Monday, June 30, 2008

වෙන්ඞ්ට් එකෙන් ඔබ්බට, විකෘති- විඳීම් සටහන.

ඔවුහු රඟති. ක්රමයේ් අවජාතක ඵලය ප්රොසීනියම් වේදිකාව මත ප්රති නිර්මාණය කරති. හිරිකිත පාරිභෝජනවාදයේ් පිඹුරා විසින් ගෙල හිර කරන ලදුව- තරඟ බලූ පොරයෙන් විඩාබරව- හප කරන ලද මල් සදිසි දරුවන් වේදිකාව මත වැටෙති. මිනිස්කම් වෙනුවට ප්රාග්ධන සමුච්ඡුනය යෝජනා කරන අවකාශයක ක්ලාන්තව වැටෙති. කලාවට ජීවිතය වින්දනයට යෙදවිය යුතු විවේකය ඔවුන්ගේ් පරම සතුරාය.විද්යා විෂයද - කලාවද?කලාව කෙරුවොත් මලා වගෙයි.....!චී චී චීලැජ්ජ නැද්ද?අපේ එකෙක් කලාව කොරන්නෙ?කවුද උඹ දිහා බලන්නේ-විද්යාවයි ගනං ගන්නෙ-අඩු තරමේ වාණිජවත්.....ජීවිතය නමින් වෙස් ගැන්වූ පරිස්සමින් රචනා කරන ලද ප්රබන්ධයක් ක්රමය විසින් හඳුන්වා දී වැඩෙහි යොදවා තිබේ.ප්රියංගනී ඇවිදින දොස්තර යන්ත්රයක් වෙන්නේ ද, සරණපාල බේබද්දෙක් වෙන්නේ ද, ජගත් පිස්සෙක් වෙන්නේ ද ඒ ප්රබන්ධය තුළයි.වේදිකාව මත ප්රති-නිර්මාණය වන අපේම දරුවන්ගේ ලෝකය දෙස බල බලා පැයකුත් අඩ හෝරාවක් ජම්බෝ පීනට් කමින් අපි මේ ට්රැජඩිය එන්ජෝයි කරමු. අපේ ආසනය ළඟ දෙපැත්තේ සම්පත් ද ප්රියංගනී ද සිටී.කර්ටන් කෝල් එකෙන් පසු- ඔවුහු අම්මාගේ තාත්තාගේ අතැඟිල්ලේ එල්ලී ලයනල් වෙන්ඞ්ට් එකෙන් එළියට විත් හයිලෙවල් පාර දිගේ සැබෑ නාට්යයට ඇතුළු වෙති. ගෙවල් වල- පාසැල් වල- ටියුෂන් කඩ තුළ- රැකියා වෙළඳපොළේ- මුළුමහත් සමාජයේ ඒ නාට්යය පෙන්වනු ලැබේ. එහි නම විකෘතිය.ඉක්බිති ප්රියංගනීලා සම්පත්ලා සරණපාලලා ජගත්ලා සෙමින් ඉදිරියට එති. ඔවුන්ගේ දෙනෙත් මේ ක්රමය නිර්ලජ්ජිත ලෙස නිද්රාශීලි ලෙස ඉවසන ඔබේ ඇස් වලට එල්ල වී තිබේ. ඔවුහු ගයති. ඔව්. ඔවුහු එය ගයති.කෑමට බීමට - ඇඳුම පැළඳුමටගෙයට දොරට - යාන වාහනයටතරඟයක් නැති ලොවක්සැම සම වෙන ලොවක්ළඟා කර දෙන්නගුරුනි දෙගුරුනි අපට-සහජ දස්කම් අනුවරුචිය අරුචිය අනුවවැඩ පුහුණු වන්නටනිපැයුමෙහි යෙදෙන්නටසහන ගෙන දෙන ලොවක්ළඟා කර දෙන්නගුරුනි දෙගුරුනි අපට-

No comments: