Tuesday, April 21, 2009

අපේ ඛනිජ සම්පත අපිට අහිමිවෙන හැඩ

ලංකාවේ පවතින ස්වභාවික සම්පත් අතර ඛනිජ සම්පතට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. මේවන විටත් එම ඛනිජ සම්පත බහුජාතික සමාගම්වලට පැවරීමේ සූදානමක් පිළිබඳව ඛනිජ සම්පත් සුරැකීමේ ජනතා ව්‍යාපාරය අනතුරු අඟවා ඇත. එහි නවතම තොරතුරු දැන ගැනීමට අපි එම සංවිධානයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා හමු වුණෙමු. මේ ඔහු හා අප අතර පැවැති සංවාදයේ සටහනයි.ලංකාටෘෘත්¦ ඛනිජ සම්පත් සුරැකීමේ ජනතා ව්‍යාපාරය ආරම්භ කිරීමට හේතු වූ කරුණු සඳහන් කරමින්ම අපේ සාකච්ඡාව ආරම්භ කරමු. මෙවැනි සංවිධානයක් ඇරැඹිමට ඔඹ පෙළඹුණේ කුමන හේතු නිසාද?අපේ රට සංවර්ධනය කිරීම පිළිබඳව, අපේ රට ගොඩනගාගැනීම පිළිබඳව අපි හැම කෙනෙකුටම සිහිනයක් තිබුණා. ඉතින් එA හින්දා රට සංවර්ධනය කරගැනිමේ දී, ඕනම රටක සංවර්ධන කි්‍රයාවලියේ දී අතිශයින්ම වැදගත් වෙන කාරණා කිහිපයක් තියනවා. එA අතරින් මානව සම්පත ඒ කියන්නේ ශ්‍රම බලකාය පළමුවෙන්ම වැදගත් වෙනවා, ඊලඟට එA රටේ තියන ස්වභාවිකව ලැබුණ දායාදයන් වන ස්වාභාවික සම්පත් අපිට වැදගත් වෙනවා. එA අනුව අපිට පැහැදිිලි වෙන කාරණය තමයි, 1990න්් පස්සේ ඉඳලා අපේ රෙටි තිබුණ ස්වභාවික සම්පත් පිළිබඳව සහ එAවයේ අයිතිය පිළිබඳව වෙනස් අභියෝගයක් ඇතිවී තිඛෙනවා. විශේෂයෙන්ම විදේශීය වශයෙන් දේශපාලන මැදිහත්වීම් සහ ආර්ථීක මැදිහත්වීම් ක්‍රමානූකූලව වැඩි වෙලා තියනවා. ඒකේ ආරම්භක දේ තමයි, පොස්පේට් නිධිය මැක්මොරන් නමි බහුජාතික සමාගමට විකුණන්න ගත්ත උත්සාහය. විශේෂයෙන්ම එවකට පැවතුන රජය දේශපාලන වශයෙන් පරාජයට පත්වෙන්නත් ෙමි කාරණය යමි තරමකට හේතු සාධක වුණා.ඉන් පස්සෙත් අපේ රෙටි තියන ස්වභාවික සම්පත් සම්බන්ධව අපිට ඉතාමත් අවාසි සහගත තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක ප්‍රභලම ස්ථානයකට පැමිණියේ අපේ රටේ තෙල් සොයා ගැනීමත් එක්ක. විද්‍යාත්මකවත් මීට කළින් ඉඳලම අපේ රටේ සාකච්ඡා වුණ කාරණයක් තමයි අපේ රටේ තෙල් තියනව ද නැත්ද කියන කාරණය. නමුත් 2002 - 2003 අවුරුදුවල දී විද්‍යානූකූලව තෙල් සම්පත සොයා ගත්තට පස්සේ අපේ රට පිළිබඳව දේශීය වශයෙන් සහ විශේෂයෙන්ම ජාත්‍යන්තර සමාගම්වල විවිධාකාරයෙන් විශාල උනන්දුවක් ඇති වුණා. ඉතින් එA නිසා මේ තෙල් සොයා ගැනීම අපි කවුරුත් සතුටට පත්වෙන කාරණයක් වුණා. නමුත් තෙල් ගවේෂණය කියන අදියරට එනකොට අපිට තේරුනා එම කටයුත්ත හරියට සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් අපේ රටේ තෙල් ගවේෂණය සිද්ධ වෙද්දි ඇති වුණ ගැටලූ නිසා අපි කල්පනා කළා කොහොම ද මේකට මැදිහත් වෙන්නේ කියලා. එA අනුව තමයි අපි කල්පනා කළේ මේකට දේශපාලන ප්‍රවේශයක් විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා.මේ දේ සම්බන්ධව විද්‍යාත්මකව හදාරන ශ්‍රාස්ත්‍රිය අවබෝධයක් ඇති අය සහ ඛණිජ සම්පත සම්බන්ධව කටයුතු කරන ව්‍යාපාරිකයන් / වෘත්තිකයන් සහ පොදු ජනතාව සම්බන්ධ කරගෙන ඛණිජ සම්පත් සුරැකීම ජාතික අවශ්‍යතාවයක් කියන කාරණය මූලික කරගෙන, ඛනිජ සම්පත් සුරැකීමේ ජනතා ව්‍යාපාරය ආරම්භ කළේ. මේ සංවිධානේ ඉන්නවා දේශපාලන වශයෙන් විවිධ ස්ථාවරවල ඉන්න පිරිසක්. නමුත් මේ හැම කෙනෙක්ගෙම අරමුණ රටේ අනාගතය සහ රට සංවර්ධනය කරන්න ඕන කියන එකලංකාටෘෘත්¦ ඛනිජ සම්පත් සුරැකීමේ ජනතා ව්‍යාපාරය මේවන විට සිදුකොට ඇති ක්‍රියාකාරකම් මොනවාද?අපේ සංවිධානේ මගින් සිදු කරපු ප්‍රධානම කටයුත්තක් වුණේ, තකහනියේ ලබාදෙන්න සූදානම් වුණ, එA වගේම ඉතාම දූෂිතව සහ අක්‍රමවත්ව සිදුවෙන්න ගියපු තෙල් බිම් කට්ටි වෙන්දේසි කටයුත්තට, එරෙහිව කි්‍රයාත්මකවීම. මේ කටයුත්තෙ දී අපි රට තුළ විවිධාකාරයේ උද්ඝෝෂණ, දැනුවත් කිරීම් සිද්ධ කළා. නමුත් ඒ කි්‍රයාමාර්ගය එයට අදාල කරන හොඳම ක්‍රියාකාරකම විදියට නෙමෙයි අපි සළකන්නේ.විශේෂයෙන්ම මේ ඛණිජ තෙල් සම්පත වෙන්දේසි කිරීමේ කටයුත්ත සම්බන්ධව, අපි යෝජනා කරපු පාර්ලිමේන්තුව තුළ සියළුම පක්ෂ නියෝජනය වන පරිදි කමිටුවක් සකස් කළ යුතුයි කියන කාරණය රජය පිළිගත්තා. නමුත්, මේ දේ රජය පැත්තෙන් කි්‍රයාත්මක වුණේ නම් නැහැ. එAත් අපි හිතනවා මේ පිළිගැනීමත් යම්තාක් දුරකට අපි ලබපු ජයග්‍රහණයක් කියලා. ඛණිජ සම්පත් සුරැකීමේ ජනතා ව්‍යාපාරය විදියට අපේ ප්‍රවේශය ඔන්න ඔහොම එකක්.ලංකාටෘෘත්¦ මේ ඛණිජ සම්පත සම්බන්ධ මූලික ගැටලූ සහ ශඛ්‍යතාවයන් මොනවා ද?මම මේ කාරණය ගැන මේ විදියට පටන් ගන්නම්. මේ මෑතක දී ලංකාවේ සේවය කරපු ඉරාන තානාපතිතුමා ලංකාවේ සේවා කාලය නිමා කරලා තමන්ගේ රටට ගියා. මීට අවුරුද්දකට කළින් අපි එතුමා මුණ ගැහුණ අවස්ථාවක දී ඇහුවා, ඇමරිකා එක්සත් ජනපදය ඔබේ රටට විශාල වශයෙන් සම්බාධක පනවල තියනවා, මේ වෙනකොට අවුරුදු 27 ක් තිස්සේ සම්බාධක පනවල ඉන්නේ. විශාල වශයෙන් ජාත්‍යන්තර වශයෙන් බලපෑම් කරනවා. ඉතින් මේ වගේ සම්බාධක තියෙද්දීත්, බලපෑම් කරද්දිත් ඇයි ඔබතුමන්ලා මේ න්‍යෂ්ඨික බලශක්තිය සම්බන්ධව මෙතරම් හැපෙන්නේ කියලා. එතුමා කියපු කාරණය තමයි අපිට අනාගතයට වැට බඳින්න බැහැ. අනාගතය නතර කරන්න අපිට හැකියාවකුත් නැහැ. අයිතියකුත් නැහැ කියලා. එA වගේම එතුමා කියපු අනිත් කාරණය තමයි, න්‍යෂ්ඨික බලය කියන්නේ 2050 න් පස්සේ ලෝකයේ ප්‍රධානම බලශක්තිය වෙන බව. ඉතින් ඔහු කියපු විදියට ඉරානය න්‍යෂ්ඨික බලශක්තිය අත හරිනවා කියන්නේ සවුදි අරාබිය තෙල් අවශ්‍ය නෑ කියනව වගේ කතාවක්. ඉරානය කියන්නේ න්‍යෂ්ඨික තාක්ෂණය විතරක් නෙමෙයි න්‍යෂ්ඨික තාක්ෂණය නිපදවන්න අවශ්‍ය යුරේනියම් කියන ඛණිජය තියන රටක්. ඉතින් මම ඒ උදාහරණය කිව්වේ ඛණිජ සම්පත් කියන දේ රටේ අනාගතය හා සෘජුවම සම්බන්ධ දෙයක් කියන කාරණය පැහැදිලි කරන්න.පහුගිය වකවානුවේ ඉරාකය කුවේටය ආක්‍රමණය කළා කියලා ඇමරිකාව ඉරාකයට පහර දුන්නේ ඉරාකය තෙල් නිපදවන රටක් හින්දා. ඉරාකය එළවළු වගා කරන රටක් නම් කවදාවත්ම එහෙම වෙන්නේ නැහැ. මුළු ලෝකය පුරාවටම ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීම් එA විදියට තමයි තියෙන්නේ. දැන් වර්තමාන ලෝකයේ තියන යුද්ධ තත්ත්වයන් පිළිබඳව සැළකිලිමත් වුණොත් ඛණිජ සම්පත් කියන කාරණය මුල් කරගෙන තමයි, මේ යුදමය වාතාවරණ ඇතිවෙලා තියෙන්නේ. ඛණිජ සඳහා වන ආක්‍රමණ තමයි තියෙන්නේ. ඛණිජ සඳහා වන මැදිහත්වීම් තමයි තියෙන්නේ. ඛණිජ සඳහා වන ගිවිසුම් තමයි තියෙන්නේ. ඛණිජ සඳහා වන උදව්කිරීම් තියෙන්නේ. ජාත්‍යන්තර දේශපාලන මැදිහත්වීම් තියෙන්නේ මේ ඛණිජ සම්පත මූලික කරගෙන.බලවත් සියලූම ජාතීන්ගේ විදේශ ප්‍රතිපත්ති ගත්තට පස්සේ මූලිකම කාරණය තමයි ඛණිජ සම්පත් කියන කාරණය. සෝවියට් දේශය බිඳවැටුණට පස්සේ ඇමරිකා එක්සත් ජනපදය පනතක් සම්මත කළා සේද මාවත පනත කියලා. මේ පනතට අනුව මධ්‍යම ආසියාවේ තියන තෙල් සම්පත ඇමරිකාව ලබාගන්නවා. හුවමාරු ක්‍රමය යටතේ. ඇමරිකාවෙන් ලබාදෙනවා, යුද්ධය පවතින රටවලට යුද ආධාර. මේ සරළ උදාහරණයක්.ඉතින් ලංකාව ගත්තොත් ගොඩක් දෙනෙක් දැන් කියන දෙයක් තමයි, අපේ රට කියන්නේ ඉතාමත් පුංචි රටක්. අපේ රටේ තියන තෙල් සම්පතත් ඉතාමත් සීමිත යි. ඉතින් එA නිසා ඇමරිකාව වගේ රටවලට ඒකෙන් ගන්න දෙයක් නැහැ කියලා. එAත් අසර්බයිජානය තමයි ලෝකයේ මතුපිට තෙල් වැඩි වශයෙන්ම තියන රට වෙන්නේ. නමුත් ඒ රට ඉතාමත් කුඩා රටක්. එAත් ඇමරිකාව ඒ රට තුළ සිද්ධ කරන මැදිහත්වීම ඉතාමත් විශාලයි. එA වගේම සූඩානය කියන රට ඛෙදීමේ වැඩ පිළිවෙල තුළත් තියෙන්නේ තෙල් එහෙම නැත්නම් ඛණිජ සම්පත. එA වගේම නැගෙනහිර ටිමෝරය ඉන්දුනීසියාවෙන් ඛෙදුවා, එA ඛෙදුවෙත් තෙල් සඳහා. විශේෂයෙන් නැගෙනහිර ටිමෝරයට ඔස්ෙටි්‍රලියාව මැදිහත් වුණේ එA රටේ ජනතාවගේ ලේවල සුවඳ දැනිල නෙමෙයි, තෙල්වල සුවඳ දැනිලයි කියලා, ජාත්‍යන්තර ප්‍රගතිශීලී මහාචාර්යවරයෙක් වන ජෝන් පර්කින්ස් ප්‍රකාශ කරලා තිබුණා. අද ඇමරිකාව සහ ඔස්ෙටි්‍රලියාව පැසිපික් සාගරයේ ටිමෝර් මුහුදේ තෙල් ගවේෂණයක් සිදු කරනවා. ලංකාවේ තෙල් ගවේෂණය සඳහා නෝර්විජියානු පෙට්ට්‍රෝලියම් සමාගම මැදිහත් වුණෙත් එA වගේ කාරණකට.ඛණිජ සම්පත්වල අයිතිය රටකට කොයිතරම් වැදගත් වෙනව ද කියන කාරණයේ දී මෑත කාලයේ හොඳම උදාහරණය තමයි ඉන්දියාව. ඉන්දියාවේ ආණ්ඩුව බිඳවැටෙන්න මූළික වුණේ ඉන්දියානු න්‍යෂ්ඨික ගිවිසුම. ඉන්දියාවේ වාමාංශික පක්ෂ ඇතුළුව විපක්ෂයේ පක්ෂ ඉන්දියානු ආණ්ඩුවෙන් අයින් වුණා. මේ අය පහුගිය අවුරුදු 2 ක තිස්සේ උද්ඝෝෂණ කරනවා, මේ ගිවිසුම අත්සන් කරන්න එපා කියලා. ඉතින් මේ ගිවිසුමට විරුද්ධ වෙන අය ගිවිසුමට විරුද්ධ වෙන පදනම මොකක් ද? පදනම අතිශය විනාශකාරී හින්දා, න්‍යෂ්ඨික බල ශක්තිය එපා කියන එක නෙමෙයි. මේ ගිවිසුම නිසා ඉන්දියාවේ අනාගතයට වැට බඳිනවා. ඉන්දියාවේ අනාගත සංවර්ධනය නතර කරනවා. ඉන්දියාවේ ඛණිජ සම්පත් දියුණු කිරීමේ අයිතිය නතර කරනවා. එA නිසා තමයි ඉන්දියාවේ දේශපාලන පක්ෂ එA විදියට කි්‍රයාත්මක වුණේ. විශේෂයෙන්ම ඉන්දියානු විද්‍යාඥයින් සහ ඉන්දියානු විද්‍යා පදනම තමයි, මේ කටයුත්තෙ දී විශාල වශයෙන් මැදිහත් වෙලා කටුයතු කළේ. ඉතින් අපේ රටෙත් මේ තෙල් සම්පත සම්බනධව, ඛණිජ සම්පත සම්බන්ධව විද්‍යාඥයින්ගේ මැදිහත්වීම පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන්.ලංකාවේ ඛණිජ මංකොල්ලය සම්බන්ධව මෑත කාලින අත්දැකීම තමයි පොස්පේට් නිධිය. අපේ රටේ ජනතාව මේ කාරණයේ දී විරුද්ධ වුණේ රටට අවශ්‍ය විදියට පාවිච්චි කරනවට එරෙහිව නෙමෙයි, බහුජාතික සමාගමකට විකුණනවට විරුද්ධව. ඊට පස්සේ මෑත වකවකවානුවේ මේ ඛණිජ මංකොල්ලයට අදාල විවිධාකාරයේ පිඹුරුපත් සකස්වෙනවා. පොස්පේට් නිධිය විකුණ ගන්න බැරි වුණාට පස්සේ භූ විද්‍යා හා පතල් දෙපාර්තුමේන්තුවට අත තිබ්බා. ඊට පස්සේ එAක භූ විද්‍යා හා පතල් කාර්ය්‍යාංශය බවට පත් වුණා. 2001 අවුරුද්දෙන් පස්සේ මේ කාර්ය්‍යාංශය ඇතුළේ හැදුවා වෙනම පුද්ගලික ආයතනයක්. මේ ආයතනය මගින් අපේ රටේ ඛණිජ සම්පත ජාතික සම්පතක් කියන අදහස වෙනස් කරලා, අපේ ඛණිජ සම්පතේ අයිතිය විදේශීය සමාගම්වලට ලබාදෙන්න කටයුතු කළා. මේ විදියට ලංකාවේ අමාත්‍යාංශ ඇතුළේ වෙනම ම ආයතන මේ වෙන කොට පිහිටුවල තියනවා. ජාතික සම්පත් විකිණීමේ කි්‍රයාවලිය පහසුකරවන්න.මේක ඛණිජ මංකොල්ලයක් කියල කියන්නේ මේකට අදාල ආර්ථීක ගිවිසුම්, දේශපාලන ගිවිසුම්, සකස් කරල තියන නිසා. එකක් තමයි, ඉන්දියානු ලංකා වෙළඳ ගිවිසුම. මේ ගිවිසුම මගිනුත් අපේ රටේ ඛණිජ සම්පත්වලට යම් බලපෑමක් සිදු වෙනවා. අපේ රටේ තඹ ඉන්දියාවට පැටවිමේ මෙහෙයුමක් මේ හරහා සිදු වෙනවා. එA අනුව අපේ රටේ ඉන්දියානු තඹ කර්මාන්ත ශාලා 12 ක් පටන් ගත්තා. සේවයට ගත්තේ අකුරක්වත් ලියාගන්න බැරි ඉන්දියානු කම්කරුවන්. ඉන්දියාවට තඹ කෙළින්ම ආනයනය කළොත් ඉන්දියානු වෙළඳ ප්‍රතිපත්තිය අනුව 80% ආනයන බද්ධක් වදිනව. ලංකාවට තඹ ගේන්න සතයක්වත් ආනයන බදු ගහන්නේ නැහැ. ඉතින් එA නිසා ඉන්දියානු වෙළඳ සමාගම් අපේ රටට ඇවිල්ලා අපේ රටේ තියන තඹ ටික වංචනික විදියට එකතු කරගෙන (බැටරිවල / යුද හමුදාව භාවිත කරන උණ්ඩවල තිඛෙන තඹ ආදී ...) ඉන්දියාවට අරන් ගියා.ලංකාටෘෘත්¦ මේ අර්බුදය ඉදිරයේ ලංකාවේ ජනතාවට ඔබ යෝජනාකරන විසදුම කුමක්ද?අපේ රටේ සම්පත් පිළිබඳවත් එම සම්පත් උපයෝගිකරගනිමින් විදේශීය රටවල් හා ලංකාව අත්සන්කරන ගිවිසුම් පිලිබඳවත් ජනතාව අවධානයෙන් සිටිය යුතුය. එසේ නොවුන හොත් ආණ්ඩුව පුල්මුඩේ ඛනිජ වැලි නිධියද ඇතුළු ඉතාම වටිනා ඛනිජ සම්පත් විකුණා දැමීමට ඉඩ තිඛෙනවා. එය වැලැක්වීමට නම් රට පුරා අවබෝධාත්මක මිනිස් පවුරක් ගොඩ නැගිය යුතුයි. මේ අපි ආරම්භකර තිඛෙන්නේ එවැන්නක් ගොඩ නැගීමේ ප්‍රථම පියවරයි. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඛනිජ සම්පතට අදාල ඔබ සතු ඕනෑම තොරතුරක් හැකි ඉක්මනින් අප වෙත දන්වන ලෙස. මේවන විටත් විශාල පිරිසක් එවැනි තොරතුරු අපට දන්වා තිඛෙනවා. අප ඒ පිළිබඳව ඉදිරියේදී ගවේෂණ කටයුතු සිදුකරනවා.

No comments: