Monday, June 23, 2008

නැගෙනහිර පළාත් සභාවෙන් පසු දකුණට අනිච්චාවත සංඛාරා

2008 ජූනි 20 වෙනි සිකුරාදා,
විකෘති කරන ලද දේශපාලන වැදගත් භාවයක් ආරෝපනය කරන ලද නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත් වී මාසයතකුත් සතියක් ගත වී තිබෙන මේ මොහොතේ ඒ මැතිවරණය තව දුරටත් විවාදාත්මක මාතෘකාවක් නොවේ. දැන් සළකා බැලිය යුතු කරුණ වන්නේ එම පළාත් සභාවට විමධ්‍යගත කරනු ලබන බලතල මොනවාද යන වග සහ එක් එක් දේශපාලන පක්‍ෂ ඒ සම්බන්ධයෙන් රඟපාන භූමිකාවන් ය. දැනට පවතින තත්ත්වය කුමක් ද? සර්ව පාක්‍ෂික නියෝජිත සමුළුවේ දී ඇති වූ එකඟත්වය මත 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් කි‍්‍රයාත්මක කිරීමේ ප‍්‍රතිඥාවක් රාජපක්‍ෂ පාලනය ලබා දී තිබිණි. දැනටත්, ව්‍යවස්ථාවෙිම අංගයක් වන හා එනිසාම රටෙි නීතිය වන මෙම 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට කිසිවකු ගේ අවසරයක් හෝ අනුමැතියක් අවශ්‍ය නොවූව ද, එය පූර්ණ ලෙස කි‍්‍රයාත්මක කිරීම වත්මන් අර්බුදයට විසඳුමක් ලෙස ආණ්ඩුව ප‍්‍රකාශ කළේ ය. එම නිසා නැගෙනහිර පළාත් සභා මැතිවරණය 13 වන ව්‍යවස්ථා සංශෝධනය සැබෑ ලෙස කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා ගේ සහ ඔහුගේ ආණ්ඩුවෙි ඇති කැපවීම පරික්‍ෂා කිරීමේ පළමු කඩඉම ලෙස සැලකිය හැක. මැතිවරණය නිම වූ වහාම මෙි ආණ්ඩුව පුන පුනා පැවැසූයේ නැගෙනහිර පළාත් සභාවට ඉඩම් හා පොලිස් බලතල ද ලබා දෙන බව ය. දෙමළ ජනයාට බලය විමධ්‍යගත කිරීමෙන් වැළකී සිටීමට ආණ්ඩුව යොදා ගන්නා උප්පරවැට්ටියෙහි කොටසක් ලෙස බලය බෙදීමට විරුද්ධ උසි ගැන්වීමි සඳහා මෙය ආණ්ඩුව විසින් යොදා ගත්තේ යැයි මෙය සැලකිය හැක්කේ, බලය බෙදීම පිළිබඳව එසේ නැවත නැවත අවධාරණය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති නිසා ය. එමෙන් ම, බලය විමධ්‍යගත කිරීම පිළිබඳව අපැහැදිලි මතයන් ප‍්‍රකාශ කරන ලංකා සම සමාජ පක්‍ෂය, ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ වැනි තමන් වාමාංශික යැයි කියා ගනිමින්, කොන්දේසි විරහිතව මේ ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කරමින් සිංහල රාජ්‍යයේ බලය හා වරප‍්‍රසාද භුක්ති විඳින පුද්ගල පක්‍ෂ තම වාසිය වෙනුවෙන් යොදා ගැනීමට ද ආණ්ඩුව ඉඩ සළසා ගෙන තිබේ. එනිසා ආණ්ඩුවෙි ක‍්‍රමෝපායන් ඉතා නිරුවත්ව පැහිදිලි ය. මුල සිටම නැගෙනහිර පළාත් සභාවට ඉඩමි හා පොලිස් බලතල ලබා දීමට විරුද්ධ වූ ජාතික හෙළ උරුමය ඊට එරෙහිව දැන් නැඟී සිටී. ඉන් නොනැවතුනු එහි ප‍්‍රබලයකු හා ආණ්ඩුවෙි පාරිසරික කටයුතු ඇමැති චම්පික රණවක පැවැසූයේ ‘‘ත‍්‍රස්තවාදී ගැටලූවට’’ පළාත් සභා ක‍්‍රමය විසඳුමක් නොවන බවත්, ‘‘තමන් බලයට පැමිණි විට’’ එය අහෝසි කරන බවත් ය. නැගෙනහිර ඡන්දයට තරග කළ ද, ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා පිළිගැනීමට සූදානම් නැත. ඉන්දීය ව්‍යාප්තවාදය නමැති ඔවුන් ගේ පැරණි දේශපාලන මතය නවීකරණය කරමින්, ඔවුන් ජනතාව ගෙන් ඉල්ලා සිටින්නේ නැගෙනහිර පළාත් සභාව පිළිනොගන්නා ලෙසත්, පිල්ලෙයාන් මහ ඇමැතිවරයා ලෙස පත්වීම ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට ඉන්දියාවේ අත පෙවීමක් ලෙසත් සලකන ලෙසට ය. මේ නිසා පළාත් සභාවලට තව දුරටත් බලය විමධ්‍යගත කිරීම ඉතිරි වන්නේ සිහිනයක් ලෙස පමණි. ටී.එම්.වී.පී.ය 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තම ස්ථාවරය ප‍්‍රකාශ කොට නොමැත. බලය බෙදා හැරීම සම්බන්ධයෙන් කතා නොකරන පිල්ලෙයාන් අවධාරණය කරන්නේ තමන් නැගෙනහිර සංවර්ධනය කරන බව ය. ආනන්ද සංගරී ගේ නායකත්වයෙන් යුත් දෙමළ පක්‍ෂය දැනටමත් රාජපක්ෂ ආණ්ඩුවට තම සහාය පළ කොට තිබෙන අතර, නැගෙනහිර මහ ඇමැතිවරයා වශයෙන් දෙමළ ජාතිකයකු පත් කිරීම පිළිබඳව තම ප‍්‍රසාදය ද පළ කොට තිබේ. පෙනී යන ආකාරයට පසු ගිය වසර 60 ක කාලය තුල දෙමළ දේශපාලන ව්‍යාපාරය සටන් වැදුනු දෙමළ දේශපාලන අභිලාෂයන් පිල්ලෙයාන් නැගෙනහිර මහ ඇමැතිවරයා වීමත් සමඟ සමිපූර්ණ වන්නේ යැයි සංගරී කල්පනා කරනවා වාගේ ය.වීරවංශ - නන්දන දෙබෑ යේ ජාතික නිදහස් පෙරමුණ ද ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ආණ්ඩුවට සහාය පළ කොට තිබෙන හෙයින් දැන් දකුණේ ගොඩ නැගී ඇති බලය බෙදා හැරීමට විරුද්ධ රැුල්ල 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් කි‍්‍රයාත්මක කිරීමට එරෙහි ව්‍යාපාරයක් ලෙස කදිමට හැඩ වූවකි. රවුෆ් හකීම් ගේ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ ස්ථාවරය තරමක් දුරට පැහැදිලි වන්නේ ඔහු නැගෙනහිර පළාත තුළ වෙනම මුස්ලිම් ඒකකයක් ඉල්ලා සිටින නිසා ය. එය 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන තත්ත්වයක් වුව ද මෙරට සාමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේප‍්‍රයත්නයේ දී නොසලකා හැරිය නොහැක්කි. නමුත්, ප‍්‍රධාන විපක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂය 13 වන ව්‍යවස්ථා සංශෝධනය මඟ හරිමින් සිටින තත්ත්වයක් යටතේ දකුණේ දේශපාලන වාතාවරණය ඉඳුරා වෙනස්ය. නැගෙනහිර ඡන්දයට තරග කිරීමේ දී එජාපයේ දේශපාලන ස්ථාවරය වූයේ කුමක් ද? 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ නැගෙනහිර පළාත් සභාවට පූර්ණ බලයක් ඔවුන් ඉල්ලා සිටින්නේ ද? නැගෙනහිරට ඉඩම් හා පොලිස් බලතල ලබා දෙන බවට වන ආණ්ඩුවෙි පොරොන්දුව සම්බන්ධයෙන් එජාපයේ ස්ථාවරය කුමක් ද? එජාප ය එවැනි බලය බෙදා හැරීමකට පක්ෂ ද ? විපක්ෂ ද? දකුණේ විපක්‍ෂ නායකත්වයේ මෙම දේශපාලන බෙලහීනතාව ආණ්ඩුව තම වාසියට හරවා ගෙන 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් කි‍්‍රයාත්මක කිරීමේ පොරොන්දුව ඉටු කිරීමේ වගකීම පැහැර හරිමින් සිටී. ටී.එම්.වී.පී. ය නීත්‍යානුකූලව නැගෙනහිර පළාත් සභාවේ ස්ථාපිත කොට පළාතේ හමුදා කි‍්‍රයාන්විත සඳහා එය අතුරු ශක්තියක් කර ගැනීමෙන් පසුව යුද්ධය උතුරට ගෙන යා හැකි යැයි ආණ්ඩුව කල්පනා කරන්නේ ය. මේ නිසා පිල්ලෙයාන් සහ ටී.එම්.වී.පී. ය සඳහා 13 වන ව්‍යවස්ථා සංශෝධනය තව දුරටත් අදාළ නොවේ. එවගේම දසක ගණනාවක් තිස්සේ කාලකණ්නි යුද්ධයක් බවට පත්ව ඇති වාර්ගික අර්බුදය සඳහා 13 වන ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රමාණවත් විසඳුමක් යැයි අපි විශ්වාස නොකරමු. එහෙත් දකුණේ දේශපාලන නායකයින්ට අඩුම තරමින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හෝ පැහැදිලි ස්ථාවරයක් ගැනීමට තරමි ආත්ම විශ්වාසයක් නැති නම් අපට කිව හැක්කේ ”සියලූ දෙනාට ම අනිච්චාවත සංඛාරා” යැයි පමණි.

No comments: