Thursday, June 12, 2008

පැණි වරකා ගහට හෙණ ගැහීම

පැණි වරකා ගහට හෙණ ගැහීම
June 21, 2007 at 1:27 am (lanka, sinhala, sri lanka, unicode)
කොටි වෙබ් අඩවිය දේශීය සේවාදායකයන් හරහා පිවිසීමට ලංකාරජය විසින් වාරණයකොටති‍බීම මේ දිනවල බොහෝ අයගේ විවේචනයට ලක්වෙයි. පේනෙන හැටියට ලංකාවේත් බොහෝ ජාල හා ජංජාල මාධ්‍යවේදීන්ගේ ප්‍රවෘති සැපයුම්කරු කොටි වෙබ් අඩවිය වාගෙයි.
පළමුවෙන්ම කිවයුතුදෙය නම් මෙය කිසිම ඵලක් නොමැති අනවශ්‍ය ක්‍රියාවකි. රජයේ සිටින තවත් එක් මුග්ධ ICT උපදේශකයෙකුගේ වැඩක් වගෙයි. ලොකයේ බොහෝ රටවල් මෙවැනි ජංජාල වාරණ කරන්නට දඟලයි, නමුත් කිසිවෙකුට එය හරියට කරගන්නට බැරිවී ඇත. මේ වෙලාවේ රජය උත්සාහකලයුත්තේ මෝඩ උපදේශකයන්ගේ උගුල්වල නොපැටලී කරගෙනයන වැඩේ කෙලවරක්කිරීමයි.
දැන් අපි අපේ සාම-ජාලකාරයන්ගේ වෙබ් කුලප්පුව ගැනත් කතා නොකලොත් අඩුවකි.
එකෙකුට අනුව ටැමිල් නෙට් යනු නිදහස් මතධාරීන් පිරිසකගේ අඩවියකි.තව එකෙකුට අනුව එය ලේක්හවුස් පත්තරයක් වාගේය.කොටි වෙබ් අඩවිය හිර කිරීම මෙයාලාට හරියට “පැණි වරකා ගහටත් හෙණ ගැහුවා” වාගේළු.
ඇත්ත!ඇත්ත! අපූරු පැණි වරකා ගහත. මොනවද මේ කතා.
මේ ගැන ඉංගිරිසියෙන් බ්ලොගක් ලියන‍ අයෙකු කියාතිබුනේ“ටැමිල් නෙට් නැතිඋනාට මොකද, මේ සාම-ජාලකාරයන්ගේ වෙබ් අඩවි තියෙන්නේ ඒ වැඩේ ඊට වඩා හොඳට කරගෙනයන්න.”මසුරං කියමන

No comments: