Monday, June 23, 2008

සාම සාකච්ඡා අවශ්‍ය නම් සැලැස්මක් දෙන ලෙස සාම ලේකම් එල්.ටී.ටී.ඊ. යට කියයි - ලක්බිම

2008 ජූනි 22 වෙනි ඉරිදා, 05:35

සාම සාකච්ඡා යළි ඇරඹීමට එල්.ටී.ටී.ඊ. සංවිධානයට සැබෑ ඕනෑකමක් ඇති නම් ඒ සඳහා සැලැස්මක් ඔවුන් නෝර්වීජියානු පහසුකම් සපයන්නන්ට භාර දිය යුතු බව රජයේ සාම මහ ලේකම් කාර්යාලයේ ප‍්‍රධානි මහාචාර්ය රජීව විජේසිංහ මහතා පැවැසීය. සාම කතාබහට සැලැස්මක් එල්.ටී.ටී.ඊ. ය භාර දෙන්නේ නම්, එය නෝර්වීජියානු රජය හරහා තමන්ට ලැබෙනු ඇති බවත් ඒ මහතා කියයි. තම සංවිධානය සාම සාකච්ඡා සඳහා සූදානම් බවට එල්.ටී.ටී.ඊ. ය ගෙන යන ප‍්‍රචාරය පිළිබඳ කළ විමසුමක දී මහාචාර්ය රජීව විජේසිංහ මහතා මේ බව කීය. සාම සාකච්ඡා යළි ආරම්භ කිරීමට ප‍්‍රථම එල්.ටී.ටී.ඊ. ය අවි බිම තැබීම හෝ මධ්‍යස්ථ පිරිසකට අවි භාර දීම කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

No comments: