහෙ හිටපුවාවේ.”(කතාව කියා අවසන ඊසොප් මෙසේ් ද කියයි.*” ඕන්න ඔය කිනිතුල්ලො තමයි දේ්ශපාලන කිනිතුල්ලො කියන්නේ්. තමුන්නාන්සේ්ල ඔය පණ පිටින් මරන්න හදන හාදයත් පහුගිය කාලෙ තමුන්නාන්සෙලාගෙ ලේ් බීපු තමුන්නාන්සෙලාව හූරන් කාපු අධමයෙක්. ඌට තමුන්නාන්සෙලගෙන් තවත් හූරගන්න දෙයක් නෑ. ඌ හම්බ කරගෙන ඉවරයි. ඌව මරපුවහම වෙන්නෙ තවත් කිනිතුල්ලො ඇවිත් මුල ඉඳන් ඔහේ්ලව හූරගෙන කන එකයි. ආන්න එ් හන්දා අපි ඔය මිනිහට යන්න අරිමු.”මහාචාර්ය සුනන්ද මහේ්න්ද්ර විසින් ලියා නිපැයූ ”ඊසොප්” (විවෘත උපමා රංගය* නාට්ය පෙළෙන් උපුටා ගත් කොටසකි. (අරුත් නොවෙනස් වන සේ් සංස්කරණය කර තිබේ.)”දේශපාලන කිනිතුල්ලෝ” උපමා කතාව ටක්කෙටම ගැලපෙන්නේ් ශ්රී ¥පතටය. මාරුවෙන් මාරුවට පාට දෙකේ් කිනිතුල්ලන්ට නිරාවරණය වෙමින් කැණහිලූන් බවට පත් වැසියෝ- හිඟනකමේ දෝරුවේ ගිලී සිටිති. එක් කිනිතුල්ලන් රංචුවක් එල්ලී ලේ් බොමින් ඉන්නා අතරේ අනික් කිනිතුල්ලෝ තමන්ගේ් වාරය ඉක්මනින් උදා කරගනු පිණිස පිරිත් පැන් බවුසර කොළඹට ගෙන එති. එ්වා ඉස තුන් බිය පලවා හරිති. ජනතාව ගැන උපන් දුකෙන් උන්ගේ් පපු පැලී මැරෙන්නට ආසන්නය. සාදු සාදු!

හායි-බෝං හිටපු ජනාධිපතිතුමා,

”කෙළ-විලා”හන්ටර් පාරලංකාව.2007-10-01”ඩැපඩිල් මලින් පවන් සැලේ”හායි-බෝං හිටපු ජනාධිපතිතුමා,ඔබ වහන්සේට ලියංඩ කාලාන්තරයක් තෙපරබබා ඉඳලා ඉඳලා ඕං අද තමා ඉස්පාසුවක් ලැබුණෙ. ඉතිං තමුන්නාන්සේ ස්වර්ගයේ් තාප්පෙ උඩට වෙලා මේ ලංකා අහස යට සිද්ධ වෙන හරි හරි ජාති වැඩසටහං බල බලා ප්රීතියෙං ඇති කියාලා හිතනවා. අනේ් මේ වාගෙ රත්තරං රටක් අපිට උරුම කරලා දීලා තමුන්නැහැ කොරාපු එ් සේ්වෙට නොබෙල් තෑග්ග දෙන්ට වටිනවාය.බඩගින්නේ උණත් දෙකට තුනට නැමිලා ලොකු ලොක්කන් වීසි කරන කටු ලෙව කකා සොමියෙං ඉන්නා කෙරේමය අපේ් ඇත්තංට පුරුදු කළ පුණ්ය කර්මයෙන් තමුන්නැහැ ඔය ලෝකේ් දිව්ය පුත්රයෙක් වෙලා නයික ශ්රියාවෙන් කප්පරක් සැප සම්පත්ති වළඳනවා ෂුවර්ය. එ්කේ් ආයේ් දෙකක් නැත.ඔබ වහන්සේ් ආර්ථිකේ් හායි ගාලා ඕපන් කෙරුවා කියාලා දෙහි කැපූ උත්තමයිංම අද එ් කෙරේමේ ඔබවහන්සේ්ටත් වඩා ලස්සනට ආරක්ෂා කරනවා දකින විට අනේ මොන තරං පහං සංවේගයක් දැනෙනවා ඇද්ද? ඇයි අර විධායක ජනාධිපති කෙරේමෙ? හූ හූ- කී දෙනෙක් ඕකට ගල් ගැහුවද? ලිප්ටන් එකේ් බෙරිහන් දීලා- පත්තරවල පිටු ගනං නාස්ති කරලා- ටී.වී. වල වරු ගනං සාකච්ජා දමලා- මතකද අහෝසි කරන්ඩ දින දුන්නා? මොන පිස්සුද ශ්රීමත් මහත්තයෝ, ඕක නැතුව රටක් පාලනේ් කොරන්ඩ පුලූහංද? සමානුපාතික කෙරේමෙට බැණ බැණ තැං තැං වල ගියපු දඟ ළමයි රංචුවත් අනේ් ඔය යසට කොමික්මේන්තුවට ගාල් වෙලා ඉන්නෙ. අනේ් වාසනාවං- අපේනං තුං හිතකින්වත් ඉරිසියාවක් නැතුවා. නේ්ද උතුමෝ?සාහිත්යය කන්ඩදැයි ඔබ වහන්සේ් ඇහුවාය කියා සමහරු කියන්නේ් ඇත්තක්ද? හනේ් එ් කතාවට ඔබතුමාගෙ කටේ රාජ්ය සාහිත්ය සම්මානයක් ඔබන්ඩ වටිනවාය. මේ දිනවල කලාවයි සාහිත්යයයි වගේ් එවුවා තීරණය කරන්නේ් චිංචනේ්ට අනුකූලව හංදා සාහිත්යයෙන්වත් කලාවෙන්වත් ඇති වැදගැම්මක් නැතුවාය.ඔබතුමාට මැකියාවෙල්ලි ගැන කියා අවනම්බු කළ ප්රගතිශීලියෝ ඔක්කොම දැං දැං ප්රින්සස්ලා වෙමින් ඉන්නා හැටි බලංට ආසාය. ඒ කාලේ පාට ගොඩාක් තිබුණාට දැං ඇත්තේ එක පාටක් විතරය. ලංකාවම කොළ පාට වෙලා තියෙන හංදා ඉස්සරහට ඡුන්ද තියංටත් ලේ්සිය.ඉතිං මම නවතිනවාය.අද හැන්දැකොරේ පංසලේ මානෙල් මල් පූජාවක් ඇති හංදා මානෙල් මල් උදුරන්ට යන්ට තියෙනවාය.ශ්රීමත් ඔබවහන්සේ කිසිම අතුරු ආන්තරාවක් නැතුව චිරාත් කාලයක් ඔය දිව්ය විමානේ්ම වැජඹෙත්වා!මීට,සී. ගුන්යාලංකා අහස යටදීය.