Monday, June 23, 2008

ස්තී‍්‍ර දූෂණය යුද උපායක් මෙන්ම අන්තරජාතික ආරක්‍ෂාවට තර්ජනයක්’’

2008 ජූනි 20 වෙනි සිකුරාදා,
- එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්තී‍්‍ර දූෂණය යුද උපායක් මෙන්ම අන්තර් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් ලෙස සලකා විභාග කෙරෙන යෝජනාවක් සඳහා එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ආරක්‍ෂක මණ්ඩලයේ ඒකමතික අනුමැතිය පල වී ඇත. මේ පිළිබඳව වැඩි දුර සොයා බැලීම හා ඒ සඳහා විසඳුම් සෙවීමට එක්සත් ජාතීන් ගේ සංවිධානය ලබන වසරේ ජුනි මස රැස්වීමට නියමිතය. මෙය ඓතිහාසික ප‍්‍රගතියක් බව මානව හිමිකම් සංවිධානවල අදහසයි. මේ පිළිබඳව අදහස් දක්වන එක්සත් ජාතීන් ගේ මහ ලේකම් බැන්කි මූන්, යුද්ධයක් පැවැති රටවල කාන්තාවන්ට එරෙහිව සිදු වන ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයා පිළිකුල් සහගත ලෙස ඉහළ ගොස් ඇති බවත්, මෙයට එරෙහිව පියවර ගැනීමට ජාතික මට්ටමින් නායකත්වයක් අවශ්‍ය බවත් පැවසීය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් කොන්ඩලීසා රයිස් පැවැසුවේ, ස්තී‍්‍ර දූෂණ මඟින් කාන්තාවන් ගේ සෞඛ්‍යයට හා ආරක්‍ෂාවට පමණක් නොව, එම රටවල ආර්ථික හා සමාජීය ස්ථාවර භාවයට ද බලපෑම් එල්ල වන බව ලෝක ප‍්‍රජාව පිළිගෙන ඇති බවයි. යුගෝස්ලාවියාව, සුඩානයේ ඩාෆුර් කලාපය, කොන්ගෝ ජනරජය, රුවන්ඩාව, ලයිබීරියාව වැනි අර්බුදයන් තිබෙන ප‍්‍රදේශවල ස්ත‍්‍රී දූෂණ විශාල ලෙස සිදු වේ. කෙසේ නමුත්, මේ සම්බන්ධව අලූතින් පියවර ගනු ලැබූව ද, එම සිද්ධීන් වාර්තා වන ප‍්‍රදේශවල වෙනසක් සිදුවේදැයි විශ්ලේෂකයෝ ප‍්‍රශ්න කරති.

No comments: