Monday, June 30, 2008

Waiting for ....... - " The Suffering of Being "

Waiting for ....... - " The Suffering of Being "
ඔබ සැමුවෙල් බෙකට්ගේ Waiting for Godot නාට්‍යය ගැන අසා තිබෙනවාද?එය 1948 දී ප්‍රංශ භාෂාවෙන් ලියා, 1953 ජනවාරි මස 5වන දා පළමු වරට වේදිකා ගත වුණා.සිංහලෙන් එය "ගොඩෝ උන්නැහේ එනකං" යනු‍වෙන් වේදිකා ගත වුණා.මට මතක හැටියට ලංකාවේ විකාර රූපී නාට්‍ය සමිබන්ධයෙන් කලක් යන තුරු පැවති එකම උදාහරණය එයයි.

කවදාවත් එන්නේ නැති කෙනෙකු එනකං බලා ඉන්නා දෙදෙනෙකුගේ එම බලා ඉඳිල්ල ගැනයි එම නාට්‍යය ගොඩ නැගී තිබෙන්නේ.
ගොඩෝ කියා කෙනෙකු ඉන්නවාදැයිවත් ඔහු එනතෙක් බලා ඉන්නා දෙදෙනා දන්නේ නැහැ.මේ නාට්‍යය ගැන කතාකිරීම මඳකට කල් තබමු.

ඔබත් බොහෝ විට එලෙස කෙනෙකුන් එන තුරු බලා සිට ඇති නේද ?
මටත් එවැනි විටෙක ලියැවුණ කුඩා සංකල්පනාවක් මතක් වුණා.
පෙර දවසක සටහන් කෙරුණු...

හැබැයි .. කවදා හරි එනු ඇතැයි තවමත් සිතෙන..

සඳත්, කුමුදත් නිහඬවම සිනා සී
නිදි වරණ මට සරදම් කරයි..
සීත සුළඟත් මා තුරුළු කරගෙන
තනි වු හදවත පාරවයි

කොතෙක් නම් මග බලා උන්නත්
අපිට අපි තවමත් දුරයි
සෙනෙහසින් ඔබ හමුවෙතැයි සිතු
තවත් දවසක් අඳුරේ ගිලෙයි

No comments: