Thursday, June 12, 2008

අසාර්ථක රාජ්‍ය සහ නෝම් චොම්ස්කි (FAILED STATES and Noam Chomsky)

අසාර්ථක රාජ්‍ය සහ නෝම් චොම්ස්කි (FAILED STATES and Noam Chomsky)
June 24, 2007 at 10:01 pm (noam, politics, sinhala, sri lanka, unicode)
පූර්ව කථාන්දරය
දැනට ටික කාලයක ඉඳන් ලංකාවේ ඇන්ජියෝ මහත්වරුන් ටික කියන්නට ඳඟලන කතන්දරයක්තමයි ලංකාව “අසාර්ථක රාජ්‍ය”යක්බව. ඒකත් මේ හදිස්සියේම මහින්ද උන්නැහේ කොරන්නට පටංගත්තු ගමං තමයි අසාර්ථක වෙලාතියෙන්නේ. (මොකද මහින්ද උන්නැහේ එන්ට කලිං සිරිලංකාව කිරියෙං පැණියෙං ඉතිරිලා, ජනයා බය හැක නැතුව හිතට එනදේ පත්තරවල ලියාකියාගෙන, අතුරුදහංවෙන්නේ නැතුව තමංගේ ගෙවල්දොරවල් වලටමවෙලා හිටිය බව තමයි මේ ඇත්තන්ගේ අදහස) ඉතිං මේ වාගේ අසාර්තකවෙන රටවල් වලට ඊළඟට කලයුතු වන්නේ ඉරාකය,හයිටිය ට කළාක්මෙන් ඇමරිකන් හමුදාව(සමාවන්න එක්සත් ජාතීන්ගේ හමුදාව) යවලා ඒ රටවල්වල මලිකී,රෙනේ ගේ නව රාජ්‍යයන් වාගේ ආදර්ශමත් ප්‍රජාතන්ත්‍රවාදී අති සාර්ථක රාජ්‍යයන් ගොඩනගලා හැලිබර්ටන් ඇතුලු පින්වත් ව්‍යාපාර හරහා නිදහස් වෙළඳපොලක් නිර්මාණය කොට අහිංසක දුක්පත් ජනතාව සුඛිතමුදිත කිරීමය. අපේ රටේ පිණට පහලවී ඇති මේ සරවණමුත්තු, උයන්ගොඩ, සංජනා, සුනන්ද, රූපසිංහ ආදී මෙකීනොකී ඇන්ජියෝ උපාසක ඇත්තො දඟලන්නේ මේකාරණය ගරුකටයුතු බුෂ් මහතාට(සමාවන්න එක්සත් ජාතීන්ට) අවබෝධකර දීමටයි.
විශ්ලේශණය
මට සරලව පැහැදිලිකිරීමට අවශ්‍යවූයේ “අසාර්ථක රාජ්‍ය” ලේබලයේ ප්‍රායෝගික ව්‍යයහාරයේ යථාර්තයයි. සැබවින්ම මේ “අසාර්ථක රාජ්‍ය” කතාව ලංකාවේමෙන් ගෙඩි පිටින් පිලිගැනීමක් ලෝකයේ වෙනත් කිසි රටක සිදුනොවේ. මෙම වර්ගීකරණ‍ෙය් දාර්ශණික, සෛද්ධාන්තික හා ව්‍යවහාරය පිළිබඳව බොහෝ කරුණු ලොව පුරා විවාදයට බඳුන්වීඇත. අද දවසේ ලොව පුරා සිටින සැබෑ උගතුන්ගේ හා ක්‍රියාකාරිකයන්ගේ වගකීම වන්නේ මේ යථාර්තය අවබොධකොටගෙන ඊට එරෙහිව පෙරමුණගැණීමයි. මෙවැනි සැබෑ උගතකු වශයෙන් අද ලොව සිටිනා ප්‍රබලම හා විශිෂ්ඨම පුද්ගලයා, දයිවයේ සරදමකටමෙන් බිහිව ඇත්තේ ද ඇමරිකාවෙන්මය. ඔහුනම් මෑත කාලයේදී මේ “අසාර්ථක රාජ්‍ය” තුරුම්පුවේ රඟ ඌරාගේ මාලු ඌරාගේ පිටේම තබා කපනා අයුරින් පහදන ග්‍රන්ථයක් FAILED STATES The Abuse of Power and the Assault on Democracy නමින් පසුගිය වසරේදී ලියූ නෝම් චොම්ස්කිය. ඔහු මේ පොතින් පැහැදිලි කරණා කරුණක් නම් ලොව වටා අනෙකුත් රටවලට “අසාර්ථක රාජ්‍ය” ලේබලය ගසමින් ඒ රටවල්යටත්කරගෙන ඒ තුල තම අධිරාජ්‍ය පතුරන ඇමරිකාව, දර්පණයකින් තමාදෙසම බැලුවහොත් පෙනෙනු ඇත්තේ තමනුත් “අසාර්ථක රාජ්‍ය”ක් බවයි. “Among the hardest tasks that anyone can undertake, and one of the most important, is to look honestly in the mirror. If we allow our selves to do so, we should have little difficulty in finding the characteristics of FAILED STATES right at home. ”
සාමාන්‍යයෙන් දැන් කවුරුත් පිලිගන්නා කාරණයක් නම් අපේ මහලොකු උගතුන් ලෙස සලකන අය සැබැවින්ම, බටහිර නිපදවන අදහස් නැවත වමාරණ අනුකාරකයන් රැළක් බවයි.(නලින් ද සිල්වා මහතාට පින් සිදුවන්නට) නමුත් මට හිතෙන්නේ මුන් ඊටත් වඩා හොරුන් රැළක් බවයි. මේ උගත්තුතුන්ට කිසිවිටෙක ඇමරිකාවට අවංකවම එරෙහිවන අදහසක් වැරදිලාවත් වැමෑරෙන්නේ නැත. ඔවුනට “අසාර්ථක රාජ්‍ය” තේරෙන්නේ ඇමරිකාවට උවමනා ආකාරයට පමණි.

No comments: