Monday, June 23, 2008

විප්ලවවාදී චේ - ජනපි‍්‍රය වෙළඳ ලාංඡනයක් වූ හැටි

2008 ජූනි 21 වෙනි සෙනසුරාදා, 12:46 පරිපාලක

ඔහුට අනුව ලොව දරුණුම අමානුෂිකම රාජ්‍ය වනුයේ අමෙරිකා එක්සත් ජනපද යයි’ එනිසා 1967 දී පල කෙරුනු ඔහු ගේ කතාවක ඔහු මෙසේ හ`ඩ නැගුවේ ය. ”වියටිනාමයන් දෙකක් තුනක් කිහිපයක් හදන්න” ඒ කතාව වියටිනාමයේ නිදහස වෙනුවෙන් අමෙරිකාවට විරුද්ධව ලොව බොහෝ නගර වල විරෝධතා සංවිධානය කෙරුනු 60 දසකයෙහි කෙරුණකි. ”අපේ හැම කි‍්‍රයාවක්ම අධිරාජ්‍යවාදයට එරෙහි යුද ප‍්‍රකාශනයක්. මානව වර්ගයාට එරෙහි මහා හතුරා වන අමෙරිකා එක්සත් ජනපදයට විරුද්ධව ජනතාව එකතු කරන යුද ගීතයක්.” යැයි ඔහු ලීවේ ය. අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය ගැන ඔහු කීවේ ”හතුරා යන හැම මුල්ලකටම ගෙන යන්න. ඔහුගේ නිවසටම ගෙන යන්න. ඔහු ගේ විනෝද ස්ථාන වෙත ගෙන යන්න” කියා ය. තමා මිය ගිය විටෙක ඒ මරණ ”සැණකෙළියේ” සංගීතය විය යුත්තේ නොකඩවා පත්තු කෙරෙන තුවක්කු හ`ඩ යැයි ඔහු කීවේ ය.ඔහු ගේ ඒ අධිරාජ්‍ය විරෝධී හඩ ට ඇතැමි තැනක ප‍්‍රාණයක් ලැබිණ. උරුගුවේ හි කි‍්‍රයාත්මක වූ ටූපාමාරොස් ගෙරිල්ලා සංවිධානය අමෙරිකානු හමුදා උපදේශකයෙකු පැහැර ගෙන ගොස් මරා දැමිමේ ය. රාති‍්‍ර සමාජ ශාලාවක් ගිනි බත් කළේ ය. ඔහු ද කියුබානු විප්ලවයෙන් පසුව විප්ලවයේ හඩ රැගෙන කොංගේවේත් ලතින් අමෙරිකානු රට වලත් සැරි සැරුවේ ය. අමෙරිකාවට ඔහු ඔහු ගේ යුගයේ දී ඔසමා බින් ලාඩන් කෙනෙකු විය. එහෙත් ඔහු - චේ ගුවේරා - තවමත් පුදුමාකාර ආකර්ශනයක් ඇති නොමළ විප්ලවවාදියෙකි.චේ ගේ සුප‍්‍රසිද්ධ තැලිසේයා රූපය එනිසාවෙන් නොවුනත් අද පුදුමාකාර ආකර්ශණයක් ඇති ලාංඡුනයකි. යේසුස් වහන්සේ ගේ රූපයට වඩා එය තවමත් ජනපි‍්‍රය යැයි කියැ වේ. මැඩෝනා ගේ හෝ ඉතා මෑත කාලයේ අයිශ්වර්යා ගේ රුවැති වර්ණ රූප සතු ඉල්ලූමට වඩා වැඩි භාවිත ඉල්ලූමක් චේ ගේ මේ තනි වර්ණ තැලිසේයා රූපය සතු ය. බොබි මාලේ ගේ තැලි සේයා රූපය නිර්මාණය වන්නේ ද චේ ගේ එම රූපය අනුසාරයෙන් ය. වාණිජමය හිමිකාරත්වයක් නොමැතිව බහුලව යොදා ගැනෙන ජනපි‍්‍රය රූපය ද එය ය. ලොව හැම තැනම වාමාංශික ව්‍යාපාර තම උත්සව සැරසීමට යොදා ගන්නේ ද චේ ගේ මෙම අභිමානවත් රුව ය. තරුණ ව්‍යාපාර වලට ද චේ ගේ මෙම රුව නැතිවම බැරි ය. එහෙත් අද ඔහු ගේ මෙම රුව ලාංඡුනයක් ලෙස වැඩියෙන් ම යොදා ගැනෙන්නේ වාණිජමය දේ සඳහා ය. එය අද ඇත්තෙන්ම වාණිජ ලාංඡනයකි. චේ ටි-ෂර්ටි. චේ කැප්. චේ හෑන්ඩි බෑග්. චේ කෝප්ප. චේ අවහන් හල්. විකිණිය හැකි නම් ඔිනෑම දෙයකට එය යොදා ගැනෙන්නේ ය. විශාල වෙළඳ පලවල් ඇති අමෙරිකානු රටවල ඔිස්ත්‍රේලියාවේ හා යුරෝපයේ රටවල පමණක් නොව චේ ලාංඡනය කොළඹ සිට කොලොමිබියාව දක්වා ලොව හැම වෙළඳ පලකම ජනපි‍්‍රය ය. ඇත්තෙන්ම විප්ලවවාදී චේ ට වඩා වැඩි ජනපි‍්‍රයත්වයක් මේ වාණිජමය චේ රූපයට ඇත. එහි ආරම්භය එනමුත් අහඹුවකි. චේ ගේ එම ඡායාරූපය ගනු ලැබු වේ අල්බර්තෝ කෝර්දා විසින් ය. හවානා හි 1928 දී උපත ලද කෝර්දා ගේ සැබෑ නම වූයේ අල්බර්තෝ ඩියාස් ගුතියෙරෙස් ය. ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ හාවානා නගරයේ ස`ගරාවක විලාසිතා ඡායාරූප ශිල්පියෙකු ලෙසිනි. කලක් විලාසිතා ඡායාරූප ගැනීමේ යෙදුනු කෝර්දා විප්ලවයට පෙර බටිස්ටා යුගයේ කියුබාවේ විසූ ජනපි‍්‍රයම ඡායාරූප ශිල්පියා විය. ඔහු සුරූපි තරුණියන් ගේ සරාගී ඡායාරූප ගැනීමේ අති දක්ෂයෙකු බවට පත් විය. විලාසිතා නිරූපනයෙ හි යෙදුනු සුරූපි තරුණියෝ ඔහු ගේ කැමරා කාචයට හසු වන්නට ඔහු සොයා පැමිණියහ.කියුබානු විප්ලවයෙන් පළමුව විමතියටත් පසුව ඉන් ආනන්දයටත් පත් වූ කෝර්දා 1959 දී කස්ත්‍රෝ ගේ නිල ඡායාරූප ශිල්පියා වූ රාඋල් කොරාලෙස් සමග වැඩ කිරීමට පටන් ගත්තේ ය. අනතුරුව ඔහු රෙවොලූසියාන් පුවත් පතෙහි ඡායාරූප ශිල්පියා විය.සුරූපි තරුණියන් සිය කාචයට හසු කර ගැනීමේ දී කෝර්දා ඔවුන් ගේ දුටු සියුමි සුන්දරත්වය චේ ගේ මෙම ඡායාරූපයෙහි ද ඇත. බලාපොරොත්තු දැල් වූ ප‍්‍රාණවත් දෙනෙතින් අනන්තය දෙස බලා සිටින චේ ගේ රතු හිස් වැස්ම යටින් යාන්තමින් දගකාර ලෙස විසිර ඇති කෙස් පට එකතු වි චේ ගේ පෞරුෂත්වයට විස්තර කළ නොහැකි කුමක් දෝ අලූත් ආකර්ශනයක් ලබා දී ඇතැයි පෝසටර චිත‍්‍ර හා ඡුායාරූප සම්බන්ධයෙන් අධ්‍යනයන් කර ඇති ෙඩිවිඩි කුන්ස්ලේ වරක් ලියා තිබුණි. කෝර්දා විසින් මෙම ඡායාරූපය ගනු ලැබූයේ කියුබානු විල්පවයේ දෙවන වසර ආරම්භයේ එක්තරා තීරණාත්මක මොහොතක ය. අමෙරිකානු හමුදා කොයි මොහොතේ හෝ කියුබාව ආක‍්‍රමණය කරනු ඇතැයි කියුබානු විප්ලවවාදී මණ්ඩලය විශ්වාස කළේ ය. එනිසා ඊට සූදානම් විමට 1960 මාර්තු මාසයේ දී ඔවුහු බෙල්ජියමෙන් අවි ආයුද තොගයක් ගෙන්වා ගත්හ. එහි වැඩි පුර තිබූයේ ග්‍රෙනේඩි සහ තුවක්කු ය. ප‍්‍රංශ නැවකින් ගෙනෙන ලද මේ අවි ආයුද තොගය ගොඩ බෑමට හවානා වරායේ නැංගුරම් ලා තිබිය දී හදිසි යේ පුපුරා ගියේ ය. නැවේ කපිතාන් සහ ඔහු ගේ සියලූ සේවකයින් ද වරායේ සේවකයින් 75 කුද මිය ගියහ. තවත් 200 ට අධික පිරිසක් ඉන් තුවාල ලැබූහ.මිය ගිය සේවකයින් වෙනුවෙන් දැවැන්ත රැළියක් හවානා නුවර දී පසු දින පැවැත් වින. රැළියට සහභාගි වූ කස්ත්‍රෝ සමග තව බොහෝ දෙනෙක් වේදිකාවේ වූහ. ඒ වන විට කියුබාවට පැමිණ සිටි ෂොන් පෝල් සාත්‍රෙ සහ සිමොන් ද බූවා ද එම රැළියට චේ ගේ ආරාධනාවෙන් පැමිණ වේදිකාවේ වූහ. ප‍්‍රමාදව පැමිණි චේ ඔවුන් පසු පසින් සිට ගෙන සිටියේ ය. වේදිකාවේ වූ අමුත්තන් ගේ ඡායාරූප ගනිමින් සිටි කෝර්දා පිරිස අතරේ ඉන්නා චේ ව දැක ඉතා අමාරුවෙන් ඔහු ගේ ඡායාරූපයක් ගත්තේ ය. එහි රාමුව තුලට අසළ වූ ගසෙක ඉත්තක් එක් කෙළවරකින් ඇතුඵ වූයෙන් කෝර්දා චේ ගේ තව ඡායාරූපයක් ගත්තේ ය. එහි චේ පිටු පසින් තවකෙකු ගේ හිස දිස් විය.මේ ඡායාරූප රෙවොලූසියාන් පුවත් පතේ කර්තෘ විසින් යොදා ගත්තේ නැත. චේ මිය ගිය පුවත සමගින් හෝ මේ ඡායාරූප තෝරා ගනු නොලැබිණ. ඒ වෙනුවෙන් තෝරා ගැනීමට චේ ගේ විවිධ ඡායාරූප හැම පුවත් පතක් සතු ව ම තිබිණ. චේ ගේ මේ ජනපි‍්‍රය ඡායාරූපය නිර්මාණය වන්නේ පළමු ඡායාරූපයේ වූ ගසෙක ඉති කැබැල්ල ඉවත් කර මුද‍්‍රණය කළ පසු ය. පළමු වරට එළෙසින් මේ ඡායාරූපය මුද‍්‍රණය වන්නේ 1961 අපේ‍්‍රල් මාසයේ ය. ඒ චේ විසින් ඇමතීමට නියම්ත වූ සම්මන්ත‍්‍රණයක දැන්විමක් සමගින් ය. එය එවර දෙවරක් පළ වූයේ සම්මන්ත‍්‍රණය කල් දැමුනු හෙයිනි. ඉන් පසු වසර කිහිපයකට චේ මෙන්ම ඡායාරූපය ද යට ගියේ ය. එහෙත් කුමන හෝ හේතුවකට කෝර්දා චේ ගේ මේ ඡුායාරූපයට බෙහෙවින් ඇලූමි කළේ ය. ඔහු වැඩ කළ මේසය පිටු පස බිත්තියෙහි කෝර්දා මේ ඡායාරූපය අලවා ගෙන සිටියේ ය. ඔහු හමු විමට පැමිණි බොහෝ දෙනෙකුට ද ඔහු ඉන් පිටපත් තෑගි කළේ ය. එය නැවත එළියට පැමිණියේ 1967 දී ය. ඒ පැරීසියෙනි. ප‍්‍රංශ මාධ්‍යවේදියෙකු වූ ෂෝන් ලාතේගි විසින් ලතින් අමෙරිකානු ගෙරිල්ලා ව්‍යාපාර ගැන පැරිස් මැචි සගරාවට ලියන ලද ලිපියක් සැරසීමට කෝර්දා ගේ මේ ඡායාරූපය එකතු කර තිබිණ. ඒ හේතුවෙන් එම ඡායාරූපය ඉන් පසුව කිහිප වර යුරෝපයේ දී ප‍්‍රසිද්ධියට පත් විය.එය ට නොසිඳෙන ජීවයක් ලැබෙන්නේ 1967 ඔක්තෝමිබරයේ චේ ගේ මරණින් පසුව ය. චේ මරා දැමුනු පුවත සැලවිමෙන් පසු හවානා නුවර ප්ලාසා ඩි ලා රෙවොලූසියානෝ නම් එළිමහන් ප‍්‍රදේශයේ චේ වෙනුවෙන් අතිශය දැවැන්ත රැළියක් කස්ත්‍රෝ විසින් අමතන ලදී. එහි වේදිකාවට ඉදිරියෙන් අනෙක් පස තිබූයේ වරක් චේ විසින් උසුලන ලද අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ පස් මහල් ගොඩනැගිල්ල ය. එහි වහල මත කෝර්දා විසින් ගනු ලැබූ චේ ගේ මෙම ඡායාරූපයේ යෝධ තැලිසේයා පිට පතක් රැස් විහිදුවන රතු පසු බිමෙක සවි කර තිබිණ. කස්ත්‍රෝ තමන් ඉදිරියේ සිටි ඒ දැවැන්ත මිනිසා වෙත අත දිගු කරම්න් ඉතා හැ`ගුමි බර දිගු කතාවක් කළේ ය.කෝර්දා ගේ කාචයට හසු වූ චේ ගුවේරා ගේ මෙම ඡුායාරූපය සිය ජනපි‍්‍රය ගමන ආරම්භ කිරීමේ ඇත්ත ජීවය ලබන්නේ එතැන් සිට ය. එය තවමත් නොනැවතුනු ගමනකි.

No comments: