කඳු වල මෙවැනි උල්පත් පැන නඟී. ඒ වටා අඩි පාරවල් ඇතිවේ. මිනිස්සු අඩි පාරවල් ඔස්සේ ගොස් උල්පත් වලින් ජලය ලබා ගනිති. එහෙත් පුළුල් මාර්ග ඇති වූ පසු අර අඩි පාරවල් අමතක කර දමති. උල්පත් වටා කෙමෙන් කටුවැල් වැවී මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත් නොපෙනේ. රස්නෙ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගැනීම පිණිස මහ මඟින් ඉවත් වී අර උල්පත සොයා එති. මුළු ගැන්වී තිබෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැලෑටි සහ කටුවැල් උඳුරා දමති. කිසි කෙනෙකු විසින් හෝ අපිරිසිදු නොකරන ලද ඒ උල්පතේ ප්‍රනීත සිසිල් ජලය නිසලව ගලා බසිමින් නිල්වන් කැටපතක් සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුලින් තමා ද හිරු සහ කඳු වැටි ද පෙනෙන්නා සේය.. එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයක් සේ ගනන් ගන්නා අර මිනිසා සිය සඟයන්ට ද ඒ බව දැන්වීමට ඉටා ගන්නා නමුදු පසුව එය අමතක කර දමයි. එදිනෙදා ජීවිතයේ ද මෙය මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතය ය... "(p 114-115)- 'ගුරු ගීතය' චිංගිස් අයිත්මාතව්
Tuesday, April 21, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment