Thursday, June 12, 2008

යුද්ධයද සාමයද

යුද්ධයද සාමයද
කෆීර් යානයක් කන ගාවින් යනවා ඇහිලා ඇහැරුනා. කාලෙකට පස්සේ දැක්කේ. මහින්ද ජනාධිපති වුනාට පස්සේ දෙතුන්පාරත් ගුවන් තොටුපල වටේ කැරකුනාට උතුරට යනවා දැක්කේ නෑ. ඉස්සර නම් කෆීර් එකක් උතුරට ගියාම ආපහු එන්න ඕන වෙලාවත් දන්නවා. ඒ තරමට සද්දේ හුරුවෙලා තිබුනේ. මේ පාරනම් නග්ගපු එවා රවුමක් කරකවලා බැස්සුවේ නෑ. යුද්දේ පටන්ගත්තා කියලා මට තේරුනා.මිනීමරු කොටි කල්ලිය විසින් ලංකාණ්ඩුව නැවතත් යුද්ධයකට කැඳවා තිබේ. යුද්ධයේ ආසන්නතම හේතුව හමුදාපතිවරයා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමයි. බෝම්බය එල්ලකලේ කවුරුන් විසින්දැයි මෙහි නොකියන ලද්දේ බීබීසීයට මෙන් එය හිතාගත නොහැකි නිසා නොවේ. සිංහලෙන් ලියා ඇති මෙය කියවන සියලු දෙනා එය හොඳින් ම දන්නා බැවිනි. සටන් විරාමය අස්සේ හතරවැනි ඊලාම් යුද්ධය ඇරඹුවේ මීට බොහෝ ඉහත වුවද යුද්ධයට ආණ්ඩුව කැඳවනු ලැබුයේ හමුදාපතිවරයාට එල්ල වූ ප්‍රහාරයත් සමඟය.සාමහ සඳහා කැපවී ඇතැයි කියන එල්ටීටීය (මෙය පිලිගන්නා කවුරුවත් නැත. නමුත් මෙය දිගින් දිගටම වමාරන අය සිටිති) එක්වරම කිසිදු හේතුවක් නොදක්වා සාමයට පයින් ගැසුවේ ඇයි. මහින්ද චින්තයත් එක්ක සාකච්ඡා කිරීමෙන් තමන්ගේ ඉල්ලීම් ලබාගැනීමට නොහැකි බව ඒත්තු ගොස් ඇති නිසායැයි ඇතැමෙක් කියති. බටහිර රටවල් විවිධාකාරයේ තහනම් පනවාගෙන එන නිසායැයි ඇතැමෙක් කියති. ඇතැමෙකුට අනුව එල්ටීටීඊය තවදුරටත් සාමය සඳහා පෙනීසිටින අතර හමුදාපති ඝාතන තැත ද කදිරගාමර් ඝාතනය වැනි එක් සිද්ධියක් පමණකි.දැන් ඉතින් ආණ්ඩුවේ ගුවන් ප්‍රහාරත් සමඟම ඔන්න ආණ්ඩුව යුද්දේ පටන්ගත්තා කියා මොරදෙන්නට එන්ජීඕ බත් බැලයෝ පොරකනු ඇත. කදිරගාමර් ඝාතනයේදීවත්, මේජර් මුතාල්ෆ් ඝාතනයේදී වත් හමුදාපතිට එල්ල කල බෝම්බ ප්‍රහාරයේදීවත් ඔන්න එල්ටීටීඊය යුද්දෙ පටන්ගත්තා කියන්න හිතුවේවත් නැති කොටින්ගෙන් නඩත්තු වෙන වන්දිභට්ටයෝ ගුවන් ප්‍රහාරවලින් පලවෙනි කොටි බංකරය විනාශ උන ගමන් අපොයි අම්මෝ අහිංසකයාගේ පැල ඉවරයි කියා උඩුබුරන්නට බලාගෙන සිටිති.කෙසේවුවත් යුද්දේ පටන්ගත්තේ ඇයි. ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව ෂේප් කරගන්නේ නැතුව ආණ්ඩුවට යුද්දෙකට යන්න බෑ, ගියොත් අමාරුවේ වැටෙයි, ආධාර නවතියි කියලා කියන අය ජාත්‍යන්තර ප්‍රජාව තරහා කරගෙන එල්ටීටීඊයට යුද්දෙකට යන්න පුලුවන් දැයි සිතාබැලිය යුතුය. ආණ්ඩුවට වඩා යුද්දෙකදී ජාත්‍යන්තර ප්‍රජාව තරහා නොකරගැනීමට ක්‍රියාකල යුත්තේ කොටි සංවිධානයයි. ඔවුන්ගේ සියලු යුධමය සැපයුම් හා අරමුදල් ලැබෙන්නේ විදේශ රටවල් හරහායි. එනිසා ඇත්ත කතාව නම් එල්ටීටීඊයේ මෙම යුධ ආරාධනාව ඔවුන්ගේ කැමැත්ත කෙසේ වුවත් ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවගේ බලපෑමෙන් සිදුවූ දෙයක් බවයි. බටහිරයෝ මේ යුද්දේ පටන්ගන්න කලින් කල දේවල් එකිනෙක ගෙන බලමු. කැනඩාවේ කොටි තහනම, යුරෝපටය් තහනම් කිරීමේ සැලසුම් ආදිය පිලිවෙලට සිදුවෙනකොට අපි හිතන්නේ කොටි ජාත්‍යන්තරව කොන්වේගෙන යන බවයි. මේ සියලු දේවල් වලින් ජාත්‍යන්තර ප්‍රජාව කොටි විරෝදී බවක් පලකොට මහින්ද ගේ යුද්දෙට නොකියා හා කියන තත්වයක් මවා පාලා තියනවා. ඒ එක්කම කොට් සංවිධානය හමුදාපතිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකරනවා. ආණ්ඩුවත් ප්‍රතිප්‍රහාර පටන්ගන්නවා.බටහිරයන්ට ලංකාවේ දැන් තියන ප්‍රධානම ප්‍රශ්ණේ තමයි මහින්ද චින්තනය. ඉතින් ඔවුන් කල්පනාකරන්නේ මේ මහින්ද චින්තනය ගෙදර යවලා ආයෙත් වතාවක් පරගැති චින්තනයක් මේ රටේ රජ කරවන්නේ කොහොමද කියලා. මහින්ද මේ විධියට සාමෙ කලොත් නම් ආත්මෙකට එලවන්න බැරි නිසා යුද්දෙකට ඇදලා දාලා කෑගහන්න හදන්නේ මෙන්න මිනී මරනවෝ කියලා. ඊට පස්සේ මේ රටේ ඉන්න අවජාතක එන්ජීඕ කාරයෝ ටිකයි ඊනියා ජාත්‍යන්තර ජනමාධ්‍යයයි එකතු වෙලා මානව හිමිකම් ආදී නොයෙක් ගජබින්න කියාගෙන රට පෙරලන්න හදාවි. රටට වඩා බඩ ගැන හිතන නායකයෝත් අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ඔකනේ අපි කිවිවේ, අපිට කරන්න දුනනෙත් නෑ නේ කියලා කියාවි. බඩු මිලත් ටික ටික ගනන් යන අතරම ආධාරත් සීමාකරලා මිනිස්සුන්ට පීඩනක් දැනෙන්න ඇරලා රට පෙරලන්න හදාවි. සමහරවිට විදේශ හමුදාවක් ගොඩබස්සන්න හිතාගෙන ඉන්නවද කියන්නත් බෑ.ඉතින් කෙනෙක් හිතන්න පුලුවන් අපිට ගොඩයාමක් නැද්ද කියලා. සාමයත් බටහිර උගුලක්, යුද්ධයත් බටහිර උගුලක්. මේ උගුල් දෙකේ පැටලෙන්නේ නැතුව හරියට සාමය (එල්ටීටීඊය සමඟ මේක කරන්නට බැරි බව පැහැදිලිය) හෝ යුද්ධය කලොත් නම් ජයගන්න පුලුවන්. මෙහිදී වඩා වැදගත් වෙන්නේ ජනතාවගේ යුධ දේශපාලන දැනුම. ජනතාව සවිඥ්ඤාණිකව ප්‍රශ්ණය තේරුම් අරගෙන අවස්තාවාදීන්ටත් බටහිර මංකොල්ලකාරයිටවත් කඩේ යන්නේ නැතුව ජනාධිපතිතුමාට ශක්තිය ලබාදුන්නොත් අපට යුද්ධය ජයගන්න හැකිවෙනවා නියතයි.

No comments: